පාසල් වල කොන්ඩය බලන එක නවතා , ලෝකය දෙස බලන්න ! Stop Forced Haircuts for students !
The Issue
ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක වන "බලහත්කාරී කොණ්ඩය කැපීමේ" මානසික වධහිංසාව වහා නතර කරනු!
ශ්‍රී ලාංකේය පාසල් පද්ධතිය තුළ අදටත් රජයන, සිසුන්ගේ මානසික සෞඛ්‍යය සූරාකන, ඔවුන්ගේ ආත්ම අභිමානය අළු දූවිලි බවට පත් කරන අතිශය ම්ලේච්ඡ සහ යල් පැන ගිය ක්‍රියාවලියක් කෙරෙහි ඔබේ කාරුණික හා හදිසි අවධානය යොමු කරනු රිසියෙමි. එනම්,"හික්මීම" යන ලේබලය යටතේ පාසල් සිසුන්ට බලහත්කාරයෙන්, ඔවුන්ගේ කැමැත්තට පටහැනිව කොටට කොණ්ඩය කැපීමට සිදුවීමයි.
පසුගියදා, පාසලේ අත්තනෝමතික නීති රීති හමුවේ මටද මගේ කොණ්ඩය ඉතා කෙටි ලෙස කපා ගැනීමට බලකෙරුණි. යෞවනයෙකු ලෙස, අපගේ පෙනුම සහ කොණ්ඩය යනු හුදෙක් අලංකාරයක් නොව, අපගේ අන්‍යතාවය, ආත්ම විශ්වාසය සහ පෞරුෂයේ ප්‍රධානතම කුළුණයි. රූපලාවණ්‍යාගාරයකට (Salon) ගොස් කොණ්ඩය කැපීම වෙනුවට, පාසලේදී ගුරුවරුන් ඉදිරියේ අසරණ වෙමින්, ඇතැම් විට ප්‍රසිද්ධියේ "දඬුවමක්" ලෙස කොණ්ඩය කැපීමෙන් සිසුවෙකු තුළ කිසිදු හික්මීමක් හෝ අධ්‍යාපනයට ඇති උනන්දුවක් ජනිත වන්නේ නැත. සිදු වන්නේ එම දරුවා මානසිකව සහ ආත්මීයව සම්පූර්ණයෙන්ම ඇද වැටීම පමණි. එය අධ්‍යාපනයක් නොව, ආත්මය මරා දැමීමකි.
පාසල පැනවූ මෙම කෙටි කොණ්ඩය නිසා, අද මට උපකාරක පන්ති (tuition classes) වලදී අනෙක් ළමයින්ගේ සමච්චලයට,විහිළුවලට සහ දැඩි අපහසුතාවලට ලක්වීමට සිදු වී ඇත. පාසලෙන් "සමානතාවය" උදෙසා යැයි පවසන මෙම කුරිරු නීතිය නිසා, අපගේ ජීවිතයේ වැදගත්ම, තීරණාත්මක අධ්‍යාපනික කාල සීමාවේදී අපට දැඩි මානසික පීඩනයකට, කනස්සල්ලකට සහ හුදෙකලාවකට මුහුණ දීමට සිදු වී ඇත.
මෙම විද්‍යාත්මක පදනමක් නැති, හරයක් නැති කොණ්ඩය කපන නීතිය නිසාම, අද විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක් පාසල් අධ්‍යාපනය කෙරෙහි දැඩි කළකිරීමට පත්ව, පාසල හැර දමා උසස් පෙළ විභාගයට පෞද්ගලික අයදුම්කරුවන් (Private Candidates) ලෙස පෙනී සිටීමට තීරණය කර ඇත. දක්ෂ දරුවන්ව පාසල් පද්ධතියෙන් එළවා දමන අධ්‍යාපනයක් අපට කුමකටද?
එමෙන්ම, උසස් පෙළ හදාරන බහුතරයක් සිසුන් වයස අවුරුදු 18 සම්පූර්ණ වූ, නීතිමය වශයෙන් වැඩිහිටියන් වේ. රටේ පාලකයන් තේරීමට ඡන්දය ප්‍රකාශ කිරීමට, විවාහ වීමට, රියදුරු බලපත්‍ර ලබා ගැනීමට සහ අනෙකුත් සියලුම වැඩිහිටි තීරණ ගැනීමට අයිතිය ඇති මෙම සිසුන්ට, අවම වශයෙන් තමන්ගේ පෞද්ගලික පෙනුම සහ කොණ්ඩය කැමති පරිදි තබා ගැනීමටවත් නිදහසක්, අයිතියක් නොලැබීම අතිශය අසාධාරණ සහ ලැජ්ජාසහගත කරුණකි.
අපගේ අධ්‍යාපන පද්ධතිය ආදර්ශයට ගත යුත්තේ ලෝකයේ හොඳම අධ්‍යාපනයක් ඇති දියුණු රටවල් මිස, තවමත් පරණ සම්ප්‍රදායන් මත සිටින ඉන්දියාව වැනි රටවල් නොවේ. ලෝකයේ සාර්ථකම සහ ඉහළම අධ්‍යාපන මට්ටමක් ඇති රටවල් මෙන්ම, අපගේ අසල්වැසි නේපාලය (Nepal) පවා සිසුන්ගේ ශාරීරික ස්වාධීනත්වය (Bodily Autonomy) හඳුනා ගනිමින්, පිරිමි සිසුන්ට තමන්ගේ කැමැත්ත පරිදි කොණ්ඩය වවන්නට නීතිමය ඉඩකඩ සහ නිදහස ලබා දී ඇත.
කොණ්ඩය කෙටියෙන් කැපීමේ මෙම මර්ධනකාරී නීතිය යටත්විජිත සමයේ අපව වහලුන් ලෙස තබා ගැනීමට විදේශිකයන් විසින් හඳුන්වා දුන් එකකි. නූතන අධ්‍යාපනය යොමු විය යුත්තේ ශිෂ්‍යයාගේ බුද්ධිය, චරිතය සහ නිර්මාණශීලීත්වය දියුණු කිරීමට මිස ඔවුන්ගේ හිසකෙස් වල දිග මනිමින් පෙනුම පාලනය කිරීමට නොවේ.
එබැවින්, ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් මම ඔබගෙන් අතිශය ගෞරවයෙන් සහ දැඩිව ඉල්ලා සිටින්නේ, මෙම අඳුරු යුගයට අයත් නීති රීති වහාම සමාලෝචනය කර ඉවත් කරන ලෙසයි. ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමවේදයන් අනුගමනය කරමින්, විශේෂයෙන්ම උසස් පෙළ හදාරන සිසුන්ටවත්, තමන්ගේ කොණ්ඩය පිරිසිදුව හා පිළිවෙලට තබා ගනිමින්, තමන් කැමති ලෙස වර්ධනය කිරීමට ඉඩ සැලසෙන පරිදි නීති ලිහිල් කරන ලෙස ඉල්ලා සිටිමි.
ශ්‍රී ලාංකික සිසුන් ලෙස, අපගේ ගෞරවය, පෞරුෂය සහ මානසික සෞඛ්‍යය සුරැකෙන අධ්‍යාපන ක්‍රමයක් ලබා ගැනීමට අපට පරම අයිතියක් ඇත. මාගේ මෙම හඬ, අනාගත පරම්පරාව මෙම මානසික වහල්භාවයෙන් මුදා ගැනීමට හේතු වනු ඇතැයි මම දැඩිව විශ්වාස කරමි.
16

Petition Updates
Share this petition
Petition created on November 1, 2026