Petition updateDevelop a National Policy on International Trade Agreements prior to signing any Agreementබ්‍රිතාන්‍ය යුරෝපා අවුලෙන් අපිත් අමාරුවේ.. ඉක්මනට ETCA ගහන්න වෙයි !
GMOA
Jun 30, 2016
මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හේතුවෙන් ඇතිවෙමින් පවතින ආර්ථික අර්බුධය ලංකාවටත් සෘජුවම බලපාන බව රජය පවසයි. එම අර්බුදයට මුහුණ දීමට හැකි ඉක්මනින් ඉන්දියාව සමඟ තාක්‍ෂණ සහ ආර්ථික සහයෝගිතා ගිවිසුමට (එට්‌කා) එළැඹීමට රජය තීරණය කර තිබෙන අතර ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික්‌ සමරවික්‍රම මහතා ඉන්දියාවට යැමට නියමිත බව වාර්තා වනවා. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ඇමතිවරයා නවදිල්ලියට යෑමට නියමිත අතර ඔහු සමග අගමැති ජ්‍යෙෂ්ඨ උපදේශක ආර් පාස්කරලිංගම් ඇතුළු කණ්ඩායමක්ද පිටත්ව යෑමට නියමිතය. මේ අතර බ්‍රිතාන්‍යයේ නව තීන්දුවත් සමග ශ්‍රී ලංකාවේ අපනයන වෙළදපොළ 40%කින් කඩා වැටෙනු ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසන අතර එම හේතුවෙන් හැකි ඉක්මනින් ඉන්දියාව සමග (එට්‌කා) ගිවිසුමට එළඹෙන ලෙස ව්‍යාපාරික ප්‍රජාව රජයෙන් ඉල්ලා ඇතැයිද මාධ්‍ය වාර්තා පලවී තිබේ. මේ අතර බ්‍රිතාන්‍යයේ අර්බුදයට මුවා වී ආණ්ඩුව එට්කා අත්සන් කිරීමට සැරසෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරන අතර ඊට එරෙහිව ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවද එම සංගමය පවසයි.
Copy link
WhatsApp
Facebook
Nextdoor
Email
X