Atualização do abaixo-assinadoSave Sri Lankan IT industry from CEPA/ECTA

ඒකාබද්ධ ඉංජිනේරු සංවිධානය-මාධ්‍ය නිවේදනය

Save Livescolombo, Sri Lanka
29 de jan. de 2016
2000 වසරේ සිට අද දක්වා දෙරට අතර ක්‍රියාත්මක වන ඉන්දු-ලංකා නිදහස් වෙළද ගිවිසුම (ISL-FTA) සමස්ථයක් ලෙස අසාර්ථකව පවතිත්දී, එහි අඩුලුහුඩුතා නිවැරදි කරනු වෙනුවට, රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 60%ක් පමණ නියෝජනය කරන සේවා වෙළදාම (Trade in Services) ඉන්දියාව වෙත විවෘත කිරීමට ඇති හදිසි අවශ්‍යතාවය කුමක්දැයි අප සංවිධානය රජයෙන් ප්‍රශ්න කර සිටී. ඉන්දියාවේ රැකියා වියුක්තිය ශ්‍රී ලංකාවේ මුළු ජනග්‍රහණය මෙන් 2 ගුණයක් තරම් ඉහළ අගයක්ව පවතිත්දී පුද්ගල සංක්‍රමණය හරහා සේවා වෙළදාම සදහා අපගේ දොර කවුළු ඔවුනට විවර කිරීම අතිශයින්ම අදුරදර්ශී ක්‍රියාවකි. අවසානයේදී සිදුවන්නේ රැකියා පිණිස තම පවුල් සමග මෙහි එන ඉන්දියානුවන් බුරුතු පිටින් මෙරට පදිංචි වීමයි. ඒ හා සමගම කම්කරුවාගේ සිට වෘත්තියවේදීන් දක්වා සියලු රැකියා අවස්ථාවන් ඔවුන් ඩැහැගැනීමත්ය.
Copiar link
WhatsApp
Facebook
Nextdoor
E-mail
X