Save Sinhalese ! Save Sri Lanka !

Save Sinhalese ! Save Sri Lanka !

0 have signed. Let’s get to 100!
At 100 signatures, this petition is more likely to be featured in recommendations!
Bosath Anagarika Dharmapala Anugaamikayo started this petition to Ranil Wickremesinghe - Prime Minister of Sri Lanka and

නමෝ බුද්ධාය !


ඔබද අපගේ පහත යෝජනා රට තුල පැනනගිමින් පවතින්නාවූ  අර්බුධකාරී තත්වය සමනය කිරීමට සමත් දීර්ගකාලීන විසඳුම් ලෙස අවංකව දකින්නේ නම් පමණක්, මෙම යෝජනාවලට පක්ෂව ඔබගේ වටිනා චන්දය මෙම වෙබ් අඩවිය හරහා ලබාදීමෙන්, මෙය සිංහල නායකයන්ගේ / බලධාරීන්ගේ අවධානයට සාමකාමීව ගෙන ඒමට අපට සහය වන්න.


පහත යෝජනාවලට චන්දය දීමට පළමුව, ඊට ද පහතින් පෙන්වා ඇති මෙවැනි යෝජනාවන් ගෙනඒමට පාදක වී ඇති කරුණු සියල්ල හොඳින් කියවා බලා දැනුවත් වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

තවද, මෙය හැකිතාක් සිංහල සත්පුරුෂයන් අතර share කිරීමෙන් අපට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.


මෙම යෝජනාවේ බලාපොරොත්තු ?

  • සිංහල ජන නායකයන්හට රට සහ සිංහල ජනයා වෙත මීට වඩා වැඩි වගවීමක් අපේක්ෂා කරණ බව අවධාරණය කිරීම.
  • සිංහල ජන නායකයන්හට බල ලෝභය පසෙක තබා දේශපාලනමය වශයෙන් එකතු වීමට බල කිරීම හා අවස්ථාවාදී සුළු ජාතීන් සමග කිසිම අයුරකින් සන්ධානගත නොවීමට බල කිරීම.
  • චන්දයකදී, තම කැමැත්ත මෙය බව (සුළු ජාතීන් සමග කිසිම අයුරකින් සන්ධානගත නොවියයුතු බව) පැහැදිලිව ප්‍රකාශ කිරීමට චන්ද දායකයාහට විශේෂයෙන්  සලකුණුකොට දැක්වීමට එම චන්ද පත්‍රිකාවල ඉඩකඩක් සපයා දීමට හා එම කැමැත්තට නිසි සැලකිල්ලක් ලබාදීමට කටයුතු කිරීමට මැතිවරණ කොමසාරිස්තුමාහට බල කිරීම.
  • සිටිනා සිංහල නායකයන් එකතු නොවන්නේ නම්, සුදුසු නව සිංහල බෞද්ධ පොදු නියෝජනයක් වෙනුවෙන් අප පක්ෂ හා ආගම් භේද අමතක කර එක්සත් වන බව අවධාරණය කිරීම.
  • විවිධ ජාතින් අතර පවත්නා, සමාජයීය, සංස්කෘතික හා ආගමික සංයුතියෙහි සමබර බව ශීග්‍ර වෙනසකට පත්කරන අයුතු හා අස්වාභාවික ජනගහන වර්ධන වේගය නීත්‍යානුකූලව නියාමනය කිරීම සඳහා,පොදුවේ, එක් පුරුෂයෙකුට එක් විවාහයක් පමණක් ද, එක් පවුල් ඒකකයකට දරුවන් උපරිමය තුනකට (3) සීමා කිරීමට ද, අනුබල දීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමට පවතින රජයට බල කිරීම. යම් පවුලක් විසින් මෙම නීතිය උල්ලංඝනය කොට වැඩි දරුවන් ගණනක් බිහිකරයි නම්, එවැනි දෙමවුපියන්ගේ චන්ද අයිතියද, වැඩිමනක් දරුවන්ගේ චන්ද අයිතියද, වැඩිමනක් දරුවන්ගේත් දරුවන්ගේ  චන්ද අයිතියද යනාදී වශයෙන්ද පරම්පරාව පහලට චන්ද අයිතිය අහෝසි වියයුතුය. තවද, වැඩිවන සෑම දරුවකු වෙනුවෙන්ම යම් දඩ මුදලක් ද ගෙවියයුතු වියයුතුය. මෙමගින් එක් එක් ජාතීන්හට තම තම ජාතීන්ගේ වර්ධනයටත් අන් ජාතීන් වඳ කිරීමටත් විශේෂයෙන් කටයුතු කිරීමට අවශ්‍යතාවයක් ඇති නොකරන අතර අයුතු උපායන්හි යෙදීම ද අධෛරියමත් කෙරෙයි. සියලු ජනයා එකම නීත්‍යානුකූල යාන්ත්‍රණයකට භාජනය කිරීම මගින් එකිනෙකා අනවශ්‍ය ලෙස සැක කිරීමත්, විවිධ කෝලාහල ඇතිවීමත් පාලනය වනු ඇත.
  • බොහෝ ජනයාහට සැකෙන් හා බියෙන් තොරව මෙහි ජීවත් වීම පිණිස, විවිධ අසත්‍ය විශ්වාස හා ප්‍රචාර යටපත්කරනු පිණිස, කාලීන අවශ්‍යතාවයක් ද ලෙස සලකා, ශුද්ධ කුරානය තුල අනෙකුත් ආගමිකයන්හට වින කිරීම යම් මාත්‍ර පමණකින් හෝ අනුමත කරඇතිද යන්න සැකහැර සොයාබලා ජනතාව දැනුවත්කිරීමට ස්වාධීන විද්වත් කමිටුවකට පැවරීමට රජයට බල කිරීම.
  • ඒ අනුව, එවැන්නක් එහි නැත්තේනම්, ඒ බව පැහැදිලිව රූපවාහිනී වැනි ප්‍රසිද්ධ මාධ්‍ය හරහා එම ආගමෙහි පිළිගත් පූජකවරුන් ලවා ප්‍රකාශ කරවීමට සැලැස්වීම හා අන් ආගමිකයන්හට වින කිරීම මගින් එවැන්නවුන් හට දුගතියට යාමට වන බව හුවා දැක්වෙන අයුරින් අවශ්‍ය ප්‍රචාරණ කටයුතු නිරන්තරයෙන් සිදුකරවීමට රජයට බල කිරීම.
  • ඉහත අදහස පැහැදිලිව අහිංසක ඉස්ලාම් දරුවන්ගේ ද දැනගැනීම පිණිස ඔවුන්ගේ පාසල් පෙළපොත්වල මුද්‍රණය කොට ප්‍රකාශ කරවීමට අධ්‍යාපන ඇමතිවරයාට බලකිරීම.
  • යම් හෙයකින්, ඉහත විද්වත් කමිටුවෙහි නිගමනයන්ට අනුව, ශුද්ධ කුරානය තුල, ප්‍රධාන වශයෙන්, අන්‍යාගමිකයින්හට හිංසා කිරීම වරදක් ලෙස නොදක්වයි නම්, හා අනෙකුත් කරුණු ලෙස, සතුන් මැරීම වරදක් ලෙස නොදක්වයි නම්, මත්ද්‍රව්‍ය වෙළඳාම වරදක් ලෙස නොදක්වයි නම්, අවිආයුධ භාවිතය වරදක් ලෙස නොදක්වයි නම්, එය පිළිගත් මූලික ආගමික ඉගැන්වීම්වලින් අපගමනය වන, අවිහිංසාව අගය නොකරන හා සමාජවිරෝධී ඉගැන්වීමක් වන බැවින්, වෙනත් සාමාන්‍ය ආගම් වෙත ලබාදෙන කිසිදු වරප්‍රසාදයක්, ගෞරවයක් හෝ සහනශීලීබවක් එයට ලබා නොදීමටත් රජයට යෝජනා කිරීම.
  • ජාති භේදයකින් තොරව සියලු දරුවන් හට විවිධ ආගම් කෙරෙහි ගෞරවයක් ඇතිකිරීම පිණිස මූලික, බුදු දහම, කතෝලික දහම, හින්දු දහම හා ඉස්ලාම් දහම අනිවාර්යයෙන් පාසල් විෂයක් ලෙස ඉගැන්වීම සඳහා සියලු පාසල් තුල පහසුකම් ඇති කිරීම සඳහා කටයුතු කිරීමට පවතින රජයට හා අධ්‍යාපන ඇමතිවරයාට බල කිරීම (දැනටමත් සියලු සිංහල දරුවන් දමිල බස කතා කරණ ජනතාව වෙත කරණ ගෞරවයක් ලෙස දෙමළ බස අනිවාර්ය විෂයක් ලෙස ඉගෙනගමින් පවතී). මේ සඳහා ඒ ඒ පුජ්‍ය පක්‍ෂ වෙතින් උපදෙස් ලබා ගත හැක.
  • පසුගිය බිහිසුණු සිදුවීම් වලින් පාඩමක් ඉගෙනගමින්, සිංහල ජනතාවට ඍජුව බලපෑම් කළහැකි කිසිම රජයේ තනතුරකට සුළු ජාතිකයින් පත් නොකිරීමට වගබලාගැනීමෙන් සිංහල ජනතාවගේ මානව හිමිකම් සුරැකීමට රජයට බලකිරීම.
  • අවසන් වශයෙන්, මෙම යෝජනාවන් හරහා, ළඟ එන මැතිවරණ වලදී ප්‍රකාශ වීමට නියමිත ජනතාවගේ කැමැත්ත සම්බන්ධයෙන් පූර්ව නිමිත්තක් රටට ලබා දීම, හා අවශ්‍ය නම් අපගේ ඉහත මතයන් පොදු සිංහල ජනතාවගේ මතය බව ප්‍රත්‍යක්ෂව දැනගැනීමට ජනමත විචාරණයකට වුවද යාමට පවතින රජයට යෝජනා කිරීම.

ඔබගේ වටිනා චන්දය මෙම වෙබ් අඩවිය හරහා ලබාදීම මගින්,  ඔබද ඉහත යෝජනාවලට පුද්ගලිකව එකඟ වන බව ප්‍රකාශ වන බව කරුණාවෙන් සලකන්න.

ඉහත යෝජනා ගෙනඒමට පාදක වී ඇති කරුණු පහත දක්වා ඇත.

ඔබත් මේවා විශ්වාස කරන්නෙක්ද ?

  • ශ්‍රී ලංකාව ජනාවාස වූයේ ඉන්දියානු සම්භවයක් සහිත සිංහල ජනතාවගෙන් බව හා එය ලෝකයේ ජීවත්වන සිංහල ජනතාව වෙනුවෙන් ඇති එකම මාතෘ දේශය බව.
  • ශ්‍රී ලංකාව ලෝකයේ නිර්මල ථේරවාදී බුදුදහම සුරැකිව පවත්නා එකම රට බව, හා එම බුදුදහම ඒකාන්තයෙන්ම සත්‍ය හා බොහෝ දෙනාගේ හිත සුව පිණිස පවතින බව.
  • එවැනි වූ සිංහල බෞද්ධ සංස්කෘතිය ලෝක උරුමයක් ලෙස සලකා සුරැකිය යුතු බව.
  • එදා මෙදා තුර සිංහලුන් සුළු ජාතීන් වෙත ජාතිවාදයෙන් තොරව සැලකූ බව හා සහෝදරත්වයෙන් යුතුව ඔවුන් සමග ජීවත් වූ බව.
  • සියලු සුළු ජාතීන් එදා මෙදා තුර සිංහලුන් මුල් කොට තබාගෙන, එහෙත් සම අයිතිවාසිකම් ලබමින්, ශ්‍රී ලංකාව තුල ජීවත් වූ බව.
  • එදා මෙදා තුර රටට පැමිණි විවිධ විපත් හා උපද්‍රව වලදී ඒවාගෙන් රට ගලවා ගැනීමට ඉදිරිපත් වූයේද, නායකත්වය ගත්තේද, දිවිපිදුවේද, වැව් අමුණු බැඳ රට ස්වයන්පෝෂිත කළේද සිංහලයන්ම බව.
  • සිංහල බෞද්ධ නායකත්වය යටතේ පමණක් මෙහි සිටින විවිධ ජාතින් හා ආගම් අතර සමගිය පවත්වා ගෙන යා හැකි බව.
  • ඉහත සියල්ල තවදුරටත් එලෙසින්ම පවතිනුයේ සිංහලුන් මහ ජාතිය ලෙස පැවතුනහොත් පමණක් බව.
  • ශ්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යසස්තාව ද අනුව, සිංහල බෞද්ධ ජනතාව මහ ජාතිය ලෙස නගා සිටුවා තැබීමට දුරදර්ශී ලෙස කටයුතු කිරීම පවතින ඕනෑම රජයක පරම වගකීමක් බව.
  • සැකයෙන් බියෙන් තොරව ජීවත්වීමට හැකි පරිසරයක් සකසා දීම රජයක පරම වගකීමක් බව.

ඔබ මේවා ද විශ්වාස කරන්නෙක්ද ?

  • සුළු ජාතීන් ඉතා සූක්ෂම ලෙස හා එකමුතුව සංවිධානය වෙමින්, දැඩි ජාතික හා ආගමික ඇල්මකින් යුතුව කටයුතු කරමින්, සිංහල ජාතිය අගතියට පත්වන අයුරින්,  මෙම රට තුල අයුතු බලයක් ගොඩනැගීම පිණිස කටයුතු කරමින් සිටින බව.
  • බොහෝ ජාතීන් තම දරුවන්හට වෙනත් කිසිදු සමාජ මතයක් හෝ වෙනත් කිසිදු ආගමික මතයක් පිලිබඳ දැනුවත්වීමට ඇති ඉඩකඩ අහුරමින් තම මතයන් වෙතම ග්‍රහණය වී ජීවත් වීමට ඉඩහරින බව හා ඉන් ඉතා ආත්මාර්ථකාමී, අන්තවාදී හා ජාතිවාදී පිරිසක් බිහිවන බව.
  • ඇතැමුන්ගේ ආගමික ඉගැන්වීම්වල අනෙකුත් සියලු ආගම් පහත් බව හා එවැනි පහත් ආගමිකයන් විනාශ කිරීමෙන් තමන්ගේ සුබසෙත සැලසෙන බවට සඳහන්ව තිබිය හැකි බව, හා ඉන් අනෙකුත් ආගමිකයන්හට බොහෝ අගතියක් සිදුවන බව.
  • සුළු ජාතීන් සිංහල ජනගහනය තවතවත් වැඩිවේ යැයි නිරන්තරයෙන් සැක සහිතව පසුවන බවත්, ඒ නිසාවෙන්ම ඔවුන් ඉතා සංවිධානාත්මක ලෙස තම ජනගහනය ද ශීග්‍රව වර්ධනය කිරීමේ ක්‍රියාදාමයක නිරත වී සිටින බව. [සමස්ථ ලෝකයම සලකූ විට, විශේෂයෙන්, මුස්ලිම් ජනයාගේ දරුපල ලබාගැනීම එක් කාන්තාවකට 2.9 වන නමුදු බෞද්ධයන් සඳහා එය 1.6 වැනි පහත් අගයක් වන බවත් හඳුනාගෙන ඇත https://en.wikipedia.org/wiki/Muslim_population_growth
    තවද, වර්ෂ 2060 වන විට, වර්ෂ 2015 ට සාපේක්ෂව, බෞද්ධ ජනයාගේ ප්‍රමාණය 7% කින් අඩු වන බවත්, මුස්ලිම් ජනගහනය 70% කින් වැඩි වන බවත් ලෝක සමීක්ෂණ මගින් සොයාගෙන ඇත.    https://www.pewresearch.org/fact-tank/2017/04/06/why-muslims-are-the-worlds-fastest-growing-religious-group/ ]
  • සුළු ජාතීන් ඉතා කූට‍ හා අමානුශික උපක්‍රම යොදමින් සිංහල ජාතිය වඳ කිරීමේ උත්සාහයක නිරතවී ඇති බවට සැක මතුව ඇති බව.
  • සුළු ජාතීන් ඉතා කූට‍ උපක්‍රම යොදමින් සිංහල ජාතියෙහි හොඳනම ජාත්‍යන්තර මට්ටමින් වැනසීමේ හා අප රට ඒවායෙහි බලපෑම්වලට යටත්කිරීමේ සංවිධානාත්මක ව්‍යාපාරයක නිරතවී ඇති බවට සැක මතුව ඇති බව.
  • සියලු සුළු ජාතීන් අවශ්‍ය වූ සැනින් ඔවුන්ගේ සියලු වාද භේද පසෙක තබා තම ජාතිය පදනම් කොටගෙන එක්සත් වනබව.
  • රජයේ ඉහල තනතුරුවලට පත්වන සුළු ජාතීන් තම බලය අයුතු ලෙස භාවිතා කරමින් තම ජාතීන් නගාසිටුවීමටත් සිංහල ජාතිය අගතියට පත්කරවීමටත් කටයුතු කිරීමින් සිටින  බවට සැක මතුව ඇති බව.
  • සුළු ජාතීන් ගේ සහයෙන් බලයට පත් වන බල ලෝභී සිංහල නායකයන් සුළු ජාතීන් ගේ පවිටු අවශ්‍යතා, කිසිදු වග විභාගයකින් තොරව, සපුරාදීමට ඉදිරිපත් ව සිටින බව හා ඔවුන් ආරක්ෂා ද කරණ බව.
  • සුළු ජාතීන් ගේ සහයෙන් බලයට පත් වන ඕනෑම ආණ්ඩුවකට ඉහත ඉරණම අත්වන බවත් ඉන් අවසානයේ පීඩනයට පත්වන්නේ සිංහල ජනයාම බව.
  • සිටිනා සිංහල නායකයන් ගේ බල ලෝභී, නොසැලකිලිමත් හා අදුරදර්ශී ක්‍රියා හේතුවෙන් සිංහල බෞද්ධ උරුමය කෙමෙන් විනාශයට පත්වෙමින් ඇති බව.
  • මෙවැනි පසුබිමක් යටතේ අපටද රට ජාතිය වෙනුවෙන් යමක් කිරීමට ඇති බව.


එසේනම්, සිංහල අපට ඇති තර්ජනය කුමක්ද ?

  • සිංහලයෝ ජාත්‍යාලයෙන් තොර වීම හා බෞද්ධයෝ ආගමික භක්තියෙන් තොර වීම.
  • සිංහලයන්ගේ පෙර පැවති එකමුතුබවෙහි අඩු බව, අන්‍ය සිංහලුන්ගේ දියුණුව දැකීමට ඇති අකමැතිබව හා ඔවුන්ගේ දියුණුවට අකුල් හෙලීම.
  • මිසදිටු අන්තවාදී ජනකොටස් වෙතින් සිදුවන අකටයුතුකම් වලට නිරන්තරගෙන් ගොදුරු වීම හා සැකෙන් බියෙන් ජීවත් වීමට සිදුවීම.
  • ටික කලකින් සියලු දේ අමතකවීම, ජාතිය වෙනුවෙන් ඉලක්කයක් සහිතව කටයුතු නොකිරීම හා පවතින සැබෑ ගැටළු පිළිබඳව සංවේදී නොවීම
  • සිංහල නායකයන්ගේ ඇති නිර්ලජ්ජිත වංක බව, දැඩි බල ලෝභය හා රට ජාතිය වෙනුවෙන් වග නොවීම.
  • පදනමක් නොමැතිව එකම දේශපාලන පක්ෂයකට ඇලී ගැලී සිටීම හා රටට අවශ්‍ය පරිදි වෙනස් නොවීම.
  • සිංහලයන්ගේ ජනගහන වර්ධන වේගයෙහි අඩු බව හා මහජාතිය ලෙස තවදුරටත් පැවතීමේ නොහැකියාව.
  • සිංහලයන්ගේ සඵල දේශපාලන බලය පිරිහීම හා එමගින් සුළු ජාතීන්ගේ පදයට නැටීමට සිදුවීම.
     

මෙම තර්ජනයන්ගෙන් මිදීමට කළ හැක්කේ කුමක්ද ? කළ නොහැක්කේ  කුමක්ද ?

  • අපට අන් ජාතීන්ගේ දියුණුවට අකුල් හෙළිය නොහැක. එහෙත් අපට අපගේ සමාජයීය, අධ්‍යාපනික, ආර්ථික හා අධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් වැඩ කල හැක. තවද, අනෙකාට ඊර්ශ්‍යා නොකොට උපකාරයක්ම වන අයුරින් බුද්ධිමත්ව හා ජාත්‍යාලයෙන් යුතුව කටයුතු කල හැක. ඒවා බොහෝවිට පුද්ගලානුබද්ධ වගකීම් වේ.
  • සිංහල නායකයන්ගේ තුල පවතින වංක බව හා රට ජාතිය වෙනුවෙන් වග නොවීම නිවැරදි කිරීමට අපහට නොහැකි නමුත්, අපට ඔවුනට එකතුවීමට බල කිරීමෙන් තාවකාලිකව හෝ සහනයක් උදාකරගත හැකිය. නොඑසේනම්, සිංහල ජනතාව එක්සත් කිරීමට සමත් සුදුසු නව නායකයන් සොයා පත්කර ගැනීමට අපහට හැකි විය යුතුය.  
  • අපට අන් ජාතීන් ගේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන බලය යටපත් කිරීමට නොහැකි නමුත්, සිංහලයන් ලෙස පක්ෂ ආගම් භේද නොසලකා එකතුවීමෙන් හා බලය පිහිටුවීමේදී අන් ජාතීන්ගේ සහය නොපැතීමෙන් අවස්ථාවාදී ඔවුනට අභියෝගයක් වීමට හැකිය.
  • අපට බොහෝ දරුවන් බිහිකර ඔවුන් තම අවශ්‍යතා ඉටුකරන සොල්දාදුවන් සේ යොදා ගැනීමට හා අන් ජාතීන් වඳ කිරීමට කූට උපායන් යෙදිය නොහැකි නමුත්, රටේ පවතින සමාජයීය, සංස්කෘතික හා ආගමික සංයුතියෙහි සමබර බව ශීග්‍ර වෙනසකට පත්කරන අයුතු හා අස්වාභාවික ජනගහන වර්ධන වේගය නීත්‍යනුකුලව නියාමනය කිරීමට සුදුසු නව නීති රීති ගෙන ඒමට වගකිවයුත්තන්ට බල කළ හැකිය.
  • අන් ජාතීන් ගේ මිසදිටු ආගමික විශ්වාසයන් අපහට වැළක්විය නොහැකි නමුදු, එවැනි ජනකොටස් දෙස ද මෛත්‍රී සිතින් බලා, ඔවුනට ද ලොව ඇති අනෙකුත් පිළිගත් ආගමික හා ශිෂ්ටසම්පන්න සමාජයීය සම්ප්‍රදායන් පිලිබඳ යම් ඉගෙනීමක් ලබාගතහැකි පසුබිමක් ඇතිකරදීමෙන් ඔවුන්තුල යම් මානසික වහල්භාවයෙන් තිබුනේවීනම් ඔවුනටම ඉන්  මිදී ස්වාධීන වීමට උපකාර කල හැක.


සිංහල අප තේරුම් ගත යුත්තේ කුමක්ද ?

  • බොහෝ සුළු ජාතික පිරිස් මෙම භූමියට ලොබ බැඳගෙන සිටින බව, හා ඔවුන් රහසින් සිංහලයන්ගේ පිරිහීම හා විනාශය බලාපොරොත්තුවන බව.
  • සුළු ජාතීන් සතුව ඇති සංවිධානාත්මක, අධික හා අසාමාන්‍ය ජනගහන වර්ධන වේගය හා ඉන් ඔවුනට ලැබෙන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන බලය පාලනය කිරීමට අපහසු තීරණාත්මක සාධකය බව.
  • සිංහලයන් ආණ්ඩු පිහිටුවීමේදී අවස්ථාවාදී සුළු ජාතිකයන් සමග සන්ධානගතවීමෙන් ඇතිවන බන්ධනය බලලෝභීත්වයෙන් පෝෂණය වනබවත් එය සිංහලයා අගතියට පමුණුවන ප්‍රධාන කරුණ බව.
  • එහෙයින්, සිංහලයන් හට පක්ෂ හා ආගම් භේද අමතක කර එක්සත්ව නැගී සිටීමට කාලය පැමිණ ඇති බව.
  • බුද්ධිමත්ව, දූරදර්ශිව හා ස්ත්‍යගරුකව කටයුතු කිරීමෙන් පමණක් මෙම අභියෝගය ජයගත හැකි බව.
  • කිසිවක් නොකර සිටීමෙන් ඉතා කෙටි කලක් තුලදී තමන්ගේම රටෙහි අසරණයන් වීමට සිදූවන බව.

මෙය සදාචාර සම්පන්න යෝජනාවක්ද ?

  • මෙය සියලු ජාතීන් මත පොදුවේ පැනවෙන යෝජනාවක් වීමට යන බැවින් ඉතා සාධාරණ හා සදාචාර සම්පන්නය.
  • මෙය අවිහිංසාව මත පදනම්ව හින්සාව වැලක්වීමට කෙරෙන්නාවූ යෝජනාවක් බැවින් ඉතා සදාචාර සම්පන්න හා සමාජ හිතකාමීය.
  • සියලු සුළු ජාතීන් මේ වන විටත් තම ජාතීන්ගේ නාමයන්ගෙන් එක්සත්ව දේශපාලන පක්ෂ පිහිටුවා ගෙන ඇති බව හා එම න්‍යායපත්‍ර වලට කටයුතු කිරීමෙන් සිංහල ජනතාව අගතියට පත්කොට ඇති බවද ඉතා පැහැදිලිය. කරුණු එසේ හෙයින්, සිංහල ජනතාවටද තම යහ පැවැත්ම වෙනුවෙන් අවිහිංසාවාදීව යමක් කිරීමට ඇති අවශ්‍යතාවය සදාචාර සම්පන්නය.
  • යම් ජාතික පවුල් ඒකකයක් දරුවන් තුනකටත් වඩා බිහි කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, එය මනුෂ්‍ය දෙමවුපියන් යුවලකගේ ස්වභාවික හා සාමාන්‍ය අවශ්‍යතාවයන් අභිබවා ගිය වෙනත් අරමුණකින් සිදු කෙරෙන්නක් බව පැහැදිලිය. ඒ අනුව, මෙම යෝජනාව එවැනි අස්වභාවිකත්වයන් දුරුකොට ස්වභාවිකත්වය ඇති කිරීමට රුකුල් දෙන්නක් බැවින්  සදාචාර සම්පන්නය. තවද, සියලු ජාතින් මෙවැනි පොදු නීත්‍යානුකූල යාන්ත්‍රණයකට යටත් කිරීම මගින්, එක් එක් ජාතීන්හට තම තම ජාතීන්ගේ වර්ධනයටත්, අන් ජාතීන් වඳ කිරීමටත්, අයුතු උපායන්හි යෙදීම හා විශේෂයෙන් ක්‍රියාකිරීම අධෛර්යමත් කරණ අතර එමගින් එකිනෙකා අනවශ්‍ය ලෙස සැක කිරීමත්, එමගින් විවිධ කෝලාහල ඇතිවීමත් පාලනය වනු ඇත. වෙනත් බොහෝ රටවල්ද මෙවැනි නීති රීති අවශ්‍ය අවස්ථාවලදී පනවා ඇති බැවින්, මෙය පෙර නොවූ විරූ දෙයක් හෝ අභව්‍ය දෙයක් හෝ නොවන බැවින් ද සදාචාර සම්පන්නය.
  • තවද, මෙමගින් කිසිම ජාතියකට හෝ ආගමකට අගතියක් නොවන බැවින්ද, අනාගත අසමතුලිතකම් හා එමගින් ඇතිවියහැකි විපත් රැසක් මගහැරවීමට හේතුවන හෙයින්ද, සැකෙන් බියෙන් තොර වටපිටාවක් ඇතිකරගැනීමට ඉවහල්වන හෙයින්ද ඉතා සදාචාර සම්පන්න යෝජනාවන්  වේ.
  • ඒ කිසිවකටත් වඩා, මෙය බුදුදහම වැනි පරම දුර්ලභ, පරම ශ්‍රේෂ්ඨ හා පරම සත්‍ය වූ, ලෝකයෙහි බොහෝ ජාතීන් විසින් දැන් දැන් ගෞරවාදරයෙන් වැළඳ ගමින් පවතින්නා වූ, හා බොහෝ දෙනාගේ හිත සුව පිණිස පවතින්නා වූ දහමක (හා අනෙකුත් සියලු සාමකාමී ආගම් වල) යහ පැවැත්ම හා මතු ආරක්ෂාව වෙනුවෙන් කෙරෙන්නක් බැවින් ද, මෙය සදාචාරයෙන් ඔබ්බට ගොස් මෛත්‍රී සිතින් යුතුව කෙරෙන මහා කුශල කර්මයකි.

දැනුවත් වූ ඔබට තීරණයක් ගැනීමට දැන් කාලය පැමිණ ඇත !

ස්තුතියි !

තෙරුවන් සරණේ සත්‍යානුභාවයෙන් ඔබට සෙතක්ම වේවා ! ස්තුතියි!

ද්වේශ සිතක් පහල නොවේවා ! අකුශලයක් සිදු නොවේවා !

බෝසත් අනගාරික ධර්මපාල අනුගාමිකයෝ


සසර වසන තුරු ….නිවන් දකින තුරු….පින්කෙත හෙළ රන් දෙරණේ ….

යලි උපදින්නට…හේතු වාසනා වේවා හේතු වාසනා …..

 

 

0 have signed. Let’s get to 100!
At 100 signatures, this petition is more likely to be featured in recommendations!