Petition updateDevelop a National Policy on International Trade Agreements prior to signing any Agreementඑට්‌කාට හා සයිටම්ට එරෙහිව වෛද්‍ය වර්ජනයක් ලබන සඳුදා

GMOA

Jul 1, 2016
එට්‌කා ගිවිසුම අත්සන් කිරීමට සහ මාලබේ පුද්ගලික වෛද්‍ය සිසුන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දීමට ආණ්‌ඩුව ගන්නා උත්සාහය ඇතුළු කරුණු හයකට විරෝධය දක්‌වමින් දිවයින පුරා රජයේ රෝහල්වල වෛද්‍යවරු සඳුදා (04 දා) සංකේත වර්ජනයක් දියත් කරති.
ආණ්‌ඩුවට අනතුරු ඇඟවීමක් ලෙස මෙම වර්ජනය සඳුදා පෙරවරු 8.00 සිට දහවල් 12.00 දක්‌වා පැය හතරක කාලයක් සිදු කරන බවද මාතෘ, ළමා රෝහල්, පිළිකායතන හා වකුගඩු රෝග ඒකකයන්හි වෛද්‍යවරුන් වර්ජනයට එක් කර නොගන්නා බවද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා 'දිවයින'ට කීවේය.
තම ඉල්ලීම්වලට මෙම සංකේත වර්ජනයෙන් විසඳුමක් නොලැබුණොත් අඛණ්‌ඩ වැඩ වර්ජනයක් දක්‌වා වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු වන බවද වෛද්‍ය නවීන් සොයිසා මහතා කීවේය.
ප්‍රමිතියෙන් තොර සයිටම් උපාධිධාරීන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන යන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ සහ වෛද්‍ය ශිෂ්‍ය මර්දනය ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමකින් තොරව ඉන්දු ලංකා ආර්ථික හා තාක්‍ෂණික ගිවිසුම අත්සන් කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ හකුළා ගන්නා ලෙසද වෛද්‍යවරු ඉල්ලා සිටිති.
එමෙන්ම අදාළ පාර්ශ්වයන්ගෙන් නොවිමසා වෛද්‍ය සේවා ව්‍යවස්‌ථාව වෙනස් කිරීමට දරන උත්සාහයද ජාතික ඖෂධ ප්‍රතිපත්තියේ අරමුණුවලට පටහැනි සෞඛ්‍ය අමාත්‍යාංශ ක්‍රියා පිළිවෙත, විදෙස් පුහුණුව ලැබ හා ස්‌ථාන මාරු ලැබ පැමිණෙන වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු නොකිරීම, රාජ්‍ය සේවය දිය කර හැරීමේ උත්සාහයන් යන කරුණුද සඳුදා පවත්වන වැඩවර්ජනයට හේතු බව වෛද්‍ය නවීන් සොයිසා මහතා ප්‍රකාශ කළේය.
Copy link
WhatsApp
Facebook
Nextdoor
Email
X