බුද්ධ ධර්මයට විකෘති අර්ථ සපයන වහරක TV නාළිකාව තහනම් කරනු

බුද්ධ ධර්මයට විකෘති අර්ථ සපයන වහරක TV නාළිකාව තහනම් කරනු

0 have signed. Let’s get to 1,000!
At 1,000 signatures, this petition is more likely to be featured in recommendations!
Lolitha Samarajeewa started this petition to Sri Lanka Telecom PLC (Chief Executive Officer) and

වර්තමානයෙහි ශ්‍රීලංකාවේ බොහෝමයක් බෞද්ධ ජනතාවට, රටෙහි දිගු කලක් තිස්සේ පවතින ආර්ථික සහ සමාජයීය ගැටළු නිසා බුද්ධ ධර්මය ත්‍රිපිටකය සහ අට්ඨකතා ඇසුරෙන් තමන් විසින්ම හදාරන්නට හෝ නිවැරදිව බුදුරජාණන්වහන්සේ අනුමත කල පරිදිම පැවැත්වෙන දේශනා වලට සවන් දීමට හෝ වාතාවරණයක් රට තුළ සැකසී නොමැත.

ජනතාවට නිදහසක් ඇති සුළු මොහොතක පවා ඔවුන් වෙත ගුණාත්මකභාවයෙන් අඩු ටෙලිනාට්‍ය, සංගීතය සහ අනිකුත් වැඩසටහන් පැටවෙනවා දක්නට හැක. මහජනතාව මේවා නරඹා බුද්ධි මට්ටමෙන් පරිහානියට දිනෙන් දින පත්වන අතර, ධර්මයත් අධර්මයත් වෙන්කර හඳුනා ගැනීමට හැකි පුද්ගලයන් බහුතර ජනතාව අතර සොයාගන්නට ඉතාමත්ම අපහසුය. මෙවන් තත්ත්වයක් යටතේ බෞද්ධාගමට රාජ්‍යයෙන් ලැබිය යුතු රැකවරණය අනිවාර්යයෙන් ලැබිය යුතු කාලයක් එළැඹී දැන් බොහෝ කල් ගතව ඇත.

මෙවැනි වාතාවරණයක් යටතේ නිවැරදි නිර්මල බුද්ධ ධර්මයට විකෘති අර්ථ සපයනා වහරක TV නමැති මාධ්‍ය නාළිකාව ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනයේ peo TV හරහා ඔවුන්ගේ අධර්ම ප්‍රචාරක කටයුතු සිදුකරන්නට අරඹා ඇත.

මෙම අධර්මය තවදුරටත් ශ්‍රීලංකාවේ පැතිරෙන්නට ඉඩ දුන්නොත් අතීතයේ වැඩ සිටි සංඝ පීතෘන්වහන්සේලා ජීවිත කැප කරමින් රැකගෙන පැමිණි නිර්මල පරියාප්ති දහම, අනාගත පරම්පරාවට නිවැරදිව නො වෙනස්ව ලබාදෙන්නට අප සතුව ඇති වගකීම අප විසින් පැහැර හැරෙනු ඇත.

මෙම පෙත්සම Peo TV ආයතනය, ශ්‍රීලංකාවේ ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා, විපක්ෂ නායකතුමා, බුද්ධ ශාසන අමාත්‍යාංශය, බුද්ධ ශාසන කටයුතු පිලිබඳව ඇමතිතුමා, සියලුම පක්ෂ නායකවරුන් සියලුම නිකායයන්හි ගෞරවණීය මහා සංඝරත්නය සහ ශ්‍රී ලංකාවේ ජනප්‍රජාව වෙතයි.

කරුණාකර වහරක TV යන අධර්මවාදී චැනලය Peo TV හරහා විකාශනය කිරීම අත් හිටුවීමට කටයුතු කරන්න. බුද්ධ දේශනාවට විකෘති අර්ථ කථන සපයන සියලුම ගිහි පැවිදි පුද්ගලයන්ට දැනට පවතින නීති සම්පාදන යටතේ ක්‍රියාත්මක වන්නට නොහැකි නම් ක්‍රියාත්මක විය හැකි නීති කටයුතු වහා සම්පාදනය කර බුද්ධ ධර්මය ආරක්ෂා කර අනාගත පරපුර වෙත ලබාදීමට කටයුතු කරන්න. 

මෙම පෙත්සම පිළිබඳව අන් අය දැනුවත් කරන්න, ෆේස්බුක් යනාදී මාධ්‍යයන් හරහා ශෙයා කරන්න.

0 have signed. Let’s get to 1,000!
At 1,000 signatures, this petition is more likely to be featured in recommendations!