ශ්‍රී ලංකාවේ අන්තර්ජාල දත්ත පැකේජ දිවා - රාත්‍රී භේදයකින් තොරව ලබා දෙනු!

The Issue
ශ්‍රී ලංකාව වර්තමානයේ දී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රය තුළ අති විශාල ජයග්‍රහණ රැසක් ලබා ගනිමින් දියුණු මට්ටමකට පත්ව ඇති යුගයක් ලෙස සැළකිය හැකිය. නමුත් ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ සැලකූ විට තවමත් සන්නිවේදන පහසුකම් නිසියාකාරව නොමැති අංකිත බෙදීම (Digital Divide) ට ලක් වී ඇති බව නොරහසකි.
මේ අතර උක්ත ගැටලුවට ප්‍රධාන වශයෙන් ම බලපාන තවත් සාධකයක් වන්නේ ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන් විසින් ගෙනයනු ලබන අන්තර්ජාල දත්ත මාෆියාවයි. එනම් පාරිභෝගිකයෙකු විසින් මිලදී ගනු ලබන දත්ත පැකේජ සඳහා තම සේවාව සපයනු ලබන්නේ දිවා සහ රාත්‍රී වශයෙන් බෙදීමකට ලක් කිරීමෙනි. (මෙහි දී රාත්‍රී වශයෙන් සළකනු ලබන්නේ මධ්‍යම රාත්‍රී 12 සිට උදෑසන 8 පමණ වනතෙක් කාලය තුළ අන්තර්ජාලයේ සැරි සැරීම වන අතර ඉතිරි කාලයේ අන්තර්ජාලයේ සැරිසැරීම දිවා කොටසට අයත් වේ.) උදාහරණයක් ලෙස රාත්‍රී දත්ත ප්‍රමාණය භාවිතා නොකළ හොත් එම ප්‍රමාණය කාල සීමාව අවසානයේ දී අහෝසි වී යාම සිදු වේ. නමුත් එසේ භාවිතා නොකර පවතින දත්ත ප්‍රමාණය සඳහා ද පාරිභෝගිකයා විසින් මුදල් ගෙවා ඇති බැවින් ඔවුන් යම් ආසාධාරණයකට නිතැතින් ම ලක්වේ.
කෙසේ නමුත් දිවා සහ රාත්‍රී වශයෙන් අන්තර්ජාල දත්ත පැකේජ බෙදා තිබීම හේතුවෙන් පාරිභෝගිකයා මුහුණ දෙන ප්‍රධාන ගැටලු කිහිපයකි.
- හට තම සිතැඟි සහ අවශ්‍යතාවය පරිදි අන්තර්ජාලය පරිහරණය කිරීමට නොහැකි වීම.
- තමන් මිලදී ගන්නා අන්තර්ජාල දත්ත පැකේජය අවසන් වනතෙක් රාත්‍රී කාලයේ දී නිදි වර්ජිතව තම කටයුතු සිදු කළ යුතු වීම.
- නිදි වර්ජිතව කටයුතු කිරීම හේතුවෙන් සෞඛ්‍යමය ගැටලු වලට මුහුණපෑමේ අවධානමක් තිබීම.
- රාත්‍රී දත්ත භාවිතා කිරීම සිදු නොවුණහොත් එම දත්ත අහෝසි වී යන බැවින් ගෙවන මුදලට සාධාරණ සේවයක් ඉටු නොවීම.
- ගෙවන මුදලට ලැබෙන සේවාව සම්පූර්ණයෙන් ම ලබා ගැනීමට නොහැකි ව කල් ඉකුත් වීම.
මේ අතර කිසියම් පාරිභෝගිකයෙකු හට ලැබෙන දත්ත ප්‍රමාණය දිවා - රාත්‍රී වශයෙන් බෙදා තිබීම හේතුවෙන් මිලදී ගන්නා දත්ත ප්‍රමාණය කොටස් දෙකකට වෙන් වේ. එබැවින් දිවා කාලයේ දී අන්තර්ජාලයේ පමණක් සැරි සරන අයෙකුගේ දත්ත භාවිතා වන්නේ දල වශයෙන් 50% ක පමණ ප්රමාණයකි. එබැවින් පාරිභෝගිකයා හට සිදුවන පාඩුව හේතුවෙන් ඔහු නැවත නැවත අන්තර්ජාලය පරිහරණය සිදු කිරීමට වන පෙළඹවීම සහ උනන්දුව දුර්වල වීම සිදු වේ. අන්තර්ජාලය පරිහරණය කර ලොව පුරා නව දැනුම ගවේෂණය කරන ශ්‍රී ලාංකිකයා මෙම තත්ත්වය තුළ අංකිත බෙදීම සඳහා ඇති ඉඩකඩ ඉහළ යන තත්ත්වයක් පෙන්නුම් කරයි. එමෙන් ම තම පාරිභෝගිකයා හට විකිණීම සිදු කරන සේවාවේ අඩක් පමණක් ලබා දෙමින් අන්තර්ජාල සේවා සැපයුම්කරුවන් දෙගුණයක් ලාභ ලැබීම අතිශය නින්දිත ක්‍රියාවක් ලෙස සැළකිය යුතුය.
එම නිසා,
- පාරිභෝගිකයා සූරා කන අන්තර්ජාල දත්ත පැකේජ වංචාව වහා ම නතර කරනු!
- දිවා - රාත්‍රී වශයෙන් බෙදා ඇති අන්තර්ජාල දත්ත පැකේජ "ඕනෑම මොහොතක" වශයෙන් සේවාව ලබා දෙන පරිදි වෙනස් කරනු!
- අන්තර්ජාල සේවා සැපයුම්කරුවන් විසින් සිදුකරන අධික ලාභ ලැබීම වහා ම මර්ධනය කරනු!
- අන්තර්ජාල පාරිභෝගික අයිතීන් සුරක්ෂිත කරනු!
- අන්තර්ජාල භාවිතය සඳහා අවම වේගයක් සහතික කරනු!
අංකිත බෙදීම - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිත කිරීමට ඇති පහසුකම සහ හැකියාව, හැසිරවීමේ හැකියාව සහ ඒ පිළිබඳ ව ඇති දැනුම මිනිසා ආර්ථික වශයෙන් හා සමාජීය වශයෙන් එකිනෙකා වෙන් කරනු ලබයි. මෙය අංකිත බෙදුම ලෙසින් හැඳින්වේ.

Petition Closed
Share this petition
The Decision Makers
Petition Updates
Share this petition
Petition created on 3 April 2020