Обновление к петицииStand up against lifting the ban on brutal LTTE Tamil terrorists’ organisations in the UKUpdate for 26th October 2020
British CitizensLondon, Великобритания
26 окт. 2020 г.

දයාබර සහෝදරවරුනි, කාලයක් තිස්සේ එංගලන්තය තුල කොටි සංවිධානය තහනම් කර තිබුනි.
එම තහනම ඉවත්කරන ලෙසට TGTE, (එනම් දේශසීමා රහිත දෙමල ඊලාම් රාජ්‍යය නම් රුද්‍රකුමාරන් නැමැත්තා විසින් නායකත්වය දෙන සංවිධානය) සංවිධානයේ මෙහෙයවීමෙන් අභියාචනා කොමිසමට ඉදිරිපත් කර තිබූ අභියාචනය එම කොමිසම විසින් පිලිගෙන ඇත. මෙහිදී කොමිසම තීරණය කර තිබෙන්නේ ඔවුන්ගේ ඉල්ලිම පරිදි LTTE තහනම ඉවත් නොකිරීමට ගත් තීරණය වැරදි සහගත බවයි. එසේ වුවත් තහනම ඉවත් කිරීම හෝ නොකිරීම සම්භන්දයෙන් තීරණය පසුව (දෙපාර්ශවයම කරුණු නැවත සලකා බලා) දෙන බව ද දක්වා තිබෙනවා. TGTE එක පැමිණිලි කලේ එංගලන්තයේ දේශීය කටයුතු අමාත්‍යාංශයට විරුද්ධවය. ඒ අනුව තහනම ඉවත් කිරීම හෝ එය නොකිරීම සඳහා කරුණු ඉදිරිපත් කිරීම සදහා එංගලන්තයේ දේශීය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයට තවත් අවස්තාක් තිබෙනවා . .
TGTE එක කියන්නේ කොටි සංවිධානය තවත් ත්‍රස්තවාදී කටයුතු නොකරන බවත්, දැන් ඔවුන් කරන්නේ පුන්‍ය කටයුතු බවත්‍ නිසා තහනම වැඩක් නැති බවය.
තහනම ඉවත් වූ විට කොටින්ට එලිපිට මුදල් එකතු කල හැකි වනු ඇත. තහනම් බැංකු මුදල් එලියට එනු ඇත. එවිට ඔවුන් නව ජවයකින් කටයුතු පටන් ගැනීමේ අවදානම තිබේ. එසේම පසුගිය කාලයේ ඔවුන් නැවත සංවිධානය වීමේ අවස්ථා කීපයක් ශ්‍රී ලංකා බුද්ධි අංශ විසින් ව්‍යර්ථ කර තිබේ. ඒ නිසා අප විසින් එංගලන්තයේ දේශීය අමාත්‍යාංශයට තහනම ඉවත් නොකරන ලෙසට කරුණු කිව යුතුය.
ඒ සඳහා විදේශ ගත ශ්‍රී ලාංකිකයන් පෙත්සම් දෙකක් සකස් කර ඇත. මේ සමග ඇති පෙත්සම ලෝකයේ ඕනෑම කෙනෙකුට අත්සන් කළ හැක. අනිත් පෙත්සම එංගන්තයේ පදිංචි ජනතාව විසින් අත්සන් කල යුතු එකකි. එය දැන් සකස් වෙමින් පවතී.
ලෝකයේ කොහේ සිට හෝ ඔබට මෙම පහත දැක්වෙන පෙත්සම අත්සන් කල හැක. කරුණාකර ඔබද මෙම පෙත්සම අත්සන් කර ඔබේ මිතුරන්ටත් මෙම පෙත්සම අත්සන්කිරීමට උනන්දු කරවන්න. විශේෂයෙන්ම එංගලන්තයේ සිටින ඔබගේ නෑදෑයින් මේ ගැන උනන්දු කරවන්න.
ස්තූතියි!
- LTTE නැවත නැගිටීමට එරෙහි ලොව වටා ශ්‍රී ලාංකීය දේශප්‍රේමීන්

Скопировать ссылку
WhatsApp
Facebook
Nextdoor
Эл. почта
X