අපේ අධිකාරී බලය 1+225 පාවාදුන් නීතිපති/අගවිනිසුරැට එරෙහිව දූෂණ අපරාධ නීතිය බලගන්වමු !

The Issue
ඔබ වෙත යොමු කෙරෙන පෙත්සමේ අන්තර්ගතය සියලු සාක්ෂි සහිතව දැනගැනීමට මේ සමග පළකර ඇති ආදර්ශ පෙත්සම අවධානයෙන් කියවන්න. අපේ පරම අධිකාරී බලය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විධායක ජනාධිපති සහ පාර්ලිමේන්තුව වෙත පාවාදීමේ බරපතළ අපරාධය හා සම්බන්ධ සියළුම ලියවිලි අංක යොදා එම ආදර්ශ පෙත්සම සමග පළකර ඇත. අදාල අංක click කිරීමෙන් එම ලේඛණ ඔබට වෙනම කියවිය හැක. ජනතා පරමාධිපත්‍ය බලය පාවාදීම සම්බන්ධ අදාළ සියලුම ලේඛණ මේ සම්බන්ධ විශේෂ විමර්ශණයක් සිදුකර ශ්‍රේෂ්ඨාධිකරණය ලේඛනාගාරයෙන් සොයා ගන්නා ලද ලේඛණ වන අතර එම ලියවිලි ජනතා අවධානයට නිදහස් කිරීම අගවිනිසුරු ඇතුළු විනිසුරන් 4 දෙනෙකු විසින් තරයේ ප්‍රතික්ෂේප කරන ලදී. එසේ වුවද එම අපරාධය සම්බන්ධ නඩු පැවරීමට එම ලේඛණ නිකුත් කිරීම අත්‍යවශ්‍යය වූ හෙයින් 2015 සැප්තැම්බර් මස 08 වන දින අගවිනිසුරු වෙත ඉදිරිපත් කරන ලද විශේෂ ඉල්ලීමක් ප්‍රකාර එම ලේඛණ නිදහස් නොකර සිටීමට අධිකරණයට නොහැකි විය. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 1+225 ට පාවාදී ඇති අපේ පරමාධිපත්‍ය බලය නැවත අත්පත් කරගැනීමට අප කුමක් කල යුතු වන්නේද ?
1. පළමුව අධිකරණයට යොමු කිරීමට නියමිත එම පෙත්සම පිළිගැනීමෙන් ඔබට මහජන අයිතිය බලගැන්වීමට සහභාගී විය හැක.
2. දෙවනුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත මේ සමග පළකර ඇති ආදර්ශ දිවුරුම් ප්‍රකාශයේ පිටපතක් මුද්‍රණය කර එහි ඔබේ නම, ලිපිනය හා ජාතික හැඳුනුම් පත් අංකය හා ඔබේ අත්සන යොදා සහතික කර මේ සමග පළකර ඇති විද්‍යුත් ලිපිනයට (samadifernando99@gmail.com) යොමු කර ඔබට මහජන අයිතිය බලගැන්වීමට සහභාගී විය හැක. දිවුරුම් ප්‍රකාශ 1000 ක් එකතු වූ ක්ෂණයකින් එම දිවුරුම් ප්‍රකාශ සියල්ල එක්රැස් කර ebook එකක් වශයෙන් නිකුත් කෙරෙනු ඇත.
දිවුරුම් ප්‍රකාශයයි
________________________________________ පදිංචි __________________________ වන මා (NIC xxxxxxxxV) සත්‍ය ප්‍රකාශ කරන බවට ප්‍රතිඥා දෙමින් මෙසේ ප්‍රකාශ කර සිටිමි.
1. ශ්‍රී ලංකාවේ පුරවැසියකු වන මම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 වන ව්‍යවස්ථාවෙන් පිළිගෙන ව්‍යවස්ථා ගත කොට ඇති පරිදි ධර්මිෂ්ඨ, නිවහල් සමාජයක් ඇති කිරීම සඳහා නීතියේ ආධිපත්‍ය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගරු කිරීමේ වගකීම පිළිගන්නා, දුෂණය පිටුදැකීම හා අනෙක් පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ව්‍යවස්ථාවේ 28 වන ව්‍යවස්ථාවෙන් පිළිගෙන ව්‍යවස්ථා ගත කොට ඇති වගකීම ඉටු කරන නීති ගරුක පුරවැසියෙක් වෙමි.
2. 1988 මැයි මස 24 වන දින එවකට කථානායක ඊ එල් සේනානායක විසින් සහතික කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම පිලිබඳව සමාජ මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය වලින් දිගින් දිගටම අනාවරණය කරන ලද තොරතුරු මා විසින් අධ්‍යයනය කර ඇති ඇති අතර ඒ සම්බන්ධව එම ව්‍යවස්ථාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ 1988 අප්‍රේල් මස 18 වන දින අභියෝග කරන ලද අවස්ථාවේ පුරවැසියකු වූ කේ ලීලතුංග ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලද දිවුරුම් ප්‍රකාශයකින් ඉදිරිපත් කරන සාක්ෂි මගින් (X1) එය අඩුම තරමින් ජනරජයේ පරම අධිකාරිය (ව්‍යවස්ථාව 3) වන ජනතාවගේ දැනගැනීම සඳහා ගැසට් පත්‍රයේ පළකර නොමැති බව දැන ගතිමි.
3. චන්ද ක්‍රමය හා මැතිවරණ පිලිබඳව රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අලුතින් සංශෝධය ඉදිරිපත් කිරීමට එවකට අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද 11 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් වසර 5 ක කාලයක් පුරා (1983-1988) දීර්ඝ වශයෙන් සාකච්චා කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ජාතික ලැයිස්තු ව්‍යවස්ථාව (99අ) ඇතුලත් 14 වන ව්‍යවස්ථා සංශෝධනය (X2) සම්බන්ධව 1988 මැයි මස 04 වන දින පාර්ලිමේන්තුව හමුවේ පැහැදිළිව කරුණු දක්වන එවකට අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස විසින් තමන් ඉදිරිපත් කරන ලද 14 වන ව්‍යවස්ථා සංශෝධනයේ කිසිම තැනක ජනතාව ප්‍රතික්ෂේප කල අපේක්ෂකයින්ට එමගින් පාර්ලිමේන්තුවට පැමිණීමට අවසරයක් ලබාදී නොමැති බව තරයේ අවධාරණය කරයි. එසේම පාර්ලිමේන්තුවට තමන් ඉදිරිපත් කරන ලද 14 වන ව්‍යවස්ථා සංශෝධනයට වඩා වෙනස් ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු සභා ගැබේ හුවමාරු වන බව තමන් දන්නා බවත් ඔහු කථානායකට පැහැදිළිව දන්වා සිටියි (X3).
4.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ව්‍යවස්ථාවේ 82 වන ව්‍යවස්ථාවෙන් පිළිගෙන ව්‍යවස්ථා ගත කොට ඇති ක්‍රමවේදය එනම් නොපැමිණි මන්ත්‍රීන්ද අතුලව 2/3 බහුතර චන්දයෙන් එම 14 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර නැති බවත්, එවකට 196 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගෙන් 128 දෙනෙකු පමණක් එය සම්මත කිරීමට චන්දය ප්‍රකාශ කර ඇති බවත්, 1988 මැයි මස 04 වන දින හැන්සාඩ් වාර්තාව සාක්ෂි දරයි (X4).
5. ව්‍යවස්ථාවෙන් පිළිගෙන ව්‍යවස්ථා ගත කොට ඇති ජනතාව පමණක් සතුවන කිසිවකුට උදුරාගත නොහැකි ජනතා පරමාධිපත්‍ය බලයද (3 වන ව්‍යවස්ථාව) ජනරජයේ නීති සෘජුවම ජනතාව විසින්මද, තමන් නියෝජනය කරමින් චන්දයෙන් පත්කරන ලද මන්ත්‍රීන්ටද ක්‍රියාත්මක කිරීමට පවරා ඇති ව්‍යවස්ථාදායක බලයද [4 (අ) ව්‍යවස්ථාව] 14 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් සෘජුවම උල්ලංගණය කර ඇති බව පෙනී යයි. තවද, ජනතා පරමාධිපත්‍ය බලයේ වැදගත්ම අංගයක් වන මහජන චන්දයෙන් පමණක් තම නියෝජිතයෙන් පත්කිරීමට ජනතාව සතුවන චන්ද බලයද [4 (ඉ) ව්‍යවස්ථාව] එම 14 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් සෘජුවම උල්ලංගණය කර ඇති බවත් පැහැදිළිය. තවද එමගින් පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද අපේක්ෂකයින්ට නීති විරෝධීව, ව්‍යවස්ථා විරෝධීව, ප්‍රජාතන්ත්‍ර විරෝධීව, පාර්ලිමේන්තුවට ඇතුල්වීමට එම සංශෝධනයෙන් අවසර ලබා දී ඇති බවත් එමගින් ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ආරක්ෂා කර ප්‍රජාතන්ත්‍ර වාදය මත පදනම් වූ රාජ්‍ය පාලන ක්‍රමය අවඥාවට හා හෑල්ලුවට ලක්කර ඇති බවත් පැහැදිළිය.
6. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් සම්මත කරන ලද 14 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ ඇතුලත් වන ජාතික ලැයිස්තු ව්‍යවස්ථාව (99අ) ජනාධිපති ජේ ආර් ජයවර්ධන විසින් කුඨ ලෙස ජනතාව චන්දයේදී ප්‍රතික්ෂේප කරන ලද අපේක්ෂකයින්ටද ජනතාවගේ මනාපයකින් තොරව ව්‍යවස්ථා විරෝධීව පාර්ලිමේන්තුවට ඇතුල්විය හැකි වන පරිදි සංශෝධනය කර ඇති ඇති හෙයින් (X5) ඒ බව ජනතාව දැනගැනීම වැලැක්වීම සඳහා එය ගැසට් පත්‍රයේ පළකිරීම ඔහු විසින් වලක්වා ඇති බවද එම කරුණ නිසාම එය 'ජාතික වැදගත් කමක් ඇති හදිසි ව්‍යවස්ථා සංශෝධනයක්' ලෙස හඳුන්වමින් එය ජනතාවගේ අවධානයට ගැසට් පත්‍රයේ පල නොකර වංචනිකව එය සම්මත කිරීම සඳහා අධිකරණයේ අනුමැතිය ලබා ගැනීම සඳහා අග්‍රවිනිශ්චයකාර වරයා වෙත ලිපියක් මගින් 1988 අප්‍රේල් මස 08 වන දින යොමුකර ඇත (X6).
7. 1988 අප්‍රේල් මස 18 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම ව්‍යවස්ථා සංශෝධනය සලකා බැලීම සඳහා කැඳවන ලද අවස්ථාවේ එය පුරවැසියන් 4 දෙනෙකු විසින් මහජන අයිතිය බලගන්වමින් එය අභියෝග කර ඇති අතර ඒ අතරින් පුරවැසියකු වූ කේ ලිලතුංග අධිකරණය හමුවේ එය අභියෝග කරමින් පවරන ලද නඩුවේදී (SC/SD/2/21988) අධිකරණය වෙත දිවුරුම් ප්‍රකාශයෙන්, (X1) ජනාධිපති ජේ ආර් ජයවර්ධන විසින් අග්‍රවිනිශ්චයකාරවරයා වෙත යොමු කරන ලද 14 වන ව්‍යවස්ථා සංශෝධනය ප්‍රසිද්ධ කිරීම වලක්වා ඇති හෙයින් එහි පිටපතක් තමන් වෙත නිකුත් කරන ලෙස අධිකරනයෙන් ඉල්ලීමක් කර ඇත. නමුත් ජනාධිපති ජේ ආර් ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලද එම 14 වන ව්‍යවස්ථා සංශෝධනය රහස්‍ය ලියවිල්ලක් බවත් එහෙයින් එහි පිටපතක් තමන්ට ලබාදීම ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් වරයා විසින් ප්‍රතික්ෂේප කරන ලද බවත් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම් දී ඇත (X7).
8. එම 14 වන ව්‍යවස්ථා සංශෝධනය අභියෝග කිරීම පිලිබඳ නඩු විභාගය විනිසුරුවරුන් 5 දෙනෙකු හමුවේ 1988 අප්‍රේල් මස 18 වන දිනම විමසා අවසන් කරන ලද අවස්ථාවේ ජේ ආර් ජයවර්ධන විසින් කුඨ ලෙස සංශෝධනය කරන ලද ජාතික ලැයිස්තු ව්‍යවස්ථාවෙන් (99අ) පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව ප්‍රතික්ෂේප කරන ලද අපේක්ෂකයින්ට පාර්ලිමේන්තුවට ඇතුල්වීමට අවසර ලැබෙන බවද, එමගින් පාර්ලිමේන්තුවට හා විධායකයට ජනරජයේ ජනතාව සතුවන කිසිවකුට උදුරාගත නොහැකි පරමාධිපත්‍ය බලය උල්ලංඝණය වන බවද එම විනිසුරන් පැහැදිළිව දැන සිටියේය. එසේ වුවද එම ව්‍යවස්ථා විරෝධී, නීති විරෝධී 14 වන ව්‍යවස්ථා සංශෝධනය අභියෝග කරමින් අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලද කරුණු දැක්වීම් සියල්ල ප්‍රතික්ෂේප කරමින් යෝජිත ජතික ලැයිස්තු ව්‍යවස්ථාවෙන් ජනතා පරමාධිපත්‍ය බලය උල්ලංඝණය කිරීමක් සිදු නොවන බවත්, ජනතාව පමණක් සතුවන තම චන්ද බලය ක්‍රියාත්මක කිරීමෙන් ජනරජයේ නීති සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීන් පත්කිරීමට ඇති බලය [4(අ) ව්‍යවස්ථාව) සහ පාර්ලිමේන්තු මන්ත්‍රීන් මහජන චන්දයෙන් පමණක් පත්කිරීමට ජනතාව සතුවන චන්ද බලය [4ඉ) ව්‍යවස්ථාව) 14 වන ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු වූ 99අ චේදයෙන් උල්ලංඝණය නොකරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිගමණය කර ඇත. එහෙයින් එම නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී ජාතක ලැයිස්තු ව්‍යවස්ථාව 99අ සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් පවත්වා ජනරජයේ පරම අධිකාරිය වන ජනරජයේ ජනතාවගේ ප්‍රකාශිත අවසරය ලබාගැනීම අවශ්‍ය නොවන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිගමණය කර ඇත. (X8).
ඉංග්‍රීසි මාධ්‍යයෙන් පලකරන ලද එම අධිකරණ නිගමණයේ අදාළ කොටස මෙසේය.
'... අධිකරණය හමුවේ මෙම කරුණ සම්බන්ධව ඉදිරිපත් කරන ලද කරුණු අප විසින් සැලකිල්ලට ගන්නා ලද බවත් ඒ අනුව අපේ නිගමණය වන්නේ එහි ඇතුලත් වන 3 වන චේදය සහ 8 වන චේදය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන ව්‍යවස්ථාව සමග කියවෙන ව්‍යවස්ථාවේ 4 (අ) ව්‍යවස්ථාව සහ 4(ඉ) ව්‍යවස්ථා උල්ලංඝණය නොකරන බවත් එහෙයින් එය සම්මත කිරීම සඳහා ජනමතවිචාරයක් පවත්වා ජනතාවගේ කැමැත්ත ලබාගැනීම අවශ්‍ය නොවන බවත්ය...' (X9)
(14 වන ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු වූ 3 වන චේදයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීන් සංඛ්‍යාව 196 සිට 225 දක්වා වැඩි කිරීමද එහි 8 වන චේදයෙන් ජනතාව ප්‍රතික්ෂේප කරන ලද අපේක්ෂකයන්ට නැවත ජාතික ලැයිස්තු ව්‍යවස්ථාව මගින් නැවත පාර්ලිමේන්තුවට ඇතුල් වීමට අවස්ථාව ලබාදීමටද යෝජනා කර තිබිණ).
9. මෙම බරපතළ වංචාව නිවැරදි කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ පුර්ණ විනිශ්චය සභාවක් පත් කරන ලෙස මිට ප්‍රථම 2015 වසරේදී නීති විරෝධී ජාතික ලැයිස්තු ව්‍යවස්ථාව පාවිච්චි කරමින් ජනතාව ප්‍රතික්ෂේප කරන ලද අපේක්ෂකයින් 10 දෙනෙකු පත් කිරීම 2015 ඔක්තෝම්බර් මස 13 දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මහජන අයිතිය බලගන්වමින් මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම නඩු (SC/Writs /5/2015) පවරා අභියෝග කර ඇති නමුත් (X10) එසේ ජනතා පරමාධිපත්‍යය බලය අවභාවිතා කරමින් ජනතාව ප්‍රතික්ෂේප කල අපේක්ෂකයින් පත්කිරීම ජාතික වැදගත් කමක් ඇති කරුණක් නොවන බව එවකට අගවිනිසුරු වූ කේ ශ්‍රීපවන් විසින් 2016 ඔක්තෝම්බර් 24 වන දින නිගමණය කර එම වරද නිවැරදි කිරීම සඳහා පුර්ණ විනිශ්චය සභාවක් පත් කිරීම ප්‍රතික්ෂේප කර වගකීමෙන් නිදහස් වී ඇත (X11).
10. එතැන් සිට ජනතාව ප්‍රතික්ෂේප කරන ලද චන්ද අපේක්ෂකයින්ට 99අ ජාතික ලැයිස්තු ව්‍යවස්ථාව අවභාවිතා කරමින් පාර්ලිමේන්තුවට ඇතුල්වීමට අවසර ලැබී ඇති බවත්, එමගින් ජනරජයේ පරම අධිකාරිය වන ජනතාවගේ ජීවනාලිය සම්බන්ධව වැරදි තීන්දු තීරණ ගැනීමට නීති විරෝධීව ඔවුන්ට අවසර ලැබී ඇති බවත්, එමගින් රටට ජනතාවට බරපතළ හානියක් සිදු කිරීමට ඔවුන්ට අවසර ලැබී ඇති බවත්, අවධාරණය කරන මා පොදුජන එක්සත් පෙරමුණේ ජාතක ලැයිස්තු ලේඛණයේ නමවත් සඳහන් නොවූ බැසිල් රාජපක්ෂ හා දම්මික පෙරේරා සහ 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව විසින් සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන ලද රනිල් වික්‍රමසිංහ ජාතික ලැයිස්තු ව්‍යවස්ථාව අවභාවිතා කරමින් නැවත පාර්ලිමේන්තුවට ඇතුල්වීම ඒ බව තහවුරු කිරීම සඳහා ඇති හොඳම උදාහරණ ලෙසත්, දක්වා සිටිමි. මොවුන් අතරින් බැසිල් රාජපක්ෂ නැමැත්තා ජාතික ආර්ථිකය බිඳ වැටීම සම්බන්ධව සෘජුවම වගකිව යුතු වගඋත්තරකරුවකු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම 2023 නොවැම්බර් 23 වන දින තීන්දු කර ඇත (SCFR /195/2022).
11. නීතිගරුක, සහ අනෙකුත් පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා පෙනී සිටින පුරවැසියකු වශයෙන් 14 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් යෝජනා කරන ලද ජාතික ලැයිස්තු ව්‍යවස්ථාව (99අ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාම මගින් හඳුන්වා දී ඇති නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම් වූ රාජ්‍ය පාලනයට සපුරා පටහැනි ව්‍යවස්ථා විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී හා ජනතා පරමාධිපත්‍ය බලය උල්ලංඝණය කරන ව්‍යවස්ථා සංශෝධනයක් බවත්, ඒ බව දැන දැනම ශ්‍රේෂ්ඨාධිකරණය ජනතාවගේ අධිකරණ බලය අවභාවිතා කරමින් එය අනුමත කිරීම කිසිවකුට උදුරාගත නොහැකි ජනරජයේ පරම අධිකාරිය වන ජනතාවගේ පරමාධිපත්‍ය බලය අවක්ඥාවට ලක්කිරීමක් බවත් මා අවධාරණය කරමි. එහෙයින් 1988 මැයි මස 04 වන දින පාර්ලිමේන්තුව විසින් ව්‍යවස්ථා විරෝධීව සම්මත කරන ලද 14 වන ව්‍යස්ථා සංශෝධනය නීති විරෝධීව, ව්‍යවස්ථා විරෝධීව, ප්‍රජාතන්ත්‍ර විරෝධීව සම්මත කිරීමට දායක වූ එවකට ව්‍යවස්ථාදාකයකය, විධායකය සහ අධිකරණය නියෝජනය කල සියළුම පුද්ගලයන් ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එසේ වංචනිකව සංශෝධනය කිරීමට වගකිව යුත බවත් එහෙයින්
ජනතාවගේ අධිකරණ බලය විශ්වාසය මත බලගන්වන ආයතනය වන අධිකරණය ex mero motu නෛතික සිද්ධාන්තය භාවිතා කරමින් මෙම බරපතළ වරද නිවැරදි කිරීමට පියවර ගත යුතු බවත් නීති ගරුක පුරවැසියකු වශයෙන් මෙයින් අවධාරණය කරමි.
කියවා බලා තේරුම් ගෙන සත්‍ය ප්‍රකාශයක් ලෙස
පිළිගෙන ප්‍රතිඥා දී මා ඉදිරිපිටදී කොළඹදී 2024
අප්‍රේල් මස 30 වන දින අත්සන කරන ලදී

1,027

Supporter Voices
Petition Updates
Share this petition
Petition created on 19 April 2024