Petition updateDevelop a National Policy on International Trade Agreements prior to signing any Agreementමහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම! 'ආසියානු සබඳතා තරකර ශ්‍රී ලංකාවට වන බලපෑම් අවම කරමු'
GMOA
Jun 29, 2016
අගමැතිගෙන් උපදෙස්‌ මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හේතුවෙන් ඇතිවිය හැකි ආර්ථික අපහසුතා මගහරවා ගැනීමට ඉන්දියාව සමඟ තාක්‍ෂණ සහ ආර්ථික සහයෝගිතා ගිවිසුමට (එට්‌කා) ඉක්‌මනින් එළැඹීම පිළිබඳව සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික්‌ සමරවික්‍රම මහතා ඉන්දියාවට යැමට නියමිතය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස්‌ පරිදි සමරවික්‍රම මහතා නවදිල්ලියට යැමට නියමිතව ඇත. ඒ මහතා මේ වන විට චීනයේ සංචාරයක නිරත වන අතර චීනයේ සිට හෙතෙම ඉන්දියාව බලා පිටත්වනු ඇත. ඉන්දියාවට පැමිණෙන මලික්‌ සමරවික්‍රම ඇමැතිවරයා සමඟ එක්‌වීමට අගමැති ජ්‍යෙෂ්ඨ උපදේශක ආර්. පාස්‌කරලිංගම් මහතා ඇතුළු කණ්‌ඩායමක්‌ පිටත්කර යෑවීමටද අගමැතිවරයා උපදෙස්‌ දී තිබේ. මීට අමතරව ලෝක ආර්ථික අපහසුතාවලින් මිදීම සඳහා ආසියාව සමඟ ආර්ථික සම්බන්ධතා තවදුරටත් ශක්‌තිමක්‌ කළ යුතු බව වත්මන් රජයේ අදහස වී ඇතැයිද ආණ්‌ඩුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ "දිවයින"ට කීය.
Copy link
WhatsApp
Facebook
Nextdoor
Email
X