Re-start Wild Asia

This petition had 317 supporters

The Issue

Wild Asia has been a documentary series run on the national channel, Rupavahini since 2007. It being a programme dedicated towards wildlife, its main aspect is to build people's minds into loving the fauna and flora and giving a mindset that these wild animals are friends and they aren't to be hunted. Wild Asia has been a programme that is watched by all ranks as well as age groups of people. From young kids to senior citizens even from elderly homes write to Wild Asia. Additionally the programme is watched by students from across the island. Wild Asia is a programme series that very much helps students to increase their knowledge on the fauna and flora as well as helps keep track with their school syllabus. On the other hand many government university students gather knowledge from the programme that helps them a lot on their project work. 

Since this programme has been stopped broadcasting since early September we would like to get Wild Asia continued as there are a huge amount of viewers waiting for it.

 

වයිල්ඩ් ඒෂියා වැඩසටහන ආරම්භ කළේ වනාන්තර තුල  ඇතිවී පැවතී නැතිවී යන වනසතුන්ගේ ජීවනරටා  පටිගතකර පෙන්වීමෙන් සතුන්ට ආදරය කරන සමාජයක් ඇති කිරීමටත් ,මානසික වශයෙන් සෑම සතෙකුටම මේ මිහිතලයේ අපට සේම ජීවත්වීමේ අයිතියක් ඇති බවත්  අවබෝධ කිරීමට ය. 

මෙලෙස සත්ත්ව ජීවනරටා පටිගතකර  පෙන්වීම තුලින් ඉතා බුද්ධිමත් සත්ත්ව සමාජයක් ඇති බව පැහැදිලිවම මිනිසුනට අවබෝධ වී  ඇත. මේ බව  වයිල්ඩ් ඒෂියා නැරඹු ප්‍රේක්ෂක ජනතාව එවන ලද  ලක්ෂ දහයකට ආසන්න ලිපි හා තැපැල්පත් වලින් ද සනාතවිය.   

වසර පහළොවකට  ආසන්න කාලයක් වයිල්ඩ් ඒෂියා වැඩසටහන සමග ලබා ගත් අත්දැකීම් අනුව  අප රටේ පිහිටි ඝන වනාන්තර හා සතා සීපාවා  පිළිබඳ සවිස්තරාත්මක හා පර්යේෂණ දත්ත ඇතුලත් වයිල්ඩ් ඒෂියා වාර්තා වැඩසටහන් මාලාව සතිපතා 2007 ජනවාරි මස 27 වන දිනසිට විකාශය ආරම්භ වූ අතර 2015.09.05 වන දින දක්වා ජාතික ලොතරැයි මණ්ඩලයේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් සෑම සෙනසුරාදා දිනකම පස්වරු 06:00 – 06:30 අතර ගුවන් කාලයේ  ජාතික රූපවාහිනියෙන් ප්‍රචාරය විය.

වයිල්ඩ් ඒෂියා වැඩසටහන බාල තරුණ මහලු යන වයස් ඛාණ්ඩවලට අයත් සියලු දෙනා අතර ජනප්‍රිය වැඩසටහනකි. මේ මගින් සමාජය තුල සතා සීපාවා ගහ කොළ පිලිබඳව ආකල්පමය වෙනසක්  සිදු වී ඇත. මේ මානසික වර්ධනය ශ්‍රී ලංකාවේ පිහිටි ස්වාභාවික සම්පත් ආරක්ෂා වීමට මහගු පිටිවහලකි.

ශ්‍රී ලංකාවේ වනාන්තරවල ජීවත්වන එක් එක් වන සතුන්ගේ එකිනෙකට වෙනස් පාරිසරික සජීවී හැසිරීම් රටා වයිල්ඩ් ඒෂියා වැඩසටහන තුලින් ඉදිරිපත් කිරීම හා සතුන්ගේ ජීව දත්තයන් ඉදිරිපත් කිරීම තුලින් සමස්ත සමාජයම වනසතුන් පිළිබඳව  ප්‍රායෝගිකව පූර්ණ අධ්‍යයනයක් ලබාගත් අතර  පාසල් අධ්‍යාපනයේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් සඳහා දැනුම ලබා ගැනීමට ද, විවිධ ව්‍යාපෘති වලට දැනුම ලබා ගැනීමට ද උපකාර වූ වැඩසටහනක් ම විය.   

සතුට ,විනෝදය සමග අධ්‍යාපනය ද මුසුවූ සතා සීපාවා ගහ කොළ ඇතුලු ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීමේ පණිවිඩය ඇතුලත් වයිල්ඩ් ඒෂියා  වැඩසටහන ජනතාවට  නැරඹීමට යලි අවස්ථාව ලබා දී  

පරිසරය සුරැකීමේ ස්ථිර වැඩපිළිවෙලකට අවධානය යොමු කිරීම තුලින් ජාතික වගකීමක් ඉටු කිරීමට සද්භාවයෙන් යුතුව නිෂ්පාදනය කළ වයිල්ඩ් ඒෂියා වැඩසටහන සමස්ත ජනතාව වෙනුවෙන් යළි  ආරම්භ කරන මෙන් මෙයින් ඉල්ලා සිටිමි.   

avatar of the starter
Wild AsiaPetition Starter

The Decision Makers

Ms. Shyamila Perera
Ms. Shyamila Perera
Chairperson National Lotteries Board
Honourable Maithripala Sirisena
Honourable Maithripala Sirisena
President of the Democratic Socialist Republic of Sri Lanka
Hon. Ranil Wickremesinghe
Hon. Ranil Wickremesinghe
Prime Minister of the Democratic Socialist Republic of Sri Lanka
Hon. Ravi Karunanayake
Hon. Ravi Karunanayake
Minister of Finance
Hon. Gamini Jayawickrama Perera
Hon. Gamini Jayawickrama Perera
Minister of Wildlife Conservation

Petition Updates

Share this petition

Petition created on 19 October 2015