An Open Letter to the First Lady of Sri Lanka

An Open Letter to the First Lady of Sri Lanka

Started
5 April 2022
Signatures: 220Next Goal: 500
Support now

Why this petition matters

To: Mrs. Ioma Rajapaksa, The First Lady of Sri Lanka

Open Letter from One Mother to Another During a Time of Crisis

We the mothers of Sri Lanka seek your help, having nothing left in hearts, hands and in our households.

Our children are suffering the consequences of the actions taken under the leadership of your husband and his family. Our hearts break to helplessly watch our children suffer the immediate effects of fuel shortages and power cuts, and difficulty in sourcing essentials needed for their nourishment. We dread to think of the future where we may not be able to afford to give them a daily meal or a sound education. We appeal to you as we believe you will understand the heavy feeling in our hearts as a mother.

We have chosen to stay and contribute to our motherland with our skills, knowledge and by passing that on to the future generation. We strongly feel the need to bring up our children in their motherland with freedom, respect, and dignity. But we have been robbed of that dream.

Therefore, we humbly ask of you as the First Lady of Sri Lanka, the woman with the rightful voice on behalf of all Sri Lankan women, please do what you can in your power to help your husband make the right decision for the sake of the country, putting aside all selfish aspirations. Appeal to your husband with any ounce of love you have for this country and its sons and daughters. Ask him to step down gracefully and make way for people with the expertise to rescue us from this economic crisis.

Please help us protect our families as you have protected your own. We only want a better tomorrow for our children!

From the Mothers of Sri Lanka


ජනපති ආර්යා අයෝමා රාජපක්ෂ මහත්මියනි,

ශ්‍රී ලාංකික මව්වරුන් වෙනුවෙන් කරනා කාරුණික ආයාචනයයි

මෙරට පත්වී තිබෙන මේ දුර්දාන්ත හා අවාසනාවන්ත තත්ත්වය හමුවේ, ශ්‍රී ලාංකික මව්වරුන් වශයෙන් අප හදවතින් ද, සිතින් ද, අත මිටින් ද, හිස් වූ මනුෂ්‍යයන් බවට පත්ව සිටිමු.

ඔබගේ ස්වාමිපුරුෂයා වන ශ්‍රි ලංකාවේ 7 වන විධායක ජනාධිපති, ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රාජපක්ෂ පවුල විසින් ගත් තීන්දු තීරණ හමුවේ අපගේ ස්වාමිපුරුෂයින් සහ දූ දරුවන් දුක්ඛිත වූ පල විපාක විඳිනු දැක්ම අපට දරා ගැනීමට බැරි තරම් දුකකි.

අපි තෙල් පෝලීම් වල ද, කිරිපිටි පෝලීම් වල ද, ගෑස් පෝලීම් වල ද සහ එකී මෙකී නොකී පෝලීම් වල ද, දිනකට පැය ගණනක් කප්පාදු කරනා විදුලිය හේතුවෙන් ද, දහදුක් විඳින අපේ දුවා දරුවන් දෙස මහත් කම්පාවෙන් සහ අන්ත අසරණභාවයෙන් යුතුව බලා සිටිමු. අපට අනාගතයේ අප දරුවනට දෛනික ආහාර වේලක් ලබාදීමට වත්, සුදුසු අධ්‍යාපනයක් ලබාදීමට වත් නොහැකි වීමේ අවදානම් තත්ත්වයක් මතුව ඇති නිසා අපි අපේක්ෂා භංගත්වයෙන් යුතුව බලා සිටිමු.

ඔබතුමිය මෙරට පළමු පුරවැසි කාන්තාව වූවත්, ඔබ භාර්යාවක්, මවක් හා මිත්තණියක් වූයේ එයට පළමුකොටගෙනය. එම නිසා ඔබට අපේ කඳුළු දැනෙනු ඇතැයි අපි විශ්වාස කරමු.

අපි ශ්‍රී ලංකාව හැර නොයා, ශ්‍රී ලාංකිකයින් වශයෙන් රටට කිසියම් හෝ දායකත්වයක් ලාබාදීම පෙරදැරි කරගෙන සිටින්නෙමු. අනාදිමත් කාලයක සිට අපේ රටේ මව්වරුන්, ඒ වෙනුවෙන් වීශාල කැපකිරීම් කර ඇත. අපගේ එකම පැතුම අප දූ දරුවන් වැදගත්, ශිෂ්ට, හොඳ පුරවැසියන් වීමය. එම පැතුම සාක්ෂාත් කරගැනීමට නම්, රට තුළ සාමය, සතුට සහ නිදහස ස්ථාපිත විය යුතුය; එය ප්‍රජාතන්ත්‍රවාදී රටක මූලික ලක්ෂණයකි. එහෙත්, අද අපේ රටේ පාලකයන් වන ඔබේ ස්වාමිපුරුෂයා සහ රාජපක්ෂ පවුල විසින් එම සිහින බොඳකර කඩා බිඳ දමා විනාශකර ඇත.

ඔබතුමිය මෙරට පළමු පුරවැසි කාන්තාව වශයෙන්, ඔබගේ හඬ අපේ අනෙකුත් සියලුම ලාංකික මව්වරුන්ගේ හඬ නියොජනය වීමට සැලැස්විය යුතුය. එබැවින්, අප‍ගේ කාරුණික ආයාචනය වන්නේ, උද්ගතවී ඇති මහජන ගැටලු වල බැරෑරුම්කම ඔබගේ ස්වාමිපුරුෂයා හට වටහා දී, ඔහුට රට ගැන සිතා නිවැරදි තීන්දු තීරණ ගැනීමට බලකිරීමක් කරන ලෙසය. ඔබතුමියගේ ස්වාමිපුරුෂයා හට ගෞරවාන්විතව ජනපති පදවියෙන් ඉල්ලා අස්වන ලෙසත්, මින් මතුවට රට පාලනය කිරීමට අත්දැකීම් බහුල, යම්කිසි වෘත්තීය පළපුරුද්දක් දැනුමක් ඇති විශේෂඥ කණ්ඩායමකට බාරදෙනු මෙන් ඉල්ලීමක් ඔබේ ස්වාමිපුරුෂයාගෙන් කරනු ඇතැයි අපි විශ්වාස කරමු.

අපගේ අවසාන ආයාචනය වන්නේ ඔබ ඔබතුමියගේ පවුල ආරක්ෂා කරන්නාක් මෙන්, අප මුළුමහත් ශ්‍රී ලාංකික මව්වරුන්ගේ පවුල් ආරක්ෂා කරගැනීමට ද සියලු සහයෝගය ලබාදෙන මෙන්ය.

මීට,

ශ්‍රී ලාංකික මව්වරුන්


திருமதி அயோமா ராஜபக்ஷ, இலங்கை முதல பெண்மணி அவர்கட்கு:

தொடரும் நெருக்கடியான நேரத்தில் ஒரு தாயிடமிருந்து இன்னொரு தாயிற்கு ஒரு கடிதம்

இலங்கையின் தாய்மார்களாகிய நாங்கள் உங்கள் உதவியை நாடுகின்றோம். எங்கள் இதயங்களிலும், கைகளிலும், வீடுகளிலும் எதுவுமே மிச்சிமில்லை.

உங்களுடைய கணவர் மற்றும் அவரது குடும்பத்தின் தலைமைப் பொறுப்பில் எடுக்கப்பட்ட நடவடிக்கைகளின் விளைவுகளை தற்போது எங்கள் பிள்ளைகள் அனுபவிக்கின்றார்கள். எரிபொருள் தட்டுப்பாடு, தொடரும் மின்வெட்டின் விளைவுகள் மற்றும் தேவையான ஊட்டச்சத்து பெறமுடியாமல் எங்கள் குழந்தைகள் அல்லலுறுவதைக் கண்டு உதவிகளின்றி எங்கள் இதயம் சுக்கு நூறாக உடைகின்றது. எதிர்காலத்தில் அவர்களுக்கு நாளாந்தம் தேவையான உணவினையோ அல்லது சிறந்த கல்வியோ எங்களால் வழங்க முடியாமல் சென்று விடுமோ என்று நாம் அச்சமடைந்துள்ளோம். ஒரு தாயாக நீங்கள் எங்கள் இதயங்களில் உள்ள கனமான உணர்வினை புரிந்துக் கொள்வீர்கள் என்பதால் உங்களிடம் முறையிடுகின்றோம்.

எங்களுடைய திறன், அறிவினூடாக எமது தாய்நாட்டினை பாதுகாத்து எங்கள் எதிர்கால சந்ததியினருக்காக வழங்குவதற்கு நாம் தெரிவு செய்துள்ளோம். எங்கள் குழந்தைகள் அவர்களுடைய தாய்நாட்டில சுதந்திரமாக, மரியாதையுடன் மற்றும் கண்ணியத்துடனும் வளர்க்கப்பட வேண்டும் என்பதை நாம் உறுதியாக உணர்கின்றோம். ஆனால் அந்த கனவை நாங்கள் பறித்துவிட்டோம்.

ஆகவே, இலங்கையின் முதல் பெண்மணி என்ற வகையில், இலங்கையின் அனைத்து பெண்களின் சார்பாகவும் அவர்களின் உரிமைக்காக குரல் கொடுக்கும் பெண் என்ற வகையில் உங்கள் சக்தியால் முடிந்தவற்றை செய்வதுடன் உங்கள் கணவர் அனைத்து சுயநலமான அபிலாஷைகளை ஒதுக்கி வைத்து நாட்டிற்காக சரியான முடிவுகளை எடுப்பதற்கு துணை நில்லுங்கள். இந்த நாட்டின் மகன் மற்றும் மகள்கள் மீது நீங்கள் வைத்திருக்கும் அன்புடன் இதனை உங்கள் கணவரிடம் முறையிடுங்கள். இந்த பொருளாதார நடவடிக்கையிலிருந்து எங்களை மீட்பதற்கு நிபுணத்துவம் வாய்ந்த ஒருவருக்கு வழிவிட்டு அவரை மனதார பின்வாங்கும்படி கேட்டுக் கொள்ளுங்கள்.

உங்கள் குடும்பங்களை நீங்கள் பாதுகாப்ப து போல் எங்களுடைய குடும்பங்களை பாதுகாக்க எமக்கு உதவுங்கள். எங்கள் குழந்தைகளுக்கு சிறந்த நாளையை மாத்திரமே நாம் விரும்புகின்றோம்!

இலங்கை தாய்மார்களிடமிருந்து.

Support now
Signatures: 220Next Goal: 500
Support now