අන්තර්ජාල පැකේජ සහන සහ සන්නිවේදන පහසුකම් පුළුල් කරන ලෙස වගකිව යුතු අංශ වෙතින් ඉල්ලීම.

The Issue
වත්මන් කොවිඩ්-19 තත්ත්වය හමුවේ පාසල් දූ දරුවන් සහ විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතුවල නිරතවන විද්‍යාර්ථීන් දැඩි අපහසුතාවකට මේ වනවිට පත්ව ඇත. මෙහිදී Zoom, Microsoft Teams, Google Classroom වැනි යෙදුම් භාවිත කරමින් දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා බොහෝ ගුරුභවතුන් සහ දෙමාපියන් විශාල වෙහෙසක් දරයි. නමුත් තවමත් නොවිසඳුනු පහත ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස ‘‘විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙතින්, අධ්‍යාපන අමාත්‍යංශය වෙතින්, ශ්‍රී ලංකා රජයෙන් සහ සියලුම දුරකථන සන්නිවේදන සමාගම් වෙතින්“ මහජනතාව මෙයින් ඉල්ලා සිටියි.
- දිවයිනේ සෑම ප්රදේශයකටම එක හා සමානව Network Coverage ලබා දිය යුතු බවට,
- Zoom, Microsoft Teams, Google Classroom වැනි යෙදුම් සඳහා දැනට පාරිභෝගික ජනතාව අතරින් සැම දෙනාටම දැරිය නොහැකි ප්‍රමාණයේ Data ගාස්තු අය කෙරෙන අතර තව දුරටත් එම අය කිරීම් අඩු කළ යුතු ය. නැතහොත් මෙම වසංගත තත්ත්වය පහව යන තුරු ඉහත වෙබ් අඩවි සහ ඉගෙනුම් සම්පත් සඳහා වන Data ගාස්තු ඉවත් කිරීමට කටයුතු කරන මෙන්,
- දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ අරමුණින් දෙමාපියන් විසින් Laptop පරිගණක සහ දුරකථන මිළ දී ගැනීමට නැඹුරු වී ඇති අතර, එය ලාබ ලැබීමේ ක්රමෝපායයක් ලෙස ඇතැම් වෙළඳ මහතුන් භාවිත කරන අතර අවශ්‍ය උපාංග මෙරටට ගෙන්වීමට හෝ රට තුළ නිෂ්පාදනය කර, සියලු සමාජ ස්ථරවල දෙමාපියන්ට දැරිය හැකි මට්ටමේ මිළකට ලබා දීමට කටයුතු කරන මෙන්,
- දරුවන්ට තනිව භාවිත කළ හැකි පරිදි සුදුසු Tab යන්ත්‍රයක් හෝ උපාංගයක් සියලු ශිෂ්‍ය ප්‍රජාවට මිළ දී ගත හැකිවන පරිදි ශ්‍රී ලංකා රජය විසින් මහජනතාවට හඳුන්වා දීම ඉතා අර්ථාන්විත බව,
- අන්තර්ජාල පරිසරය දරුවන්ට සුදුසු පරිසරයක් බවට පත් කිරීමට දෙමාපියන්ට පාලනය කළ හැකි (Parental Control) අන්තර්ජාල සේවා පැකේජ හඳුන්වා දීමට සේවා සපයන ආයතන ISP ප්‍රමුඛත්වය ගත යුතු බවට
සමස්ත ශ්‍රී ලාංකික මහජනතාව විසින් ඉල්ලා සිටිනු ලබයි.
දරුවන් අන්තර්ජාල විෂමාචාරයන්ගෙන් ආරක්ෂා කිරීමට ISP සහ දෙමාපියන් දෙපිරිසට කටයුතු කළ හැකිය

Petition Closed
Share this petition
The Decision Makers
Petition Updates
Share this petition
Petition created on 7 June 2021