"Legends are Back: Australia Tour" නමැති සජීවී ප්‍රසංගයේ ඉරාජ් වීරරත්නගේ ඉදිරිපත් කිරීම තහනම් කිරීම
ගායකයෙකු සහ දේශපාලන සහායකයෙකු වන ඉරාජ් වීරරත්න සහභාගී වන "Legends are Back: Australia Tour" නමින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත සජීවී ප්‍රසංගය පිළිබඳව ඔබගේ කඩිනම් අවධානය යොමු කරන ලෙස සහ පියවර ගන්නා ලෙසට පහත අත්සන් කර ඇති අපි ගෞරවයෙන් මෙම පෙත්සම මගින් ආයාචනය කරමු. ඕස්ට්‍රේලියාව නියෝජනය කරන සහජීවනය, සාමය, විවිධත්වය සහ බහු සංස්කෘතික මූලධර්.මවලට මෙම ගායන ශිල්පියා බරපතල තර්ජනයක් එල්ල කරන බව අපි තරයේ විශ්වාස කරමු.
ඕස්ට්‍රේලියාව දිගු කලක් තිස්සේ බහු සංස්කෘතිකවාදයේ, විවිධත්වයේ සහ විවිධත්වය ඉවසීමේ බලකොටුවක් ලෙස සැලකේ. අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් අවස්ථා ගණනාවකදී අවධාරණය කර ඇත්තේ, "විවිධත්වය ශක්තිය වන අතර ඉවසීම ස්වාභාවිකය" යන්නයි. ඉරාජ් වීරරත්න මේ ප්‍රසංගයට සම්බන්ධ වීම ගැන අපේ කනස්සල්ල පළ කරන්නේ මේ සන්දර්භය තුළයි.
ඉරාජ් වීරරත්නට ඔහුගේ සමාජ මාධ්‍ය නාලිකා සහ යූ-ටියුබ් වීඩියෝ හරහා ජාතිවාදී, වාර්ගිකවාදී අදහස් සහ වෛරය ප්‍රවර්ධනය කිරීමේ දීර්ඝ ඉතිහාසයක් ඇත. ඔහුගේ ඉස්ලාම් භීතිකාව සහ දේශපාලනිකව පෙළඹුනූ ආඛ්‍යානයන් විසින් ඇතුලත්කරනයේ, විවිධත්වය වැළඳගැනීමේ සහ පිළිගැනීමේ ගුණාංග දුර්වල කරනවා පමණක් නොව ඕස්ට්‍රේලියාවේ වෙසෙන විවිධ ශ්‍රී ලාංකීය ප්‍රජාවන් අතර වෛරය වැපිරීමටද හැකියාව ඇත.
තවද, වීරරත්න ශ්‍රී ලංකාවේ ජනවාර්ගික දේශපාලන ව්‍යාපෘති සඳහා ආධාර කිරීම සඳහා ක්‍රියාකාරීව සහභාගී වීම, විශේෂයෙන් බලයෙන් පහකළ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහය දැක්වීම සැලකිය යුතු කාරණාවකි. රාජපක්ෂගේ බලයට පැමිණීම ජාතිවාදය මත පදනම් වූ ව්‍යාපාරයකින් පෝෂණය වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස සමාජ බෙදීම් ඇති වූ අතර අවසානයේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්.බුදයක් ඇති විය. මෙම ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට සහ රාජපක්ෂට ධනාත්මක ප්‍රතිරූපයක් නිර්.මාණය කිරීමට වීරරත්නගේ ක්‍රියාකාරී මැදිහත්වීම තුලින් පෙන්නුම් කරන්නේ අප ආදරය කරන මූලධර්මවලට පටහැනි බෙදුම්වාදී මතවාදයන් සමඟ ඔහු පෙළගැසෙන බවයි.
ඔහුගේ දේශපාලන සම්බන්ධතා වලට අමතරව, LGBTQIA ප්‍රජාවට එරෙහිව වෛරය වැපිරීමේ සහ වෙනස් කොට සැලකීම පිළිබඳ ප්රශ්නකාරී ඉතිහාසයක් ඇත. විවිධ අන්ත.ර්ජාල තල ඔස්සේ මිලියන ගණනක් නැරඹුම් ලබාගෙන ඇති ඔහුගේ “මැතින්ටා (අපි UNP)” ගීතයේ LGBTQIA විරෝධී හැඟීම් ප්‍රවර්ධනය කරන පද සහ රූප රචනා ඇතුළත් වේ. සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවන් සතුරුකමට සහ ප්‍රචණ්ඩත්වයට ලක්වන මොහොතක, එවැනි හිංසාකාරී ආඛ්‍යාන ප්‍රචලිත කිරීම කනස්සල්ලට කරුණක් වන අතර එවැනි ආඛ්‍යාන අවදානමට ලක්විය හැකි පුද්ගලයින් සඳහා අනාරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම සඳහා තවදුරටත් දායක වේ.
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව යන දෙඅංශයේම ශ්‍රී ලාංකීය ප්‍රජාවන් තුළ සැලකිය යුතු ආකර්ෂණයක් ලබා ගෙන ඇති #BoycottIraj නම් ජනතාව තුලින්ම ස්වභාවිකවම නැගුණු සමාජ මාධ්‍ය විරෝධය කෙරෙහි ද ඔබගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමු. මෙම හැෂ් ටැගය සහ ඒ සමඟ අන්තර්ජාලයේ ඇති පළවීම් ඉරාජ් වීරරත්නගේ ප්‍රසංගයට එරෙහිව ඇති විරෝධය පිළිබඳ ප්‍රභල සාක්ෂියකි.
වීරරත්නගේ වැනි ප්රශ්නකාරී ඉතිහාසයක් ඇති පුද්ගලයෙකුට ඕස්ට්‍රේලියාවේ ප්‍රසංගයකට සහභාගී වීමට අවසර දීම විවිධත්වයේ සහ බහු සංස්කෘතිකත්වයේ පරමාදර්ශයන් දුර්වල කරනවා පමණක් නොව, මේ දේශයේ වෙසෙන ප්‍රජාවන් අතර වෛරය සහ භේදය වැඩීමට ද හේතු වේ.
"Legends are Back: Australia Tour" නමැති සජීවී ප්‍රසංගයේ ඉරාජ් වීරරත්නගේ ඉදිරිපත් කිරීම තහනම් කිරීමට අපගේ පූර්.ණ සහයෝගය ප්‍රකාශ කරන අතර, එම ඉදිරිපත් කිරීම ඕස්ට්‍රේලියාවේ සිදුවීම වැළැක්වීමට කඩිනම් පියවර ගන්නා ලෙස අපි ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු. සංවිධායකයින් මෙම අවස්ථාවට සම්පත් ආයෝජනය කර ඇති බව අපි තේරුම් ගත්තද, අපගේ අභිප්‍රාය එය අවලංගු කිරීම නොවේ; අපගේ විරෝධය ඉරාජ් වීරරත්නට සහ ඔහු නියෝජනය කරන භයානක මතවාදයන්ටය. මෙම කාරණය සම්බන්ධයෙන් ඔබ යොමු කරන අවධානයට අපි ඔබට අවංකවම ස්තූතිවන්ත වන අතර අපගේ ගැටළු විසඳීමට ඔබ සුදුසු පියවර ගනු ඇතැයි විශ්වාස කරමු. ඔබගේ ක්‍රියාවන් තුළින් ඔස්ට්‍රේලියාවේ විවිධත්වය, සහජීවනය සහ සාමය සඳහා ඇති කැපවීම තහවුරු වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.