
Tamil Genocide Education Week
දමිළ ජණසංහාර සතිය
1. ඔබත් මමත් දිවි ගෙවන කැනඩාව බහු සංස්කෘතිකවාදය (Multiculturalism) ව්‍යවස්ථාවෙන්ම ස්ථාපිත කළ රටකී. විවිධ ජන කොටස් සාමකාමිකව එකම කැදැල්ලක දිවි ගෙවන රටවල් අතර ප්‍රමුඛස්ථානයේ වැජබෙන රටකි.
අව්රුදු 30 ක කුරිරු ත්‍රස්තවාදයෙන් බට කෑ රටකින් මෙහි පැමිණි අපි වාසනාවන්තයින් යැයි එදා අපි සිතුවෙමු ! නිදහසේ සාමකාමීව දිවි ගෙවීමට ලැබේවා යැයි පැතුවෙමු!
2. ඒ තත්වය ඉක්මනින්ම වෙනස් වී ගෙන යන බව ඔබ දන්නේද ?
“ දමිළ ජණසංහාර සතිය”(Tamil Genocide Education Week Act, 2021, S.O. 2021, c. 11) යන පනත ඔන්ටෙරියෝ ප්‍රාන්තයේ 2021 මැයි මස සම්මත කරන ලදී.
3. මෙම පනත පදනම් වී ඇත්තේ1948 පෙබරවාරි 4 (නිදහස් දින) සිට සිංහළ බෞද්ධ ජනතාව විසින් දමිල ජනතාවට එරෙහිව, ශාරීරික සහ මානසික වදහිංසා පමුනවා ලක්ෂ සන්ඛායත ජනතාවක් සමුල ඝාතනය කර ඇති බවට එල්ල කළ සම්පුර්ණයෙන්ම අසත්‍යවූත් අභූත වුත් පදනම් විරහිත වුත් චෝදනා මතයි! LTTE ගැන හෝ 30 වසරක් අප මුහුණ දුන් ත්‍රස්තවාදය ගැන හෝ කිසිදු සඳහනක් මෙම පනතේ නැති බව ඔබ දන්නවාද?
4. මෙම පණතින් සෑම වසරකම මැයි මස 18 න් අවසන් වන දින 7ක කාලය තුලදී සිංහළ බෞද්ධයින් විසින් අහිංසක නිරායුධ දමිළ කිරි දරුවන්ගේ සිට මහලු ජනකොටස් දක්වා මිලේච්ච ලෙස ඝාතනය කිරීමේ සංහාර සතිය ලෙස අනුස්මරණය කරමින්, ඔන්ටෙරියෝ ප්‍රාන්තයේ ජනගහණය වන මිළියන 14 ක ජනතාවක් නොමග යැවීම පාසල් තුලින් ක්‍රියාත්මක කිරීම සිදු වනු ඇත!
මෙහි සැඟවුණු අපේක්ෂාව වන්නේ, ශ්‍රී ලාංකීය ඔබෙත් මගෙත් අහිංසක දු දරුවන් ප්‍රමුඛ සියලු දෙනාම මිනිමරුවන් ලෙස අවමානයට ලක් කොට, ලැජ්ජාවට පත්කොට, අපහසු තත්වයට පත් කිරීමයි !
5. මෙම යෝජනාවේ මොළ කරුවනන් චසන් කරන සත්‍යය නම්, දමිළ ජනතාව කැනඩාවට පැමිණියේ 1948 නිදහස නිසා නොව නොව, LTTE නම්වූ ම්ලේච්ඡ ත්‍රස්තවාදී කණ්ඩායම විසින් 1975 සිට 30 වසරක් මුළුල්ලේ ක්‍රියාත්මක කරන ලද ත්‍රස්ත ක්‍රියාවලියට මුවා වී , ගොතන ලද අසත්‍ය කරුණු තුලින් සරණාගතයින් ලෙස කැනඩාවට පැමිණීමේ වරම් ලබා ගැනීම තුලින් බවයි.
සිංහල මුස්ලිම් ජනතාව තම නිජ බිම යයි කියා ගත් ප්‍රදේශ වලින් පලවා හැරීමට සැලසුම් සහගතව සමූල ඝාතනය කර ethinic clensing දියත් කලේ LTTE යයි. තමන්ට එකඟ නොවූ දහස් ගණන් අහිංසක දමිල වැසියන් මෙන්ම දමිල නායකයන් ඝාතනය කලේ LTTE යයි. ලක්ෂ 3 ක් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගෙන බේරී යන්නට තැත් කල අයට වෙඩි තැබුවේ LTTE යයි. මේ ඔවුන් කල සාහසික අපරාධ වලින් බිඳක් පමණි.
අද සිංහල බෞද්ධ ජනතාවට ඇඟිල්ල දික් කරන්නේ මේ මිනි මරුවන් විසින්ය.
6. පනත නිර්මාණය කලේ කවුරුන් විසින්ද ?
LTTE ත්‍රස්තවාදී සංවිධානයේ අනුගාමිකයින් වන දමිල ඩයස්‌පෝරාවේ අන්තවාදී කොටස් විසිනි.
7.මෙම අසත්‍යවුත් අභූතවුත් කැනඩාවේ බහුසංස්කෘතිකවාදයට (Multiculturalism) අභියෝගයක් වූත්, යෝජනාවලියට ඔන්ටෙරියෝ පාර්ලිමේන්තුවේ කොටස් සහය දැක්වුයේ ඇයි?
කැනඩාවේ ජනගහනයෙන් 40%ක් (මිලියන 13.5) වාසය කරණ ඔන්ටෙරියෝ ප්‍රාන්තය කැනඩාවේ වැඩිම පිරිසකින් සමන්විත ප්‍රාන්තයයි! ශ්‍රී ලංකාවේ යාපනය නගරයට පසුව ලෝකයේ වැඩිම ශ්‍රී ලාංකීය දමිල ජනතාව වාසය කරන නගරය ටොරොන්ටෝ නගරයයි. ඒ වාගේම කැනඩාව පාළනය කරනු ලබන දේශපාලන කණ්ඩායම තේරීමේදී වැඩිම බලපෑමක් කළ හැකි ප්‍රාන්තය ඔන්ටෙරියා ප්‍රාන්තයයි! ඔන්ටෙරියා ප්‍රාන්තයේ පාලන බලය ලබාගැනීමේදීද, කේවල් කිරීමේ ශක්තිය දමිළ ජනතාව සතු බව දේශපාලකයින්ගේ ගණනය කිරීමයි!
8. කැනඩාවේ වෙසෙන සිංහල බෞද්ධ ජනතාවට එරෙහිව නීති රාමුවක් තුල සැඟවී මේ ක්‍රියාත්මක කරන්නේ ”සිංහල බෞද්ධයිනට එරෙහි සැබෑ ජන සංහාරයකි”. ඉදිරියේදී ලාංකික සිංහල යනට කැනඩාවට සංක්‍රමණය වීමේ අවස්ථා නැති කරමින්, දමිළයන්ට උපරිම අවස්ථා ලබා දීමේ කුමන්ත්‍රණයකි. දැනට කැනඩාවේ වෙසෙන අප, ජර්මානු නාසීන්ට සමාන කරමින් කැනේඩියානු සමාජය තුල පරයන් බවට පත් කිරීමේ උත්සාහයකි.
LTTE ත්‍රස්ත කොටස් අපව තාප්පයට හේත්තු කොට අවසානය. තවත් පසු බැසීමට ඉඩක් නොමැත!
9. අප, අපේ වත්මන් සහ අනාගත පරපුර වෙනුවෙන් දැනට ගෙන යන සටන පිළිබඳව වත්මන් තත්වය පහතින් දක්වමු
මෙම අසාධාරණ ක්‍රියාවලියට එරෙහිව අපට කළ හැකි එකම ක්‍රියාදාමය නීති මඟින් කටටුතු කිරීමයි!
මේ සම්බන්දයෙන් අප (Sri Lanka Canada Action Coalition, SLCAC & Sri Lanka Canada Association of Brampton, SLCAB) කටයුතු කරමු. ඒ සඳහා ඔන්ටෙරියෝ හි ප්‍රමුඛ නීති සමාගමකින් නීතිඥ වරු 5 දෙනෙකු ගෙන් සමන්විත කණ්ඩායමක ගේ සේවය ලබා ගෙන ඇත. මය අපගේ අවසාන අවස්ථාව නිසා මෙවන් ප්‍රබල කණ්ඩායමක් යෙදවීමට සිදුවිය. මේ සඳහා 175,000$ වැයක් අපේක්ෂා කලෙමු. එය 250,000$ දක්වා ඉහළ යන බව පෙනී යයි. අපේ සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් ජාති මාමක දේශ හිතෛෂී පිරිසකගේ උදාරවුත් ශ්‍රේෂ්ඨවූත් කැපවීම තුලින් දැනටමත් 140,000$ රැස් කිරීමට සමත් වී ඇත. මුදල් ගෙවීමේ ප්‍රමාදය සඳහා 18% ක පොලියක් නීති සමගම වෙත ගෙවීමටද සිදු වී ඇත.
ආයාචනය
හිතවත් මව් පිය සොහොයුරු සොහොයුරියානි හිතවතුනි හිත්වතියනි, ශ්‍රී ලාංකීය ඔබෙත් මගෙත් අහිංසක දු දරුවන් ප්‍රමුඛ සියලු දෙනාම මිනිමරුවන් ලෙස අවමානයට ලක් කොට, ලැජ්ජාවට පත්කොට, අපහසු තත්වයට පත් කිරීම තුලින් අධ්‍යාපනය කඩකප්පල් කොට, රැකියා අවස්ථා අහිමිකොට, මානසික රෝගීන් බවට පත්කොට, බොහෝවිට සිය දිවි හානි කරගැනීම දක්වා මානසික ආතතියට පත් කොට සිංහල ජනතාව කැනඩාවෙන් තුරන් කිරීමේ මේ ක්‍රියාදාමය නීති මඟින් පරාජය කිටිමට ඔබේ දු දරුවන් වෙනුවෙන් ශක්තිප්‍රමාණයෙන් දායක වන ලෙස ආයාචනය කරමු. මේ වන විට ද ඔබ දායක වී ඇත් නම් ස්තුතිවන්ත වන අතරම සටන ජයග්‍රහණය දක්වා ගෙන ය යුතු නිසා, ඔබේ දායකත්වය දිගටම අපේක්ෂා කරමු.
මෙම ජාති මාමක, නව නිදහස් අරගලය ගැන www.ontarioBill104.ca හි සඳහන් කර ඇත.
මෙම අරගලය සිංහල බෞද්ධයන් මූලිකව, සියළු ලාංකිකයන් වෙනුවෙනි. මෙම ඓතිහාසික සටනට ඔන්ටේරියෝ හි සියළු විහාරස්ථාන ආශීර්වාදය හා සහයෝගය ලබා දේ.
මෙම කර්තව්‍යයට ඔබගේ මූල්‍ය ආධාරය හැකි ඉක්මණින් ලබාදීමට කටයුතු කරන්න.
ස්තුතියි
SLCAC + SLCAB විධායක කමිටු
eTransfer email (Auto deposit enabled):
eTransfer@SriLankanCanadian.ca
GoFundMe Link:
https://www.gofundme.com/f/legal-fund-for-fighting-against-bill-104
Paypal (one time or monthly donations):
https://tinyurl.com/28ndshwy