පිරිමින් සදහා දැන් ම ක්‍රියාත්මක විමට කෙරෙන ඇමතීම යි

පිරිමින් සදහා දැන් ම ක්‍රියාත්මක විමට කෙරෙන ඇමතීම යි

0 have signed. Let’s get to 25!
At 25 signatures, this petition is more likely to be featured in recommendations!
MenEngage Alliance Sri Lanka started this petition to ALL MEN

ස්ත්‍රි පුරුෂ සමාජභාවිය යුක්තිය උදෙසා පිරිමින් සමග වැඩ කිරිමේ සංසදය (MenEngage Alliance), ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා පිරිමි සහ පිරිමි ළමුන් සමඟ කටයුතු කරන සමාජ ප්‍රගමනය නිර්මාණය කිරීමේ ජාලයක් ලෙස, පසුගිය සති කිහිපය තුළ දී හෙළිදරව් වූ ළමා ලිංගික අපයෝජන හා සූරාකෑමේ සිදුවීම් සහ රැකියා ස්ථානයේ ලිංගික හිංසන සිදුවීම් පිළිබඳ ව අපගේ බලවත් කණස්සල්ල පළ කරමු. මෙම ලිංගික ප්‍රචණ්ඩත්වය, හිංසනය සහ තර්ජනාත්මක සිද්ධීන් අපි දැඩි ලෙස හෙළා දකිමු. මෑතකාලීන ව #MeToo ව්‍යාපාරය යටතේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය අවකාශය තුළින් හා සහ ප්‍රවෘත්ති තුළින්, ජාවාරම් කෙරුණු අවුරුදු 15 ක දැරියක සහ 16 හැවිරිදි දැරියකගේ මරණයට හේතු වූ ලිංගික අපයෝජන ඇතුළු විවේචනාත්මක කරුණු දැක්වීම හරහා , ඒ එක් එක් අපරාධකරුවන් යුක්තිය ඉදිරියට ගෙනෙන අත් අතර ම, මෙම සිදුවීම්වලට තුඩුදුන් හේතු කාරණා හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීම සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේ සමාජ පරමාදර්ශයන්ට අනුකූල අර්ථවත් සමාජ, පද්ධති සහ ප්‍රතිපත්ති වෙනස් වීම් ප්‍රවර්‍ධනය කිරීම මේ දැඩි අවශ්‍යතාව ඉස්මතුකරයි.

කාන්තාවන්ට හා ගැහැනු ළමයින්ට එරෙහි හිංසන සිදුවීම් මැඩපැවැත්වීම සඳහා නීති සම්පාදනය කිරීමේ දී ශ්‍රී ලංකාව ළඟා කරගෙන ඇති සැලකිය යුතු ප්‍රගතිය කුමක් වුවත්, ලංකාව තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයේ ව්‍යාප්තියේ ඉහළ යෑම බරපතල කණස්සල්ලට හේතුවකි. පීතෘමූලික පිළිවෙත් හා විශ්වාසයන් කාන්තාවන්ට හා ගැහැනු ළමයින්ට එරෙහි හිංසන සාමාන්‍යකරණය වීමට හේතුකාරක වී තිබේ. මීට අමතර ව, නිවසේ දී, පාසලේ දී සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළින් පිරිමිකම නිර්වචනය කරන ආකාරය සහ සමාජ මාධ්‍ය තුළින් ප්‍රදර්ශනය කර ඒවා නැවත මනසට කාවද්දන ආකාරය ද බරපතල කණස්සල්ලට හේතු වී තිබේ. ශ්‍රී ලංකාවේ බොහෝ නීතී හා පාලන ආයතන තුළ පුරුෂ මූලික පුරුෂාධිපත්‍යය ක්‍රියාත්මක වන බව හා ඒවා දිරිගැන්වෙන බව අප වටහාගත යුතු ය. මෙය පුරුෂයින්, කාන්තාවන් සහ වෙනත් ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සහ ලිංගික අනන්‍යතාවයන් ඇති අය අතර බලය සහ වරප්‍රසාද බෙදීයාමේ අසමතුලිතතාවයකට හේතු වේ. ඉහත ඉස්මතු කර ඇති හිංසනකාරී සිදුවීම් සඳහා බොහෝ විට දඬුවම් නොලබා ගැලවීයාමේ සංස්කෘතියක් බිහි කරන්නේ ද එවැනි බලයේ අසමතුලිතතාවයන් ය.

මෑත සිදුවීම් මහජනතාව සහ මාධ්‍ය කෝපයට පත් කර ඇති අතර පිරිමින් ද ඇතුළු බොහෝ පාර්ශවකරුවන් විසින් පියවර ගන්නා ලෙස නොයෙක් ඉල්ලීම් කර තිබේ. සමාජ අසාධාරණය සහ සියලු ආකාරයක ම ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් හිංසනයන්ට පිළියම් යෙදීමේ දී පිරිමින්ට හා පිරිමි ළමයින්ට පාර්ශවකරුවන් ලෙස කටයුතු කිරීමට ඇති හැකියාව ගැන MenEngage Alliance ශ්‍රී ලංකා එකමුතුව විශ්වාස කරයි. පිරිමින් සමඟ සිදුකරන අපගේ වැඩ කටයුතුවල දී පහත අවශ්‍යතාවන් ඉස්මතු කරයි,

● අප අවට සිටින අයගේ විවිධත්වයට හා අයිතීන්ට ගරු කිරීම
● ගෞරවය හා සමානාත්මතාවය මත සබඳතා ගොඩනඟා ගැනීම
● අපේ සමාජයේ සහ පිරිමින් කොටස්කරුවන් වන කණ්ඩායම් අතර ප්‍රචණ්ඩත්වයට එරෙහි ව හඬනැගීම
● අවශ්‍ය විට උදව් ලබා ගැනීමට පුරුෂයින් සවිබල ගැන්වීම
● හවුලේ තීරණ ගැනීම
● සහ බලය බෙදා ගැනීම

සංසදයක් වශයෙන්, පිරිමිකම මත පදනම් වූ ප්‍රචණ්ඩකාරී ස්වරූපයන්ට අභියෝග කිරීමට සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා සම්බන්ධ බල අසමානතාවයන් නිවැරදි කිරීමට අපි කැපවී සිටින්නෙමු. අපගේ වැඩ කටයුතු සහයෝගීතාවයේ මූලධර්ම, විනිවිදභාවය සහ වෙනස් කොට නොසැලකීම යන කරුණු මත පදනම් වී ඇති අතර කාන්තාවන්ට හා ගැහැනු ළමයින්ට එරෙහි හිංසනය වැළැක්වීමට සහ ඒවාට එරෙහි වීමට පිරිමි කොටස්කරුවන් සමඟ එක්ව ක්‍රියා කරන විට මෙම සාරධර්ම රකින බවට අපි පොරොන්දු වෙමු. අපගේ සාමූහික පරමාර්ථය නම් පුරුෂ මූලික ක්‍රම සහ භාවිතයන්ට අධෛර්‍යමත් කිරීම සහ අපගේ පුරුදු සහ විශ්වාසයන් දෙස ගැඹුරින් බැලීම, ප්‍රායෝගික තත්ත්‍වයන් කෙරෙහි අවධානය යොමු කිරීම, හිංසන සිදු වූ විට ඒ ගැන හඬ නැඟීම සහ ව්‍යුහාත්මක වෙනසට තුඩු දිය හැකි ආකාරයේ අඛණ්ඩ ශක්තියක් ගොඩනැගීම සඳහා කැපවීම යි. අසමානතාව හා බලය තුල ක්‍රියාත්මක වන ව්‍යුහයන් හරහා ඔවුන්ගේ ජීවිතවලට ද ඔවුන් සම්බන්ධකම් පවත්වන කාන්තාවන්ගේ හා ගැහැනු ළමයින්ගේ ජීවිතවලට ද හානි වන බව පිරිමින් තේරුම්ගත යුතු ය.

මෙම බරපතල ගැටලුව විසඳීම සඳහා වඩා හොඳ හවුල්කරුවන් විය හැක්කේ කෙසේ ද යන්න සහ ක්‍රියා කළ හැක්කේ කෙසේ ද යන්න ගැන සියලු ම පිරිමින් හා පිරිමි ළමුන් ඇමතීමට MenEngage Alliance ශ්‍රී ලංකා අපි මෙය අවස්ථාවක් කරගන්නෙමු.

ඒ නිසා, පිරිමින්, පිරිමි ළමයින්, පියවරුන්, සහෝදරයින්, සගයන්, මිතුරන්, පෙම්වතුන්, හවුල්කරුවන්, නායකයින්, නිලධාරීන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, තීරණ ගන්නන්, සේවා සපයන්නන්, ප්‍රජා නායකයින් වශයෙන් ඔවුන්ගේ පෞද්ගලික හා වෘත්තීය ජීවිතයේ විවිධ භූමිකාවන් තුළ තමන්ගේ පිරිමිකම, තමන්ගේ ම බලය සහ වරප්‍රසාද පිළිබඳ නැවත සිතීමෙන්, සැබෑ පියවර ගනිමින් “වැඩිපුර යමක් කිරීමට අප සමග පෙල ගැසෙන ලෙසත් අන් අයද ඒ සඳහා එක් කර ගන්නා ලෙසත් අප ඉල්ලා සිටිමු.

බොහෝ පිරිමින් තම දරුවන් වෙනුවෙන් කැපකිරීම් කරන බවත්, සෑම දරුවෙක්ම, ස්ත්‍රී පුරුෂ භාවය නොසලකා, හිංසනයට බිය නොවී සෑම පරිසරයක් තුළ ම නිදහසේ ජීවත් වීමට ඉඩ සලසන ලෝකයක හැදී වැඩෙනවා දකින්නට සෑම පිරිමියෙක්ම ඉතා කැමැත්තෙන් සිටින බවත් අප දැඩි සේ විශ්වාස කරමු.

ඒ අනුව, ප්‍රචණ්ඩකාරී සංස්කෘතිය වෙනස් කිරීම සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග සියලුම පිරිමින්ට ගත හැකි යැයිo අපි විශ්වාස කරමු.

1. නිහඬව පසෙකට වී බලා සිටින්නෙකු වීම නවත්වන්න. හිංසනය සිදු කරන අයට එරෙහි ව කතා කරන්න. පුරුෂ මූලික පුරුෂභාවයන්ට අභියෝග කිරීමට ධනාත්මක පියවර ගන්න.

- ඔබ සැලකිලිමත් බව ඔහුට පවසන්න
- ඔහුගේ ප්‍රචණ්ඩත්වය හරහා ඔහුගේ සහකාරියට, ඔහුගේ දරුවන්ට සහ  ඔහුගේ සම්බන්ධතාවන්ට වන හානිය ඔහුට තේරුම් කරදෙන්න.
- ගෘහස්ථ හිංසනය නීතියට පටහැනි බවත් එය දඬුවම් ලැබිය හැකි ක්‍රියාවක් බවත් ඔහුට පවසන්න.
- අවශ්‍ය නම්, ප්‍රචණ්ඩත්වය නතර වන බවට වග බලා ගැනීම සඳහා වෘත්තීය උපකාර ලබා ගැනීමට දිරිමත් කිරීමෙන් සහ නිතර ම ඔහු පිළීබඳ පසු විපරම් කරන්න.

2. ලිංගික දිශානතිය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතාවය නොසලකා සෑම කෙනෙකුට ම සේවා ස්ථානය ආරක්ෂිත හා ගෞරවනීය පරිසරයක් බවට පත් කිරීමේ උත්සාහයන්ට සම්බන්ධ වන්න. සේවා ස්ථාන බොහෝවිට කාන්තාවන් සහ වෙනත් ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ අනන්‍යතාවයන් ඇති පුද්ගලයින් නිතරම වෙනස් කොට සැලකීම්, හිරිහැර කිරීම් සහ අගෞරවයක් සහ අනාරක්ෂිත බවක් දැනෙන ස්ථාන ලෙස පවතී.

රැකියා ස්ථානයේ දී ලිංගික හිරිහැර පිළිබඳ ප්‍රතිපත්ති වෙනස් කිරීමට හෝ හැසිරීම් වෙනස් කිරීමට පිරිමින්ට අභියෝග කිරීම අතින් මෙන් ම සුරක්‍ෂිත හා ගෞරවනීය රැකියා ස්ථානයක් නිර්‍මාණය කිරීමේ ප්‍රයත්නයේ දී හවුල්කරුවන් ලෙස පිරිමින්ට වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකි ය.

අපේ සමාජයේ, බොහෝ රැකියා කරන ස්ත්‍රීන් එම රැකියාව ම කරන පිරිමින්ට වඩා අඩු වැටුපක් ලබයි. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා වන අරගලවල දී කාන්තාවන්ට හා හවුල්කරුවන් වීමට ඇති ප්‍රබල ක්‍රමයක් නම් පිරිමින් විසින් සමාන වැඩ සඳහා සමාන වැටුප් ක්‍රමයක් ගොඩනැගීමට සහය වීමයි.

3. අපේ සම්බන්ධතාවල හානිකර ආකල්ප, විශ්වාසයන් සහ හැසිරීම්වල දී විශේෂයෙන් අවබෝධය සහ කැමැත්තට ගරුකිරීමෙහි ලා පුරුෂ මූලික පිරිමිකම් පිළිබිඹු වන ආකාරය ගැන විවේචනාත්මක ව මෙනෙහි කරන්න.

4. පිරිමි ළමයින් හා තරුණයින් සඳහා ආදර්ශයක් වන්න. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ විශ්වාස කරන සහ පෙනී සිටින පිරිමින් තම ප්‍රජාවන්හි පිරිමි ළමයින්ට සහ පිරිමින්ට ප්‍රබල ආදර්ශයක් විය හැකි යි. පිරිමි ළමයින්ට කුඩා කල පටන් ම සම්බන්ධතාවයන් තුළ ප්‍රචණ්ඩත්වයට ඉඩක් නොතිබිය යුතු බව ඉගැන්වීම සහ මඟ පෙන්වීම කිරීම අවශ්‍ය වන අතර ඒවා නිතර සිහිපත් කරදිය යුතු ය.

5. සමාජය ‘සාමාන්‍ය’ යැයි සලකන ගැහැනුන්ට අපහාස වෙන අන්දමේ හෝ ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවය සහ/හෝ ලිංගික දිශානතිය නොගැලපෙන ආකාරයෙන් කටයුතු කරන ලෙස මිතුරන්ගෙන් සහ පවුලේ අයගෙන් එල්ල වන පීඩනයට එරෙහි වන්න. ඔබේ මිතුරන් කාන්තාවන්ට අගෞරව වන අයුරින් ක්‍රියා කරන්නේ නම්, ඔවුන් පවසන දේ ගැන සිතා බලන ලෙස ඔවුන් අභියෝග කිරීම වැදගත් වන අතර හිංසනකාරී හැසිරීම්වලට සමාව දීමට හා සාධාරණීකරණය කිරීමට සංස්කෘතික හා ආගමික සාධක ඇතුළු කිසිදු හේතුවක් භාවිත කිරීමට ඉඩ නොතබන්න.

පිරිමින්ට තම පිරිමි මිතුරන් සමඟ කළ හැකි එක් දෙයක් නම්, වැඩි ගෞරවයක් ඇති සහ පිරිමින්ට දැඩිබවින් අඩු වඩා නම්‍යශිලි භූමිකාවක් තුල ජීවත් විය හැකි සමාජයක් සැම දෙනාට ම වාසිදායක ය යන අදහස ප්‍රවර්‍ධනය කිරීම යි. පිරිමිකමේ හානිකර හැසිරීම් සහ ලක්ශණ අභියෝගයට ලක් කිරීමේ දී එකිනෙකාට සහයෝගය දක්වන මෙන් අපි පිරිමින්ගෙන් ඉල්ලා සිටිමු.

6. අර්ථවත් හවුල්කරුවන් ලෙස සහයදැක්වීමට සහ සහයෝගයෙන් ක්‍රියා කිරීමට කැප වී කටයුතු කරන්න. පිරිමින් තමන්ගේ ම ප්‍රජාව තුළ සිදුවෙමින් පවතින දේ පිළිබඳ ව දැනුවත් විය යුතු ඒ සඳහා මැදිහත් වීමට ගනු ලබන අඛණ්ඩ උත්සාහයන්ට තම ශක්තිය, කාලය සහ කුසලතා ලබා දිය යුතුය. මෙයට ඇතුළත් වන්නේ;

- හානිකර පිරිමි හැසිරීම් වෙනස් කිරීම සඳහා පිරිමින් හා පිරිමි ළමයින් සමඟ ඍජු ව ම වැඩ කිරීමට දරන උත්සාහයන්ට සහාය වීම.
- මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඇතුළු ප්‍රසිද්ධ අවකාශයේ හානිකර පිරිමි හැසිරීම්වලට සහ ඒවා ප්‍රවර්ධනය කරන අයට අභියෝග කිරීම. එනම්, කාන්තාවන්ට සහ ගැහැනු ළමයින්ට එරෙහි හිංසනය හෙළා දකින විරෝධතා වලට එක්වීම.
- කාන්තා අයිතිවාසිකම් ඉල්ලා සිටින කාන්තා සුරැකුම් නිවාස සහ ක්‍රියාකාරික සංවිධාන සඳහා අරමුදල් රැස් කිරීමට උපකාර කිරීම
- ඔවුන්ගේ උත්සාහය අවතක්සේරු නොකර දැනටමත් පියවර ගනිමින් සිටින කාන්තා මිතුරියන් හා එක් ව කටයුතු කරන්න.

7. නිසි පියවර ගැනීමට බලධාරීන් සහ අධිකරණ පද්ධතිය වෙත ඉල්ලීම් කරන්න/ බලපෑම් කරන්න. පොලිසිය සහ අපරාධ අධිකරණ පද්ධතිය නැවත නැවතත් ප්‍රචණ්ඩත්වයේ වින්දිතයින් හා දිවි ගලවා ගත් අයගේ විශ්වාසය බිඳ හෙළමින් සිටී. පහත දෑ වෙනුවෙන් පියවර ගැනීම සඳහා පිරිමින් සම්බන්ධ වීම අත්‍යවශ්‍යයි,

- සියලු දෙනාගේ ම ආරක්‍ෂාව සහ ආරක්‍ෂාව සහතික කිරීම සඳහා රජයට සිය වගකීම් ඉටු කරන ලෙස ඉල්ලා සිටීම,
- ප්‍රචණ්ඩත්වයකින් දිවි ගලවා ගත් අය ඔවුන්ගේ කැමැත්ත මත උසාවියට රැගෙන යාම,
- අවශ්‍ය අවස්ථාවල දී සේවාවන් ලබා ගැනීමට ඔවුන්ට සහය දීම,
- පොලීසියට සහ අධිකරණ පද්ධතියට වගකිව යුතු ලෙස ක්‍රියාත්මක වන ලෙසට බලපෑම් කිරීම

8. කාන්තාවන්, ගැහැනු ළමයින් සහ වෙනත් ලිංගික අනන්‍යතාවයන් ඇති පුද්ගලයින් සඳහා අන්තර්ජාලය තුළ ගෞරවනීය සබැඳි අවකාශයන් ඇති කිරීමට කැප වන්න. නීති විරෝධී ලෙස පුද්ගලික දත්ත එකතු කිරීම, පෞද්ගලිකත්‍වය උල්ලංඝනය කිරීම සහ සයිබර් ලිංගික හිංසනයේ යෙදීම ඇතුළු අන්තර්ජාල අවභාවිතයන් හේතුවෙන් ඩිජිටල් ආරක්‍ෂාව අභියෝගයක් වී ඇත.

කාන්තාවන්ට හා ගැහැනු ළමයින්ට එරෙහි හිංසනය පෞද්ගලික ගැටලුවක් ලෙස දැකීමට පටන් ගන්නා ලෙසට අපි සියලු පිරිමින් දිරිමත් කරමු. අපගේ පුරුෂ මූලික බල පද්ධතිය තුළ තමන්ගේ ම භූමිකාවන් දෙස නැවත බැලීමට පිරිමින් උනන්දු කරවිය යුතු අතර අයුක්තිය දකින විට එයට එරෙහි වීමට ක්‍රියාත්මක විය යුතු ය. එවැනි ක්‍රියාවන් ඉතා වැදගත් ය, අප ජීවත් වන්නේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩකාරී සිද්ධීන් මධ්‍යයේ “යහපත් පිරිමියෙකු” වීමේ අර්ථය ඉතා පහත් සහ අඩු වටිනාකමක් යුතු මට්ටමක තබා ඇති සමාජයක යි. අපයෝජනයේ මෙම විෂම චක්‍ර නොසලකා හැරීමට තීරනය කරන ඕනෑ ම අයෙක්, ශ්‍රී ලංකාවේ පවතින තවත් වසංගතයක සක්‍රීය ක්‍රියාකරුවන් ලෙස සහ වැරදිකරුවන් ලෙස ඉතිහාසගත වනු ඇති අතර, ඔවුන්ගේ අක්‍රියතාවයේ ප්‍රතිවිපාක ගැන විවේචනාත්මක ව මෙනෙහි කළ යුතු ය.

0 have signed. Let’s get to 25!
At 25 signatures, this petition is more likely to be featured in recommendations!