FREE ME FROM CHAINS! - යදමින් මා මුදනු මැනවි - சங்கிலிகளிலிருந்து என்னை விடுவியுங்கள்! -

0 have signed. Let’s get to 15,000!


FREE ME FROM CHAINS! – CRIES BANDULA THE ELEPHANT.

WILL YOU HELP HIM?

 Imagine …..

You are just a 3-year-old baby, and one day, your whole world shatters.....

You are snatched away from your family, taken to a ‘prison’, bound in chains and exhibited for the pleasure of visitors for, not a month or two, but 66 long years!

That was my life. The miserable life I was forced to live at the Dehiwala Zoo in Sri Lanka.

I can’t remember the warmth of a family, I could never run around and play with other little elephants, roam freely in the jungles, or find someone to love. The chains didn’t let me move more than a few feet and often created painful sores on my skin. Some mahouts were kind, but most would often prick me with their bull hooks…It was the fear of pain that made me learn tricks to perform in front of humans- I certainly did not enjoy them. What majestic being would?

Now I am almost 70. Old and feeble, but still humiliatingly chained down.

I think I have gone through enough, don’t you?

At least, for the little time I have left, free me from this place. Help me to live chain-free in Ridiyagama Safari Park or a similar sanctuary.

My life was not a happy one, but maybe you can make sure that I won’t have those chains around my feet, the day I die..

Please sign, and urge those responsible to free me to a place where I could finally be - chain-free… and maybe, just maybe, LOVED.

                         **************************************

 "යදමින් මා මුදනු මැනවි"

බන්දුල හස්ති රාජයාගේ දුක් ගැනවිල්ල අසා ඔහුට පිහිට වන්නට කාරුණික හිතක් ඇති ඔබටත් හැකිවේද???

 මට එතකොට අවුරුදු තුනයි.. මම ජීවත් වුනේ විශාල වපසරියක, මගේ ආදරණීයන් එක්ක.... එහෙම හිටපු මට, මගේ ජීවිතයේ අඳුරුතම දිනය ආවා.... මාව මගේ පවුලෙන් වෙන් කර, ඇත්තටම කිව්වොත් උදුරා ගෙන, දෙහිවල සත්ව උද්‍යානය නම් සිපිරි ගෙයට මාව ගෙනාවා.. ගෙනල්ලා දම්වැල් දාලා මගෙ අතපය බැන්දා, ඊට පස්සේ එහි එන අමුත්තන්ගේ වින්දනය උදෙසා , හුදෙක් ඔබව සතුටු කිරීමට, මාව ප්‍රදර්ශනයට තිබ්බා... මාසයක් දෙකක් නෙමෙයි.. අවුරුදු 66 ක්..!!!

 ඒ තමයි මිනිසුන් විසින් මට බලහත් කාරයෙන් ලබාදුන් මගේ දුක්ඛිත ජීවිතය...ඔබත් සිතන්න, අවුරුදු තුනේදි ඔබව ඔබේ පවුලෙන් වෙන් කර, මට කළ දෙයම ඔබට කළා නම්??

 දෙහිවල සත්තු වත්තේ අඳුරු, පීඩාකාරි මතකයන් සමත් වුණා මට මාගේ පවුලෙ උණුහුම අමතක කරවන්න.. මට හැකි වුනේ නෑ අනෙක් පුංචි අලි සගයන් එක්කලා දඟකරන්න, එහෙ මෙහෙ දුව පැන සෙල්ලම් කරන්න. නිදහසේ කැලේ අවිදින්නවත්, ආදරයක් සොයාගන්නවත් මට හැකි වුනේ නෑ.....ඒ වෙනුවට මට සිද්ධ වුනේ, යදමින් මට පැනවූ සීමාව තුළ, යදම් නිසා තුවාල වී වේදනා දෙන කකුල් වලින් අඩි කීපයක් එහෙටත් මෙහෙටත් යන්න පමණයි...

ඉඳහිට හම්බෙන ඇත්ගොව්වෙක් හැර හුගක් ඇත්ගොව්වෝ අකාරුණිකයි.. ඔවුන් හරි කුරිරු විදියට අර හෙණ්ඩුව කියන එකෙන් මට නිතරම අනිනවා , ඒ වේදනාවට භයේ, එයින් බේරෙන්න තමයි මම ඔබව සතුටු කරන්න නැටුම් නටන්නෙ….. සතුටින් නෙමෙයි.. තේජස් මා හට උරුම එයද?

 මට දැන් අවුරුදු 70 ක් වෙනවා. බොහෙම වයසයි, අබල දුබලයි.. නමුත් ඉතා අවමන් සහගත ලෙස තවමත් මා යදමින් හිරවෙලා...මම දැන් විඳවලා ඇති නේද?

මට තව ඉතුරු වෙලා තියෙන්නෙ බොහොම ටික කාලයයි...ඒ පොඩි කාලයටවත් මාව මෙතනින් නිදහස් කරන්න, මාව යදමින් මුදන්න...!!  රිදියාගම සෆාරි උද්‍යානය හෝ එවැනි ස්ථානයකට.

මන්ද මා මියෙන මොහොතේවත් මගේ කකුල් වලින් මේ යදම් ගිලිහි තිබිය යුතුයි.....ඔබ පිනවීමට බොහෝ දේ අහිමි වූ මගේ ආසාවත්,  අවසන් පැතුමත් එයයි.

 ඒ වෙනුවෙන් ඔබ කළ යුත්තේ මා වෙනුවෙන් එක් අත්සනක් යෙදීම පමණයි.. මාව රඳවා ගෙන, හිර කරන් ඉන්න වගකිවයුත්තන් හට බල කරන්න...! බල කරන්න මාව යදමින් මුදන ලෙසට !!!

යදමින් තොර ආදරණිය ජීවිතයකට මට මාගේ අවසන් මොහොතේ හෝ අවසර දෙන්න....

                    *************************************

 சங்கிலிகளிலிருந்து என்னை விடுவியுங்கள்! - பந்துல  யானை அழுகிறது. உங்களால் உதவ முடியுமா?

 கற்பனை செய்து பாருங்கள்….

நீங்கள் ஒரு 3 வயது குழந்தை, ஒரு நாள் உங்கள் உலகம் முழுவதும்  சிதறுகிறது….

 நீங்கள் உங்கள் குடும்பத்திலிருந்து பிரிக்கப்பட்டு, சிறைச்சாலை ஒன்றிற்கு எடுத்துசெல்லப்பட்டு சங்கிலிகளால் பிணைக்க்ப்பட்டு, பார்வையாளர்களின் இன்பத்திற்காக ஒரு மாதம் அல்ல இரண்டு மாதம் அல்ல கிட்டதட்ட 66 ஆண்டுகள் ஆகின்றன. 

இது தான் என் வாழ்க்கை, இலங்கை தெகிவளை மிருகக்காட்சிசாலையில் நான் வாழும் அவலமான வாழ்க்கை!

ஒரு குடும்பத்தின் அரவணைப்பு எனக்கு கிடைக்கவில்லை, மற்ற சிறிய யானைகளுடன் விளையாட, காடுகளில் சுதந்திரமாக சுற்றித்திரிய, எனக்கான காதலை தேட என்று எதுவுமே முடியாமல் போனது. இந்த சங்கிலிகள் ஒரு சில அடிகளுக்கு மேல் நான் நகருவதை தடுப்பதோடு என் உடலில் அடிக்கடி வேதனையுள்ள புண்களை உருவாக்குகிறது. சில பாகன்கள் தயவானவர்களாக இருந்தனர், ஆனால் பெரும்பாலானோர் தங்கள் அங்குசங்களினால் என்னை துன்புறுத்துகின்றனர். மனிதர்க்கு முன்னால் நான் செய்யும் வித்தைகள் எல்லாம் இந்த வலிக்கு பயந்து தான். இதில் என்ன பிரமாண்டம் உள்ளது?

எனக்கு இப்போது 70 வயது , பலவீனமான உடல், ஆனால் என்னும் சங்கிலிகளால் பிணைத்து பணிந்து இருக்கிறேன்.

நான் போதுமான அளவு துன்பங்களை அடைந்துவிட்டேன் அல்லவா? குறைந்த பட்சம் நான் உயிரோடு இருக்கப்போகும் இந்த சொற்ப காலத்திற்கு இந்த இடத்திலிருந்து என்னை விடுவியுங்கள், இந்த சங்கிலிகளிருந்து விடுபட உதவுங்கள்!

என் வாழ்க்கை மகிழ்வானதாக அமையவில்லை, ஆனால் நான் இறக்கும் நாளில் என் காலைச்சுற்றி இருந்த சங்கிலிகள் இல்லை என்பதை நீங்கள் உறுதி செய்யலாம். 

 உங்களால் முடியுமாயிருந்தால், முடியுமாயிருந்தால் மட்டும், என்னை விடுவிக்க முயற்சி செய்பவர்களுக்காக கையோப்பம் இட்டு உதவவும். 

 (Picture courtesy of Malaka Rodrigo)



Today: Bandula is counting on you

Bandula Jayasekera needs your help with “President of Sri Lanka Maithripala Sirisena: FREE ME FROM CHAINS - CRIES BANDULA THE ELEPHANT යදමින් මා මුදනු මැනවි”. Join Bandula and 10,746 supporters today.