Actualización de la peticiónDevelop a National Policy on International Trade Agreements prior to signing any Agreement
“එට්කා අත්සන් කරොත් රටම අකර්මන්‍ය කරනවා” GMOA ආණ්ඩුවට රතු එළි දල්වයි

GMOA
29 jun 2016
ආණ්‌ඩුව හිතුවක්‌කාරී ලෙස එට්‌කා ගිවිසුම අත්සන් කළොත් සියලු වෘත්තීය සමිති සමඟ ඒකාබද්ධ වී මුළු රටේම කටයුතු අකර්මණ්‍ය කිරීමට කටයුතු කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවා සිටී.
එට්‌කා ගිවිසුමට එරෙහි විරෝධතාව අඛණ්‌ඩ වැඩවර්ජනයක් දක්‌වා රට පුරා ව්‍යාප්ත වූවොත් එහි වගකීම ආණ්‌ඩුව විසින් භාරගත යුතු බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්‌කාරක වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසයි.
එට්‌කා ගිවිසුම පිළිබඳ කතාබහ යළි කරළියට පැමිණ ඇතැයි ද එය වහා අත්සන් කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක බව දැනගන්නට ලැබී ඇතැයි ද වෛද්‍ය හේරත් මහතා පවසයි. එට්‌කා ගිවිසුමට විරෝධය දක්‌වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වන විට මහජන පෙත්සමක් අත්සන් කරමින් සිටින බව ද ඊට අත්සන් ලබාගත් පසුව දැවැන්ත පාගමනකින් ගොස් එය ජනාධිපතිවරයාට භාරදීමට කටයුතු කරන බව ද වෛද්‍ය හේරත් මහතා කීවේය. මහජන පෙත්සමට මෙතැනින් අත්සන් තබන්න
අත්සන් තබන වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බව පවසන වෛද්‍ය නලින්ද හේරත් මහතා දැනට අත්සන් කරන වෙළෙඳ ගිවිසුම්වලට අදාළ වන්නේ ඒ අවස්‌ථාවේදී රටේ පවත්නා නීතිය බව ද කීවේය. රටේ නීති රීති දුර්වල බව ද එම නිසා එම නීති රීති සංශෝධනය කිරීමේදී ඊට පෙර අත්සන් කළ වෙළෙඳ ගිවිසුම්වලට නව නීති රීති වලංගු නොවන බව ද කී වෛද්‍ය හේරත් මහතා ඊට ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාව මතුව ඇත්තේ එනිසා බව ද කීවේය.
Copiar enlace
WhatsApp
Facebook
X
Email