Обновление к петицииSupport Fair Business and Tourism in Sri Lankaසිංහල පරිවර්තනය
Lakshitha WijayarathnaШри-Ланка
1 дек. 2023 г.

ඇල්ල ප්‍රදේශයේ සංචාරක අත්දැකීම් නවමු මානයකට ඉහළ නැංවීමේ අරමුණින් ප්‍රගතිශීලී සහ නීත්‍යානුකූල ව්‍යාපාරයක් වන රාවණා ඔඩිසි හෙවත් තට්ටු දෙකේ සංචාරක බස් රථ ව්‍යාපෘතියට එහි ආරම්භයේදී එල්ල වූ ප්‍රතිරෝධය සහ බාධාවන් පිළිබඳව දැඩි කනස්සල්ලට පත්ව සිටිමු. ප්‍රධාන වශයෙන් ත්‍රීරෝද රථ සහ කුලී රථ රියදුරන් අතර ඒකාධිකාරයක් පැවතීම, මෙම නවමු තට්ටු දෙකේ විවෘත සංචාරක බස් රථයේ ස්වභාවික චාරිකාවේ (Nature Tour) ආරම්භයට බාධා කරමින්, මාර්ග වසා දැමීම් සහ විරෝධතාවලට තුඩු දී ඇත. රටක් වශයෙන් ශ්‍රී ලංකාවට සංචාරක ආකර්ශණය වෙන කවරදාටත් වඩා අවශ්‍ය මොහොතක නව අදහස් ඇති ව්‍යාපෘති වලට අකුල් හෙලන මෙවැනි බාධාවන් වලට විරෝධය පළකිරීමට ඔබත් කැමති නම් මේ සබැඳියෙන් පිවිස අත්සන් කරන ලෙස ඉල්ලා සිටිමු.

Скопировать ссылку
WhatsApp
Facebook
Nextdoor
Эл. почта
X