Sri Lanka already wrote the plan that saves its elephants, so why does one die every day?

435

Let’s get to 500 signatures!
Petitions with 1,000+ supporters are 5x more likely to win!

The Issue

Sri Lanka already wrote the perfect plan that saves its elephants. President Dissanayake, Minister Patabendi: use it.

On Saturday 20 June 2026, the day Northampton Saints lifted the Premiership trophy in front of a jubilant crowd, an elephant named Digha died in Sri Lanka, electrocuted on an illegal fence wired directly to the mains. Two months later, that same team is on Sri Lankan soil for the first time in its history, touring alongside the Asia Pacific Lions and building to a marquee match at the Colombo Racecourse International Stadium on 28 August.

The world's rugby community is watching Sri Lanka this week for reasons that have nothing to do with what happened to Digha and we need them to keep watching.  Here's what else is happening there right now.

In 2021, Sri Lanka's own leading elephant scientists, handed the government a fully costed National Action Plan for human-elephant conflict: fence farms and villages instead of fencing elephants into parks, and phase out the elephant drives that had failed for decades. It worked. When it was funded and partially implemented in 2024, elephant deaths fell for the first time in a decade.

President Dissanayake took office that September. Within weeks, implementation stopped. Drives resumed. Trenches went back up around protected areas, and firearms were issued to farmers on smaller and smaller plots of land. In 2025, 438 elephants and 158 people died, the worst year ever recorded. The government now talks about "clearing elephant corridors," which conservationists warn could mean stripping the cover elephants need to move, not the encroachment blocking their path. Sri Lanka has fewer than 100 tuskers left, maybe as few as 50 to 60, and at this rate the ones that remain could be gone within a generation.

 Sri Lanka's  Scientists specialising in Human Elephant conflict  have not been named in the group taking  part of process in deciding what comes next. That process is happening right now, this month, under President Dissanayake's own environment ministry, and the drives and firearms already back in use are the exact approach his plan was written to end.

We're calling on President Dissanayake and Minister Patabendi to follow the science their own scientists already produced, and to back and implement the National Action Plan that was working before it was dropped on their watch. The world is watching this week. It will notice if nothing changes.

 PLEASE  Sign to ask  President Dissanayake and Minister Patabendi: implement the National Action Plan Sri Lanka already has.

PLEASE REMEMBER TO VERIFY  YOUR SIGNATURE ONCE YOU SIGN  THIS PETITION - MANY HAVE SIGNED BUT NOT DONE SO MEANING THEIR SIGNATURE DOESN'T COUNT.  THANKS YOU SO MUCH.

elephantheritagetrust.org

ශ්‍රී ලංකාව දැනටමත් සිය අලි සම්පත සුරක්ෂිත කිරීම උදෙසා වඩාත්ම සුදුසු සැලැස්ම සකස් කර අවසන්ය. ගරු ජනාධිපති අනුරදිසානායක මැතිතුමනි, ගරු ධම්මික පටබැඳි අමාත්‍යතුමනි, කරුණාකර වහාම එම සැලැස්ම ක්‍රියාත්මක කරන්න.
නෝතැම්ප්ටන් සේන්ට්ස් කණ්ඩායම උද්‍යෝගිමත් දැවැන්ත ප්‍රේක්ෂක ජනකායක් ඉදිරියේ ප්‍රිමියර්ෂිප් කුසලානය ජයග්‍රහණය කළ2026 ජූනි 20 වන සෙනසුරාදා දින, ශ්‍රී ලංකාවේදී 'දීඝ' නමැති හස්තියා ප්‍රධාන විදුලි රැහැනකට සෘජුවම සම්බන්ධ කර තිබූ නීතිවිරෝධී විදුලි වැටකට හසුව විදුලි සැර වැදීමෙන් මියගියේය. මාස දෙකකට පසුව, එම කණ්ඩායමම තම ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රීලංකා භූමියට පැමිණ සිටින අතර, ආසියා පැසිෆික් ලයන්ස් කණ්ඩායම සමඟ තරග සංචාරයක නිරත වෙමින් අගෝස්තු 28 වන දිනකොළඹ රේස්කෝස් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සුවිශේෂී තරගය සඳහා සූදානම් වෙමින් සිටිති.

ජාත්‍යන්තර රග්බි ප්‍රජාව මේ සතියේ ශ්‍රී ලංකාව කෙරෙහි ඇස යොමුකර සිටින නමුත් දීඝ හස්තියාට සිදු වූ ශෝචනීය සිදුවීමකිසිවෙකුගේ අවධානයට ලක්වී නැත. එබැවින් මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුවෙමින් පවතින අනෙකුත් තත්ත්වයන් මෙසේඅවධාරණය කර සිටිමු.

ශ්‍රී ලංකාවේ අලින් පිළිබඳ කටයුතු කරන ප්‍රමුඛ පෙලේ විද්‍යාඥයන් විසින් 2021 වසරේදී    අලි - මිනිස් ගැටුම නිරාකරණය කිරීමසඳහා නිසි පිරිවැය ගණනය කිරීම් සහිත ජාතික ක්‍රියාකාරී සැලැස්මක් රජය වෙත භාර දෙන ලදී. වන අලින් රක්ෂිත තුළ සිරකරවැටවල් ඉදිකිරීම වෙනුවට ගොවිපළවල් සහ ගම්මාන වටා විදුලි වැටවල් ඉදිකිරීමත්, දශක ගණනාවක් තිස්සේ අසාර්ථක වූමෙහෙයුමක් වූ, අලි අල්ලාගෙන වෙනත් ප්‍රදේශවලට රැගෙන යාම ක්‍රමයෙන් නතර කිරීමත් එම සැලැස්මේ ප්‍රධාන වශයෙන් යෝජනාවිය. 

එම ප්‍රවේශය සාර්ථක වූ අතර 2024 වසරේදී ඊට අවශ්‍ය ප්‍රතිපාදන හිමිවීමෙන් පසු එය අර්ධ වශයෙන් ක්‍රියාත්මක කිරීමත් සමඟ, දශකයකට පසුව පළමු වතාවට අලි මරණ සංඛ්‍යාවේ පැහැදිලි අඩුවීමක් වාර්තා විය.

එම වසරේ සැප්තැම්බර් මාසයේදී ජනාධිපති අනුර දිසානායක මැතිතුමා ධුරයට පත් විය. නමුත් ඉන් සති කිහිපයක් ඇතුළත, එමසැලැස්ම ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලදී. අලි එළවීමේ මෙහෙයුම් නැවත ආරම්භ විය. ආරක්ෂිත ප්‍රදේශ වටා නැවතත් අගල්කැපීම සිදු වූ අතර, කුඩා ඉඩම් හිමි ගොවීන් වෙත ගිනිඅවි නිකුත් කිරීමට කටයුතු කෙරිණි. එහි ප්‍රතිඵලයක් ලෙස 2025 වසරේදී අලින්438 දෙනෙකු සහ මිනිසුන් 158 දෙනෙකු මියගිය අතර, එය ඉතිහාසයේ වාර්තා වූ බිහිසුණුම වසර බවට පත් විය. රජය මේ වන විට"අලි මංකඩවල් සුද්ධ කිරීම" පිළිබඳව අවධානය යොමු කර ඇති අතර, පරිසර සංරක්ෂකයන් පෙන්වා දෙන්නේ එයින් අදහස් කරන්නේඅලින්ගේ ගමනාගමනයට බාධා කරන අනවසර අත්පත්කරගැනීම් ඉවත් කිරීම නොව, උන්ගේ ගමනාගමනයට අවශ්‍ය වන වනාන්තරආවරණය ඉවත් කිරීම විය හැකි බවයි. ශ්‍රී ලංකාවේ දැනට ඉතිරිව සිටින්නේ 100 කටත් අඩු දළ ඇතුන් ප්‍රමාණයකි. සමහර විට එමසංඛ්‍යාව 50 ත් 60 ත් අතර අගයක් දක්වා අඩු විය හැකිය. මෙම තත්ත්වය මෙලෙසම පැවතුණහොත් ඉතිරිව සිටින ඇතුන් ප්‍රමාණයදඉදිරි පරම්පරාව ඇතුළත සම්පූර්ණයෙන්ම වඳ වී යාමේ අවදානමක් පවතී.

ඉදිරියේදී ගන්නා පියවර තීරණය කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ විවිධ රජයේ අමාත්‍යවරුන්ගේ නම් ශ්‍රී ලාංකික මාධ්‍ය ඔස්සේප්‍රකාශයට පත් කර ඇත. කෙසේ වෙතත්, සාක්ෂි පදනම් කරගත් මුල් ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කළ කිසිදු විද්‍යාඥයෙකු ඊටඇතුළත් කර නොමැත. එම තීරණ ගැනීමේ ක්‍රියාවලිය මේ වන විටත්, මේ මාසය ඇතුළත, ජනාධිපති අනුර දිසානායක මැතිතුමායටතේ පවතින පරිසර අමාත්‍යාංශය හරහා සිදු වෙමින් පවතී. දැනටමත් නැවත භාවිතයට ගෙන ඇති අලි එළවීමේ මෙහෙයුම් සහගිනිඅවි ලබා දීමේ පියවර යනු 2020 සැලැස්ම මගින් මුළුමනින්ම අවසන් කිරීමට යෝජනා කරන ලද ක්‍රමවේදයන් වේ.

අප ජනාධිපති අනුර දිසානායක මැතිතුමන්ගෙන් සහ ධම්මික පටබැඳි අමාත්‍යතුමන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ, තමන්ගේමවිද්‍යාඥයන් විසින් ඉදිරිපත් කරන ලද විද්‍යාත්මක පදනම අනුගමනය කරන ලෙසත්, වත්මන් ධුර කාලය අවසන් වීමට පෙර, සාර්ථකප්‍රතිඵල පෙන්වූ ජාතික ක්‍රියාකාරී සැලැස්ම නැවත ආරම්භ කර ක්‍රියාත්මක කරන ලෙසත්ය. මේ සතියේ මුළු ලෝකයේම අවධානයශ්‍රී ලංකාව වෙත යොමු වී ඇත. කිසිදු සාධනීය වෙනසක් සිදු නොවන්නේ නම් ජාත්‍යන්තරය මේ සම්බන්ධයෙන් නිසි අවධානය යොමුකරනු ඇත.

ජනාධිපති අනුර දිසානායක මැතිතුමාගෙන් සහ ධම්මික පටබැඳි අමාත්‍යතුමාගෙන් මෙම ඉල්ලීම සිදු කිරීම සඳහා කරුණාකර මෙමපෙත්සමට අත්සන් තබන්න. ශ්‍රී ලංකාව සතුව දැනටමත් පවතින ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කරන්න.

පෙත්සමට අත්සන් තැබීමෙන් අනතුරුව ඔබේ අත්සන තහවුරු කිරීමට කාරුණික වන්න. බොහෝ පිරිසක් අත්සන් තබා තිබුණද තහවුරුකිරීම සිදු කර නොමැති අතර, එමගින් ඔවුන්ගේ අත්සන් වලංගු භාවයට පත් නොවේ. ඔබගේ සහයෝගයට බෙහෙවින්ම ස්තූතියි.


 

 

 

The Decision Makers

Dhammika Patabendi
Dhammika Patabendi

Supporter Voices

Petition Updates