Colombo District Wetlands Endangered, Despite Global Ramsar Recognition!

0 have signed. Let’s get to 10,000!


Proposed construction of an Elevated Highway disrupting the Averihena Kuda Wewa Wetlands and the surrounding environment

We write to you in regard to the above mentioned subject to kindly request you as the custodian of our country's environment to please take action to safeguard the unique wetland ecosystem of Averihena Kuda Wewa and its environs, which are threatened by way of a proposed elevated highway cutting across the same.

It was only in November 2018, Colombo was recognised as a "Ramsar Wetland City" placing it amongst the 18 cities in the world accorded this prestigious accreditation. It is therefore imperative that the route for the proposed elevated highway is prevented from by passing and disrupting these unique wetland areas. Having recently received this honour, it will be  a shame to lose this honour under your watch.

In addition, we wish to bring the following facts on the Averihena Kudawewa Wetlands ecosystem and its surrounding environs, as also, its effects on the overall environment,  to your kind attention as follows;

1. Wetlands are proven flood buffers. Disrupting and fracturing these wetland ecosystems within the city by way of building a costly elevated highway, with concrete pile foundations to support concrete columns reinforced with steel beams and stashes of earth on the wetlands to provide its base, will not only impede the flows of water, but, will threaten the entire city with potential flooding. It will also disturb the unique and endemic animal species habitat in the wetlands, its serene and beautiful skyline, as also, the neighbouring residents with noise and air pollution emissions and unwanted shadows, thus lowering their quality of life. 

 2. This proposal also goes against the very ideals of stabilising atmospheric concentrations of Greenhouse Gases, as agreed to at the COP 21 UN Conference on Climate Change, attended by leaders of over 190 countries, which you as the President of Sri Lanka participated in Paris in 2015 and fully endorsed its proposed actions.

3. Some of the paddy lands that will be disrupted are the sole livelihoods of farmers living in the areas. As one of the most diverse ecosystems in the planet, it is home to large numbers of fauna and flora. Thus, it attracts wild life photographers, birders, and conservationists. This feature can be marketed more effectively as an eco tourist attraction that could generate revenue for the local village community.

4.This area has been declared by gazette notification as environmentally sensitive by the Central Environment Authority (CEA), which comes under your purview. Declassification of protected areas is a dangerous precedent, as it dilutes the legal provisions of the National Environment Act.

Based on the above mentioned facts, we the undersigned wish to sensitise you and make proposals with regard to  the development plans in this most environmentally vulnerable area. They are as follows;

a)   As a matter of priority, identify an alternative route for the proposed elevated highway, if such a highway is deemed an absolute necessity. However, it has been proven that building costly elevated highways through city centres have not necessarily solved problems of traffic, but rather, ruined neighbourhoods and increased traffic at their entry and exit points.

b)   Even in the US, elevated highways in urban areas have fallen out of favour and is being considered one of the biggest follies of the  20th century and are now considering tearing them down. They reckon, in the 21st century, with the imminent birth of driver-less vehicles to reduce traffic and global warming and climate change becoming high on the global agendas, their job is to prune the city highway systems to enable the highways and the cities to function better. Actions based on experiences and evidence from other countries should be given due consideration.

c)   Furthermore, whilst a Transit Railway Line has been approved to reduce vehicular traffic and emissions in the city, the construction of an elevated highway into the city  will increase vehicular traffic and emissions in the city and this  goes contrary to the desired objectives.

d)   As soon as possible, the stakeholders involved in this issue, viz ;

the Ministry of Environment, The Central Environment Authority, The Ministry of Megapolis, The Road Development Authority, The Land Reclamation Corporation, The Urban Development Authority and The Pradeshiya Sabha, in consultation with the communities concerned, should draw up a management and conservation plan before further degradation happens to this unique environment that can have ill effects on the future generations.

ඇවරිහේන කුඩා වැව තෙත්බිම් සහ අවට පරිසරය විනාශ මුඛයට ගෙන යන යෝජිත කුළුණු මතින් ඉදිවෙන මහාමාර්ගය

අපගේ රටේ පරිසරය සම්බන්ධ භාරකරුවා වන ඔබ වන බැවින්, යෝජිත කුළුණු මතින් ඉදිවෙන මහා මාර්ගය විසින් තර්ජනයට ලක් කෙරෙන ඇවරිහේන කුඩා වැව සහ ඒ අවට පරිසරය තුළ ඇති සුවිශේෂී තෙත්බිම් පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට පියවර ගන්නා මෙන් ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටීමට මෙම ලිපිය ඉදිරිපත් කරන්නෙමු.

කොළඹ නගරය “රැම්සාර් තෙත්බිම් නගරයක්” ලෙස පිළිගනු ලැබුවේ 2018 නොවැම්බර් මාසයේදී වන අතර එහිදී මෙම සම්භාවනීය පිළිගැනීම ලැබූ රටවල් 18 අතරට එක් වීමට අපට හැකි විය. එබැවින් මෙම යෝජිත කුළුණු මතින් ඉදිවෙන මාර්ගය මෙම සුවිශේෂී තෙත් බිම්වලට හානි කරමින් ඒ මතින් ගමන් කිරීම වැලැක්වීම ඉතා වැදගත් වේ. මෙම ගෞරවය ඉතා මෑතකදී ලබාගෙන ඔබ යටතේදීම එය අහිමි කරගැනීම අප රටට අවමානයක් වනු ඇත.

එමෙන්ම, ඇවරිහේන කුඩාවැව තෙත්බිම් පරිසර පද්ධතිය තුළ සහ ඒ අවට පරිසරය තුළ පවතින පහත කරුණු සම්බන්ධව මෙන්ම එමගින් සමස්ත පරිසරයටම ඇති වන බලපෑම සම්බන්ධව ඔබගේ කාරුණික අවධානය යොමු කිරීමට කැමැත්තෙමු;

1. තෙත් බිම් වූ කලී පිටාර ගැලීම් අවරෝධකයන් බව සනාථ වී ඇත.  මෙම තෙත්බිම් පරිසර පද්ධතියට හානි කරමින් සහ ඛණ්ඩනය කරමින් විශාල පිරිවැයක් දරා කුළුණු මතින් ඉදිකරන මහාමාර්ගය, වානේ බාල්ක මගින් වැරගැන්වූ කොන්ක්‍රීට් ටැම්වලට සහය ලබාදීමට යොදන කොන්ක්‍රීට් කුළුණු පදනම් මත ගොඩනැගෙන බැවින් එය ජල ගැල්මට බාධා කරනවා පමණක් නොව මුළු නගරයටම ගංවතුර තර්ජනයක්ද ඇති කරනු ඇත. එමෙන්ම එමගින් තෙත්බිම්වල සිටින සුවිශේෂී සහ ආවේණික සත්ව විශේෂයන්ගේ ජනාවාසවලටද, සුන්දර සහ ශාන්ත දර්ශනයටද බාධා කරනු ඇත. ශබ්දය සහ වායූ දූෂක විමෝචනයන් සහ අනවශ්‍ය ආවරණයන් හේතුවෙන් අසල්වැසි ජනයාගේ ජීවන තත්වය පහත හෙළනු ඇත. 

 2. එපමණක් නොව, 2015 පැරිස් නගරයේදී තවත් රටවල් 190 කාට වැඩි ගණනක නායකයින් සමග ඔබද සහභාගි වූ කාලගුණ විපර්යාස පිළිබඳ COP 21 එක්සත් ජාතීන්ගේ සමුළුව තුළදී එකඟ වූ වායුගෝලය තුළ හරිතාගාර වායූන් සංකේන්ද්‍රණය ස්ථායීකරණය කිරීමේ පරමාදර්ශයන්ද මෙම යෝජනාව මගින් උල්ලංඝනය කරනු ලබයි.

3. මෙමගින් බලපෑම් ලබන සමහර කුඹුරු එම ප්‍රදේශයේ ජීවත් වන ගොවියන්ගේ එකම ජීවනෝපායද වෙයි. මේ මිහිමත පවතින ජෛව විවිධත්වයෙන් පොහොසත්ම පරිසර පද්ධතීන්ගෙන් එකක් වන මෙය සත්ව හා ශාක විශේෂ ගණනාවකට නිවහනක් වෙයි.

එනිසා මෙයට වනජීවි ඡායාරූප ශිල්පීන්, පක්ෂීන් නරඹන්නන් සහ සංරක්ෂකයින් ආකර්ෂණය වෙයි. මෙය, ප්‍රදේශයේ ගැමි ප්‍රජාව සඳහා ආදායම් මාර්ගයක් සැකසීමට පරිසර සංචාරක කර්මාන්තය තුළ වඩා ඵලදායී ලෙස භාවිතා කළ හැකිය.

4. මෙම ප්‍රදේශය, ඔබගේ විෂය පථය යටතේ එන මධ්‍යම පරිසර අධිකාරිය විසින් පාරිසරිකව සංවේදී ප්‍රදේශයක් ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ආරක්ෂිත ප්‍රදේශ අනාවරණය කිරීම, ජාතික පරිසර පනතේ නෛතික විධිවිධාන කඩකරන බැවින්, ඉතා භයානක පූර්වාදර්ශයක් වෙයි

ඉහත සඳහන් කරුණු මත පදනම්ව, පහත අත්සන් තබා ඇති අපි, මෙම පාරිසරිකව අවදානමට ලක් විය හැකි ප්‍රදේශය තුළ සංවර්ධන සැලසුම් සම්බන්ධව ඔබගේ අවධානය යොමු කරන අතර එයට යෝජනා ඉදිරිපත් කර සිටින්නෙමු. ඒවා නම්;

අ) යෝජිත කුළුණු මතින් ඉදිවෙන මහා මාර්ගය තදබල අවශ්‍යතාවයක් වන්නේ නම්, ඒ සඳහා විකල්ප මාර්ගයක් හඳුනාගැනීමට ප්‍රමුඛතාවය ලබාදිය යුතුය. කෙසේ වෙතත්, නගර මධ්‍යයන් හරහා වියදම් අධික කුළුණු මතින් දිවෙන මහාමාර්ගයන් ඉදිකිරීම තුළින් මාර්ග තදබදය පිළිබඳ ගැටළුව නොවිසඳෙන බවත් අසල්වැසි ප්‍රදේශවලට හානි කරමින් ඇතුළු වීමේ හා පිටවීමේ ස්ථානවල විශාල වශයෙන් මාර්ග තදබදය ඇතිවෙන බවත් දැන් සනාථ වී ඇත.

ආ) එක්සත් ජනපදය තුළ පවා, නාගරික ප්‍රදේශවල කුළුණු මතින් ඉදිවෙන මහාමාර්ග තැනීම ප්‍රතික්ෂේප වෙමින් යන අතර ඒවා 20 වන සියවස තුළ සිදු කෙරුණු අඥානකම්වලින් එකක් ලෙස සලකා ඉවත් කිරීම සම්බන්ධවද සලකා බලමින් පවතී. මාර්ග තදබදය සහ ගෝලීය උණුසුම අඩු කිරීම සඳහා රියැදුරන් රහිත වාහන නිපදවීමත් සමග සහ කාලගුණ විපර්යාස ගෝලීය න්‍යාය පත්‍රය තුළ වැදගත් ස්ථානයක් ගැනීමත් සමග, 21 වන සියවස තුළ මහා මාර්ග සහ නගර වඩා ඵලදායී වීම සඳහා නාගරික මහාමාර්ග පද්ධතීන් වෙනස් වශයෙන් සකස් කිරීම වැදගත් වන බව ඔවුහු සලකති. අත්දැකීම් මත ගන්නා ක්‍රියාමාර්ග සහ වෙනත් රටවල සාක්ෂ්‍යයන් සඳහා නිසි අවධානය යොමු කළ යුතුය.

ඇ) එමෙන්ම, නගරයේ වාහන තදබදය සහ වායු විමෝචනයන් අවම කිරීම සඳහා සංක්‍රමණ දුම්රිය මාර්ගයක් අනුමත කර තිබෙන අතර නගරයට කුළුණු මතින් ඉදිවෙන මහා මාර්ගයක් ඉදිකිරීම තුළින් නගරයේ වාහන තදබදය සහ වායු විමෝචනය වැඩි වී අපේක්ෂිත අරමුණු අතර ගැටුමක් ඇති වෙනු ඇත.

ඈ) හැකි ඉක්මණින්, මෙම ගැටළුවට සම්බන්ධ පාර්ශ්වකරුවන් වන ;

පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, මහා නගර අමාත්‍යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය, ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව, නාගරික සංවර්ධන අධිකාරිය සහ ප්‍රාදේශීය සභාව, එක්වී අනාගත පරපුරටද අයහපතක් සිදුවෙන අන්දමින් මෙම සුවිශේෂී පරිසරයට තවදුරටත් හානි වීමට පෙර, අදාළ ප්‍රජාවන්ගේ අදහස් විමසීමෙන් කළමනාකරණ සහ සංරක්ෂණ සැලසුමක් සැකසිය යුතුය.

 


Want to share this petition?