Let's save the life of Shani Abeysekera, the greatest detective of Sri Lanka

0 have signed. Let’s get to 10,000!


SSP Shani Abeysekera, who won the respect of many as the greatest detective in Sri Lanka police, is currently in remand. He was transferred from the Mahara prison facility to Welikada saying that he had contracted Covid-19. Later he was taken to a quarantine center with minimum facilities in Gallella. The prison was notified that his life is in danger due to his illnesses.

Mr. Abeysekera was transferred to the Welikada Prison Hospital after he suffered a heart stroke in Gallella. We urge authorities to immediately transfer him to the IDH, to protect him by giving him sufficient medical attention, and arranging necessary protection to him as his life is in danger.

Mr. Abeysekara was involved in many groundbreaking investigations in the recent past. He has also aided in taking legal action against those involved in the crimes. Some of these cases were the murder of Vidya, Angulana double murder, Royal Park murder, bombing at Town Hall, bombing at Pittala junction, Easter Sunday Attacks, the attempt to murder former President Maithripala Sirisena, and murder of Baratha Lakshman. He was also involved in the investigations of murders and abductions of journalists. He is a witness in several criminal cases.

We believe that his transfer, suspension of work, non-payment of his salaries, arrest, and transferring of hospitals, after he contracted Covid-19, with no regard to recommendations issued by the Human Rights Commission are all connected. We urge the Attorney General, Inspector General of Police and the Human Rights Commission of Sri Lanka to ensue his family’s and his safety. 

ශ්‍රී ලංකා පොලිසියේ විශිෂ්ඨතම රහස් පරීක්ෂකයා ලෙස බොහෝ දෙනකුගේ ගෞරවාදරයට පාත්‍රවී සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ පසුවෙයි. ඔහුට කොවිඩ් ආසාදනය වී ඇතැයි කියමින් මහර බන්ධනාගාරයේ සිට වැලිකඩට ගෙන ගොස් තිබුණු අතර පසුව අඩු පහසුකම් සහිත ගල්ලෑල්ල නිරෝධායන මධ්‍යස්ථානයට මාරු කර තිබෙනුයේ ඔහුගේ ජීවිත අවධානම සහ ඔහුට ඇති රෝගාබාධ ගැන බන්ධනාගාරය දැනුම්වත් කර තිබියදීය.

එහිදී ඇතිවූ හදිසි හෘදයාබාධයකින් පසු අබේසේකර මහතා වැලිකන්ද රෝහලට මාරු කරනු ලැබ සිටියි. ඒ මහතා වහාම කොළඹ අයිඩීඑච් රෝහලට මාරු කරන ලෙසත්, සෞඛ්‍ය පැත්තෙන් ඔහුට අවශ්‍ය සියලු ප්‍රතිකාර ලබාදී ඔහුගේ ජීවිතය රැක ගැනීමට මැදිහත් වන ලෙසත්, ඔහුට ජීවිත තර්ජන ඇති බැවින් ශාරීරික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ද අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසත් අපි ඉල්ලා සිටිමු.

අබේසේකර මහතා යනු ශ්‍රී ලංකාවේ මෑත කාලයේ සිදුවූ ආන්දෝලනාත්මක අපරාධ රාශියක් විශිෂ්ඨ ලෙස විමර්ශනය කර සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට දායක වූ නිලධාරියෙකි. විද්‍යා දැරිය ඝාතනය, අඟුලාන ද්විත්ව මිනීමැරුම, රෝයල් පාර්ක් මිනීමැරුම, ටවුන්හෝල් බෝම්බය, පිත්තල හංදියේ බෝම්බ ප්‍රහාරය, පාස්කු බෝම්බ ප්‍රහාරය,  මෛත්‍රී ඝාතන තැත, භාරත ලක්ෂ්මන් ඝාතනය ඔහුගේ විමර්ශනවලින් කිහිපයක් පමණි. ජනමාධ්‍යවේදීන් ඝාතනය, පැහැරගෙන යෑම වැනි විමර්ශන ගණනාවක් ද අබේසේකර මහතාගේ අධීක්ෂණයෙන් සිදු විය. ඔහු අපරාධ නඩු රැසක සාක්කිකරුවෙකි.

ඔහු ස්ථාන මාරු කිරීම, වැඩ තහනම් කිරීම, වැටුප් නොගෙවීම, අත්අඩංගුවට පත්වීම, කොවිඩ් වැළඳුණු පසු මානව හිමිකම් කොමිෂන් සභා නිර්දේශ නොසලකා රෝහල් කිහිපයකට මාරු කිරීම යන සිදුවීම් එකිනෙකට සම්බන්ධ බව අපගේ විශ්වාසය වන බැවින් මේ ගැන සොයා බලා කඩිනමින් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස නීතිපතිතුමාගෙන්, පොලිස්පතිගෙන් සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ද ඉල්ලා සිටිමු.

ශානි අබේසේකරට හෘදයාබාධයක්

ශානි අබේසේකරට හෘදයාබාධයක් : මානව හිමිකම් කොමිසමෙන් දෙවැනි වතාවටත් ලිපියක්

ශානිට, මෙන්ඩිස්ට ඇප ඉල්ලා දීර්ඝ කරුණු දැක්වීමක් : ඇප නියෝගය 07 වැනිදා

ශානි ගැන අප්‍රසිද්ධ කතා 05

ශානි ගැන අප්‍රසිද්ධ කතා 04