Mahinda Rajapaksa for Leader of the Opposition
This petition had 1,935 supporters
පහත දැක්වෙන හේතු මත 15 වන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක වරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළ යුතු බව අපි විශ්වාස කරමු.
[1]. එක්සත් ජනතා නිදහස් සංධානය මැතිවරණයට තරග කළේ එක්සත් ජාතික පක්ෂය සමග ජාතික/සභාග ආණ්ඩුවකට එකතු නොවන ප්‍රතිපත්තියක පිහිටා සිටිමිනි. සංධානයේ මැතිවරණ වේදිකා වලදී මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සංධාන නායකයින් ජනතාවට පොරොන්දු වූයේත්, ඒ අනුව ජනතාව ඡන්දය ලබා දුන්නේත් එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ මතයක පිහිටමිනි. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සංධානය විපක්ෂය ලෙස කටයුතු කළ යුතු අතර, එහි බහුතරයක් මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය දිනූ මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ලෙස කටයුතු කළ යුතුය.
[2]. මහින්ද රාජපක්ෂ මහතාව විපක්ෂ නායකවරයා ලෙස පත් කරන ලෙස ඉල්ලමින් එක්සත් ජනතා නිදහස් සංධානයේ 65 දෙනෙකුගෙන් යුත් මන්ත්‍රී කණ්ඩායමක් දැනටමත් යෝජනාවකට අත්සන් කර ඇත. එම පිරිස වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ බහුතරයයි. එනිසා විපක්ෂයේ බහුතරයට ඇවැසි නායකයා විපක්ෂ නායකවරයා විය යුතුය.
[3]. එක්සත් ජනතා නිදහස් සංධානයේ මැතිවරණ මෙහෙයුමට නායකත්වය දුන්නේ මහින්ද රාජපක්ෂ මහතා විසිනි. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සංධානයේ බහුතරය විපක්ෂයේ සිටින බැවින් එවිට විපක්ෂ නායක්වරයා ලෙස කටයුතු කිරීමේ වගකීම තිබෙන්නේත් මහින්ද රාජපක්ෂ මැතිතුමාට යි.
[4]. 2015 ජනවාරි 9 වැනිදා සිට පැවැති සභාග ආණ්ඩුවේදී මෙන් එක්සත් ජාතික පක්ෂයෙන් බලයට පත් වූ ජනාධිපති වරයාගේ වුවමනාව පරිදි විපක්ෂ නායකවරයෙක් පත් කළහොත් එවිට ඔහුගෙන් සැබෑ විපක්ෂ නායකවරයෙකුගේ කාර්යභාරය ඉටු වෙන්නේ නැත. එනිසා රටේ ප්‍රජාතන්ත්‍රවාදය නිසියාකාරයෙන් ඉටුවීමටනම් එක්සත් ජනතා නිදහස් සංධානයට ඡන්දය දුන් අති බහුතරයක් ජනතාවගේ කැමැත්ත දිනා සිටින මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක වරයා ලෙස එක්සත් ජනතා නිදහස් සංධානයේ ජනවරම නියෝජනය කළ යුතුය.
ඉහත සඳහන් කරුණු හේතු කොටගෙන එක්සත් ජනතා නිදහස් සංධානයට ඡන්දය දුන් අති බහුතරයක් ජනතාවගේත්, සංධාන මන්ත්‍රීවරුන්ගේ බහුතරයගේත් කැමැත්ත දිනා සිටින මහින්ද රාජපක්ෂ මැතිතුමාව විපක්ෂ නායවරයා ලෙස පත් කරන මෙන් අභිනව ගරු කථානායක තුමාගෙන් ඉල්ලා සිටිමු.