අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තගේ සාහසික ප්‍රකාශය වහාම ඉල්ලා අස්කර ගන්න

The Issue
ශ්‍රී ලංකා හරිත සන්ධානය ජෛව විවිධත්වය සහ අපගේ ලෝකයේ පැවැත්ම සදහා එහි වැදගත්කම ගැඹුරින් අගය කරමු. ඕනෑම ක්‍රමයක් භාවිතා කර ගොවිබිම් කර පැමිණෙන ඕනෑම වන සතෙකු මරා දැමීමට ලක් විය හැකි ආකාරයෙන් "ඕනෑම ක්‍රියාමාර්ගයක් ගත හැකි බව" ප්‍රකාශ කරමින් එවැනි ක්‍රියාමාර්ග ගන්න ලෙස ඉල්ලා සිටින ශ්‍රී ලංකා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය අප දැඩිව හෙළ දකිමු. මේ ප්‍රකාශය මෑත කාලයේ ශ්‍රී ලංකාවේ වන සම්පතට එල්ලවූ බරපතලම අවදානම ලෙස සැලකිය හැකිය.
ඔහුගේ මෙම අනීතික ප්‍රකාශයට අනුව හැකි ක්‍රියාමාර්ග වලට කිසිදු සීමාවක් නොමැත. එය මස් සඳහා හෝ වෙනත් සත්ව නිෂ්පාදන සඳහා සතුන් දඩයම් කිරීම සදහා දඩයම් කරුවන් විසින් භාවිත කරනු ලැබීම වැළක්විය නොහැකි වනවා පමණක් නොව හක්ක පටස් වැනි පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් අලි ඇතුන් දඩයම් කිරීම සහ ඇත්දළ සදහාම ඇතුන් දඩයම් කිරීම තීව්‍ර කරනු ඇත.
එය ලංකාවේ සියලු වන සත්ත්ව විශේෂවලට කෙරුණු පහර දීමක් පමණක් නොව අපගේ සියුම් පරිසර පද්ධතිය ගැන කිසිදු තැකීමකින් තොරව පවතින නීති පද්ධතියම කඩා බිද දැමීම සදහා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද භාවිතා කරමින් මහජනයා උසිගැන්විමකි. එය කෘෂිකාර්මික නිෂ්පාදන විනාශ කරන වල් පලිබෝධකයන්ට පමණක් නොව අපගේ පරිසර සමතුලිතතාවය පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය වන සතුන් ද විනාශ කරනු ඇත. මෙම ප්‍රසිද්ධ ප්‍රකාශය වනජීවී ආරක්‍ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දන්නා සියලුම නීති සහ රෙගුලාසි උල්ලංඝනය කිරීමට ජාවාරම් කරුවන්ට ලැබෙන දේශපාලන ආරක්ෂාවක් ලෙස දැකිය හැකිය.
පහත දැක්වෙන්නේ මේ පිළිබද පළවූ වැදගත් සටහනක්.
"ලාල්කාන්ත ඇමතිතුමාගෙ කතාවේ බරපතළකම මොකක්ද දන්නවද?
වනජීවී අපරාධ වලට සෘජු දායකත්වයක් ලැබීම. වනජීවි හා වෘක්ෂලතා ආඥාපනතේ නීතියෙන් ආරක්ෂිත නොවන සත්තු විතරක් නෙවෙයි මේ වගා ඉඩම් (හේන්, කුඹුරු, ගොවිපල) වලට එන්නෙ. අනිත් සත්තුත් එනවා. අලියගෙ ඉදල කූඹියා වෙනකම් මේවා ඇතුලට එද්දි ඒ සත්තුන්ට කැමැත්තක් කරනවා කියන්නෙ ඉතිං වෙන දේ අමුතුවෙන් කියන්න ඕන නෑ. දඩමස් වලට එහෙමත් හොඳ කාලයක් උදාකරගන්න පුලුවන්.
රටේ නීතියක් තියෙනවා. බහුතරයක් සත්තු වනසත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනත යටතේ ආරක්ෂිතයි. මේ කියන්නෙ නීති කැඩුවට අවුලක් නෑ, පනත් අදාල නෑ, ඒවා තියෙන්නෙ කඩන්න තමයි වගේ කතාවක්. මිනිස්සු එහෙම හිතන්න ගත්තොත් මොකක් වෙයිද?
ජෛව විවිධත්ව හායනය (Biodiversity Degradation) කියන කතාව තමයි ලොකුම බලපෑම මෙතනදි. ජෛව විවිධත්ව හායනයට හේතු වෙන සෘජුව එල්ල කරන සූරාකෑම (Direct Explotation) යටතේ අනීතික හා සීමාවක් නොමැති දඩයම් කිරීම, ඝාතනය කිරීම හරහා සතුන්ගේ ගහනයන් අඩු වෙලා ගිහින් යම් ප්‍රදේශයන් වල ඒ සත්තු නැති වෙලා යනවා. අවසානයේ වෙන්නෙ ජෛව පද්ධති අස්ථාවර වෙන එක. ඒකෙ දිගුවක් විදිහට කෘෂිකර්මාන්තයටත් බලපෑමක් එල්ල වෙනවා. මේ හැම සතෙක්ගෙන්ම සොබාදහමට සේවාවන් සැපයෙනවා. ඒ වගේම පද්ධති ක්‍රියා කරන්නත් ඔවුන් අවශ්‍ය වෙනවා. වනජීවින් නැති වෙලා යනවා කියන කාරණාව සුලුපටු කතාවක් නෙවෙයි.
වනගත ඉඩම් අත්පත්කරගෙන ඒවා ක්‍රමිකව වගා ඉඩම් බවට පත් කරගත්ත අයට වගේම කැලේ කප කප ඒවා අල්ලගන්න තැත් කරන අයට තල්ලුවක් ඒ කතාවෙන් එන එක. භූමි කලමණාකාරය (Land Management) ගැන අපි ලොකුවට කතා කලාට මේ වගේ ඒවාගෙන් වෙන්නෙ ඒක කරගන්නත් අපහසු වෙන එක.
අනිත් එක තමයි අපි කොච්චර මහන්සි ගත්තත් මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරල පාරිසරික සාක්ෂරතාව නගා සිටුවන්න, මේ වගේ කතා වලින් වෙන්නෙ ඒවා මිනිස්සු ගණන් ගන්නෙ නැති තැනට එන එක. වත්තක අඹ ගහේ අඹ කන්න එන ගිරවා පවා මේ කතා ඇතුලෙ වින්දිතයෙක් වෙනවා. කොච්චර අලි මරණ අඩු කරන්න හැදුවත් වගාවන් වලට හානි නොකර ඉඩම මැද්දෙන් යන අලියටත් වෙඩි කන්න වෙන තත්වයක් මේ "දෙකයි පනහෙ" කතා වලින් මතු වෙන්නෙ. කොටින්ම සමස්ත වනජීවින් පලිබෝධකයන් විදිහට නම් වෙලා ඉවරයි දැන්.
මේ කතා ලේසියෙන් යන්න අරින්න බැරි, රටක ජෛව සම්පත් වල අනාගතය ගැන දුක් වෙන්න වෙන පහත් පෙලේ කතාවන් මිස වෙන දෙයක් නෙවෙයි! "
ගරු අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ මෙම අදූරදර්ශී හා හානිදායක ප්‍රර්ලිමේන්තු ප්‍රකාශය ඉතාමත් භයානක පූර්වාදර්ශයක් සපයන අතර ශ්‍රී ලංකාවේ වනජීවී සංරක්ෂණයට බරපතල තර්ජනයක්ද එල්ල කරයි. මෙම සාහසික ප්‍රකාශය වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස අපි වහා ඉල්ලා සිටින අතර, රජයේ නිල වශයෙන් සමාව ඉල්ලා සිටින ලෙස ඉල්ලා සිටිමු.
අලි මිනිස් ගැටුම විසඳීම සඳහා තිරසාර ක්‍රම හඳුන්වාදීම සඳහා විද්‍යාත්මක ප්‍රවේශයක් ද අපි ඉල්ලා සිටිමු. අපගේ ජෛව විවිධත්වය සහ පරිසරය වෙනුවෙන් අප හා සිට ගන්න. ගොවි ගැටළු වලට මෙන්ම වන සතුන්ගේ ආරක්ෂාවද සැලසෙන විද්‍යාත්මක විසදුම් අවැසි කාලයයි මේ.
සංඛ චන්දිම අභයවර්ධන
ශ්‍රී ලංකා හරිත සන්ධානය

164

Share this petition
Petition created on December 6, 2024