Обновление к петицииDevelop a National Policy on International Trade Agreements prior to signing any Agreement

GMOA Petition: Media Eye

GMOA
14 июн. 2016 г. — http://www.divaina.com/2016/06/14/news19.html ජාත්‍යන්තර ගිවිසුම්වලට පෙර ජාතික ප්‍රතිපත්තියක්‌ ඉල්ලා අත්සන් දසලක්‍ෂයක පෙත්සමක්‌ සිරිමන්ත රත්නසේකර ඉන්දු - ලංකා භාණ්‌ඩ හා සේවා වෙළෙඳ ගිවිසුම (ඉට්‌කා) ඇතුළු ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් සකස්‌ කිරීමට පෙර ඒ පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්‌ සැකසීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් අත්සන් දසලක්‍ෂයක පෙත්සමක්‌ අත්සන් කිරීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් ඊයේ (13 වැනිදා) ආරම්භ කරන ලදි. එවැනි ගිවිසුමක්‌ අත්සන් කිරීමට පෙර වගකිවයුතු අධිකාරියක්‌ මගින් ගිවිසුම් සැකසීමේ අවශ්‍යතාව එම සංගමය අවධාරණය කරයි. ප්‍රතිපත්තිවලින් තොරව තීරණ ගන්නා යුගය අවසන් කළ යුතු බවත් ගිවිසුම්වලින් රටට පලක්‌ ලැබීමට නම් විද්‍යාත්මක ප්‍රවේශයක්‌ ඔස්‌සේ නිවැරදි පුද්ගලයන් එක්‌කර අවශ්‍ය ප්‍රතිපත්තිමාලා සකස්‌ කළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. මෙම පෙත්සමට අත්සන් කිරීමේ අවස්‌ථාවට රජයේ ආයුර්වේද වෛද්‍ය සංගමයද එක්‌වූ අතර ඉන් අනතුරුව විවිධ වෘත්තීය සංගම්, වෘත්තීයවේදීන්, විවිධ ක්‍ෂේත්‍ර නියෝජනය කරන සංවිධාන ඇතුළු බොහෝ සංවිධාන මේ සඳහා එක්‌වීමට නියමිත බවත් සංගමය පවසයි. මෙම පෙත්සමට අන්තර්ජාලය හරහා අත්සන් කළ හැක. මෙම පෙත්සම සම්පූර්ණ කිරීමෙන් පසු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එය ලබාදීමට නියමිතය. පෙත්සම අත්සන් කිරීම සමාරම්භය කොළඹ 07, ස්‌ටැන්ලි විඡේසුන්දර මාවතේ පිහිටි වෘත්තියවේදීන්ගේ මධ්‍යස්‌ථානයේදී ඊයේ සිදුවිය.
Скопировать ссылку
WhatsApp
Facebook
Nextdoor
Эл. почта
X