Protection of Freedom of Expression, Opinion and Peaceful Assembly in Sri Lanka

Protection of Freedom of Expression, Opinion and Peaceful Assembly in Sri Lanka

ශ්‍රී ලංකාව තුළ පුළුල්ව ලෙස හා අඛණ්ඩව විරෝධතා පැවැත්වීම සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, අදහස් දැක්වීමේ අයිතිය හා සාමකාමී රැස්වීම් පැවැත්වීමේ අයිතිය ආරක්ෂා කිරීම
ඔබ දැනටමත් දන්නා ආකාරයට පසුගිය වසර අවසාන භාගයේ සිට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික,සමාජයීය දේශපාලනික තත්වයන් නිසා හටගත් විරෝධතාවන් ශ්‍රී ලංකාව තුළ මෙන්ම ලෝකය පුරාමත් පුළුල් ලෙස ව්‍යාප්ත වෙමින් පවතී. පවත්නා ආර්ථික අර්බුදයට රට පත්කිරීමට වගකිවයුතු වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් මෙහෙයවනු ලබන වර්තමාන රජයයි.ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනක් අවභාවිත කරමින් රාජපක්ෂ පවුලේ සාමාජිකයන් අතර එම මුදල් බෙදාහැරීමට කටයුතු කරන ලදහ.
ගෑස්, ඉන්ධන, විදුලිය, ඖෂධ, කඩදාසි වැනි දෑ වල උග්‍ර හිඟය සහ අනෙකුත් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ඉකුත් මාර්තු මාසයේ ක්‍රමයෙන් ජනතා විරෝධතා ඇතිවෙන්නට පටන්ගත් අතර,පසුගිය මාර්තු 31 වන දින කොළඹට තදාසන්න මිරිහානේ පිහිටි ජනාධිපති නිල නිවස ඉදිරිපිට දී ජනතාව විසින් සාමකාමී උද්ඝෝෂණයක් පවත්වන්න ලදී.නමුත් රජය විසින් දියත්කළ මර්දනකාරී ක්‍රියාමාර්ග මාලාවකින් පසු ජනතා විරෝධතා උත්සන්න වූ අතර, පසුගිය අප්‍රේල් 9 වැනි දින කොළඹ ගාලුමුවදොර පිටිය කේන්ද්‍රකොටගෙන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී දිවා රාත්‍රී පුරාවට පැවැත්වෙන අඛණ්ඩ ජන විරෝධතාවක් ආරම්භ විය.මිරිහානේ පැවැති සාමකාමී උද්ඝෝෂණයේදී මාධ්‍යවේදීන්ද ඇතුළුව පුද්ගලයින් 54 දෙනෙක් අත්අඩංගුවට ගන්නා ලදී.සමාජමාධ්‍ය ඔස්සේ අරගලයට සහය පළකළ තරුණ සමාජමාධ්‍ය ක්‍රියාකාරිකයෙකු අප්‍රේල් 01 වනදා අළුයම ඔහුගේ නිවසින් නීත්‍යානුකූල නොවන ලෙස රැගෙන යාමට ද පොලීසිය කටයුතු කළ අතර,මුල දී පොලීසිය ප්‍රකාශ කළේ ඔහු සිටින ස්ථානය තමන් නොදන්නා බව ය.අප්‍රේල් 16 වන දා රජයට විරුද්ධ සටන්පාඨ ප්‍රකාශ කරමින් විරෝධතාවයේ නිරතව සිටි විරෝධතාකරුවන් පිරිසක් ද අත්අඩංගුවට ගෙන වැල්ලවත්ත පොලිස් ස්ථානයට රැගෙන ගිය අතර,ඔවුන් නිදහස් කිරීමට පෙර කායික සහ මානසික වධහිංසා වලට ලක්කර තිබූ බව තහවුරු විය.
වත්මන් ජනාධිපතිවරයා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටි සමයේදී විරෝධතාකරුවන්ට, විරෝධාකල්පයන් දැක්වූ මාධ්‍යවේදීන්ට සහ සිවිල් වැසියන්ට එරෙහි බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපරාධ රැසකට සම්බන්ධ වී ඇති පුද්ගලයෙකි.එබඳු සිද්ධීන් අතරින් ප්‍රධානතම එකක් වන්නේ වැලිවේරියේදී පිරිසිදු පානීය ජලය ඉල්ලා දියත්කළ උද්ඝෝෂණවලට සිදුකළ වෙඩි තැබීම් වලින් සිවිල් වැසියන් තිදෙනෙකු ඝාතනය කර තවත් විශාල පිරිසකට තුවාල සිදුකිරීමයි.ශ්‍රී ලංකාවේ කීර්තිමත් මාධ්‍යවේදියෙකු වූ සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ලක්වූයේ ද ,යුධ සමයේ දී අවිධිමත් ලෙස මිග් ගුවන් යානා මිලදී ගැනීමේ දී සිදුකළ වංචාවන් සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයාට චෝදනා එල්ල කිරීමේ සිද්ධියෙන් පසුව ය. එම ඝාතනය සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ.යට චෝදනා කිරීමේ උත්සාහයක් ද තිබූ බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
එසේම මාධ්‍යවේදී හා කාටූන් ශිල්පී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන යාම සහ දෙමළ මාධ්‍යවේදී සිවරාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයාද සම්බන්ධ බවට අධිකරණ වාර්තා වලින් පෙන්නුම් කෙරේ. මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධහිංසා පැමිණවීමේ සිද්ධියටද වත්මන් ජනාධිපතිවරයාගේ අනුදැනුම මත හමුදා සාමාජිකයන් සම්බන්ධ වූ බවටද විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ඔවුන්ට එරෙහිව සාක්ෂි සහිතව චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් විශාල සංඛ්‍යාවක්, දැනටමත් රජයේ ඉහළම තනතුරු වල කටයුතු කරයි.එය පැහැදිලිවම මානව හිමිකම් උල්ලංඝනයට ලක්වූවන්ට තමනට එරෙහිව සිදු කර ඇති අපරාධ සඳහා යුක්තිය ඉටුකර ගැනීමේ හැකියාව අහිමිකරලන්නකි. 2005 සිට 2015 දක්වා ඔහුගේ සොහොයුරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටියදී ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ, 2009 දක්වාම කොටි ත්‍රස්තවාදී සංවිධානයට එරෙහි යුධමය මෙහෙයුම් අධීක්ෂණය කළේ ය.ඒ කාලය තුළදීද නීති විරෝධී ක්‍රියා සහ ත්‍රස්තවාදය මැඩලීමෙන් පරිබාහිරව සිදුකළ මනුෂ්‍ය ඝාතන රැසක් මොවුන්ගේ අනුදැනුම මත සිදුකළ බවට සාධක ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රජය විසින් 2020 පෙබරවාරි මාසයේදී 30/1 යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත්කරගනා ලදී.ඊට මාසයකට පමණ පසු, දරුවන් හතර දෙනෙකු ඇතුළු සිවිල් වැසියන් අටදෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ සොල්දාදුවෙකුට ජනාධිපති සමාවද පිරිනමන ලදී.සිවිල් වැසියන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් හමුදා නිලධාරීන් වරදකරුවන් කිරීමට ශ්‍රී ලංකා අධිකරණය තීරණය කරන ලද නමුත් ජනාධිපතිවරයාගේ මෙම හිතුවක්කාර ක්‍රියාකලාපය නිසා බලාපොරොත්තු වූ සාධාරණය ඉටු නොවිනි. 2020 දෙසැම්බරයේදී, මානව හිමිකම් කවුන්සිලයේ සභාවාරය ආරම්භ වීමට මාස දෙකකට පෙර, ජනාධිපතිවරයා විසින් හමුදාපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා (විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වන) ජෙනරාල් නිලයට උසස් කරන ලදී. මෙම පුද්ගලයන් දෙදෙනාටම යුද අපරාධ සිදු කළ බවට ජාත්‍යන්තරයෙන් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා හේතුවෙන් එක්සත් ජනපදය හමුදා ප්‍රධානියාට සහ ඔහුගේ පවුලේ අයට රට තුළට ඇතුළුවීම පවා තහනම් කළේය.
තවද COVID-19 නිසා මියගිය මුස්ලිම් ජාතිකයින් භූමදාන කිරීමට අවසර දීමද රජය දැඩි ලෙස ප්‍රතික්ෂේප කළේය. ඒ, කොරෝනා වයිරසයට ගොදුරු වූවන්ගේ භූමදානය ආරක්ෂිතව සිදු කළ හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශකර ඇති වටපිටාවකයි.2015 ජනාධිපතිවරණයේදී බොහෝ මුස්ලිම්වරු මහින්ද රාජපක්ෂ පාලනයට විරුද්ධව ඡන්දය දුන් අතර 2019 ජනාධිපතිවරණයේදී ද බොහෝමයක් මුස්ලිම් ප්‍රජාව ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළහ.මියයන මුස්ලිම්වරුන් භූමදානය කිරීමේ රජයේ ස්ථාවරය ඔවුන් විසින් වෙනස් කරගනු ලැබුවේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට මොහොතකට පෙර ය. එයද සිදුවූයේ ජාත්‍යන්තරයෙන් එල්ල වූ පීඩනය නිසාවෙනි.රජයේ එම ප්‍රතිපත්තිමය වෙනස් කිරීම් ප්‍රධාන වශයෙන්ම මුස්ලිම් රටවල් වන පකිස්තානය, බංග්ලාදේශය සහ උස්බෙකිස්තානයට එක්සත් ජාතීන්ගේ නවතම යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට මෙන්ම අනෙකුත් ප්‍රධාන මුස්ලිම් රාජ්‍යයන්ට එම යෝජනාව වෙනුවෙන් ඡන්දය දීමෙන් වැළකී සිටීම සඳහා පෙළඹවීමට ද අනිවාර්ය හේතුවක් වන්නට ඇත.
2019 නොවැම්බරයේ ජනාධිපති ලෙස තේරී පත්වූ දා සිට, ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාව සිය සහෝදරයා යටතේ පාලනය වනවිටදීටත් වඩා මිලිටරිකරණයට ලක්කිරීමට කටයුතු කලේ ය. අද වන විට රාජ්‍ය ආයතන 30කට වැඩි ප්‍රමාණයක් ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට පත් වී තිබෙන අතර, අවම වශයෙන් විශ්‍රාමික හෝ සේවයේ නියුතු හමුදා සහ බුද්ධි අංශ සාමාජිකයන් 28ක් වත් සිවිල් බලධාරීන් විසින් මෙතෙක් අධීක්‍ෂණය කරන ලද රාජ්‍ය සේවයේ ප්‍රමුඛ භූමිකාවන් ඉටුකිරීම සඳහා පත්කරනු ලැබ තිබේ.COVID-19 කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ලෙසද පත් කරන ලද්දේ වෛද්‍ය වෘත්තිකයෙකු නොවන යුධ හමුදාපතිවරයා ය.එසේම දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම කොරෝනා වයිරසයට එරෙහි මෙහෙයුම් අධීක්‍ෂණය කරන සම්බන්ධීකරණ නිලධාරියා ලෙස මේජර් ජෙනරාල්වරයෙකු පත්කරනු ලැබ තිබුණි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ දා සිට මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය නිලධාරීන්ට එරෙහිව සිදුකෙරෙන ඔත්තු බැලීම් සහ හිරිහැර කිරීම්ද ක්‍රමයෙන් වැඩි වී ඇත.මුස්ලිම් කාන්තාවන්ට බුර්කාව සහ නිකාබ් පැළඳීම ආරක්ෂක හේතූන් මත තහනම් කිරීම සහ එසේම මද්‍රාසා පාසල්වලට එරෙහිව ක්‍රියාකිරීමට රජය කටයුතු කළේ ද මානව හිමිකම් කවුන්සිලයේදී මුස්ලිම් රටවල සහයෝගය ලබන අතරවාරයේදීම ය. රාජපක්ෂවරුන් ප්‍රමුඛ රජයේ රාජ්‍යතාන්ත්‍රික නොහැකියාව සහ සම්බන්ධීකරණ උපාය මාර්ගයක් නොමැතිකම මින් ප්‍රකට කෙරිණි. එසේම කොටි ත්‍රස්තවාදී සංවිධානය සහ රජයේ හමුදා අතර පැවති සිවිල් යුද්ධයේ ඇතැම් අමිහිරි අත්දැකීම්වලින් පාඩම් ඉගෙනගෙන,නැවත එවැනි තත්වයක් ඇතිවීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමටද ශ්‍රී ලංකා රජය කිසිදු උත්සාහයක් නොගන්නා බව ද පැහැදිලි ය. මානව හිමිකම් කවුන්සිලයට සහ අනෙකුත් ගෝලීය මානව හිමිකම් සංවිධානවලට මෙම ප්‍රශ්නයෙන් ලිස්සා යාමට ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රජයට ඉඩ දිය නොහැක්කේ එබැවිනි.
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රමුඛ රජය නිර්මාණය කරන ලද දේශපාලන හා ආර්ථික අස්ථාවරත්වය ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ ජීවන රටාවට සහ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කීර්ති නාමයට එරෙහිව ප්‍රබල ලෙස බලපාන බව නොරහසකි. අවසාන වශයෙන්, අපගේ බලාපොරොත්තු වන්නේ ගාලු මුවදොර පිටියේ සහ අනෙකුත් විරෝධතා ස්ථාන වෙත ඔබගේ නිල නිරීක්ෂණ සහ සහයෝගීතා චාරිකාද ඇතුළුව නිරන්තරව සිදුවන පරිදි තත්ත්වය සමීපව නිරීක්ෂණය කිරීමට කටයුතු කිරීමයි. එසේම භාෂණයේ අදහස් ප්‍රකාශ කිරීමේ සහ එක්රැස්වීමේ නිදහස ඇතිකිරීමට මෙන්ම, විශේෂයෙන්ම එම අයිතීන් ක්‍රියාත්මකකිරීම වෙනුවෙන් ඇති නිදහස යටපත් කිරීමට තැත් කරන පුද්ගලයන්ට එරෙහිව ක්‍රියා කිරීමට සහ, විරෝධය දැක්වීමට ඇති අයිතියට ගරු කරන ලෙස රජයට වහාම සහ උපරිම වශයෙන් බලපෑම් කරන ලෙස ශ්‍රී ලාංකීය පුරවැසියන් වශයෙන් ඉල්ලා සිටිමු.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සහයෝගය වහාම ලබාදීමට මේ අවස්ථාවේදී ජාත්‍යන්තර ප්‍රජාව ක්‍රියා කිරීමට අපොහොසත් වුවහොත්,වර්තමානයේ මෙම දුර්භාග්‍යසම්පන්න අවස්ථාවට එරෙහිව ක්‍රියාත්මක වී සිටින දහස් සංඛ්‍යාත ක්‍රියාකාරීන් සහ ඔවුන්ගේ පවුල් ඉලක්ක කරගෙන රාජ්‍ය මර්දනය යළි ක්‍රියාත්මක වීමේ අවදානමක් ද පවතී.
இலங்கையில் தொடர் பரவலான எதிர்ப்புக்கள் ,கருத்து சொல்லும் உரிமை, கருத்தை வெளிபடுத்தும் சுதந்திரம், மற்றும் அமைதியான ஒன்றுகூடல் ஆகியவற்றின் பாதுகாப்பு
கடந்த வருடத்தின் பிற்பகுதியில் இருந்து பொருளாதார, சமூக மற்றும் அரசியல் அக்கறைகள் காரணமாக இலங்கையிலும் உலகெங்கிலும் பரவலான எதிர்ப்புக்கள் இடம்பெற்று வருவது உங்களுக்குத் தெரியும். ஜனாதிபதி கோட்டாபய ராஜபக்ஷ மற்றும் பிரதமர் மஹிந்த ராஜபக்ஷ தலைமையிலான தற்போதைய அரசாங்கமே நாட்டை பொருளாதார நெருக்கடிக்குள் தள்ளியுள்ளது. ராஜபக்ச குடும்பத்தின் குடும்ப உறுப்பினர்களுக்கு ,ஜனாதிபதி மற்றும் பிரதமர் பொதுமக்கள் பணத்தை சொந்த தேவைகளுக்கும் ,பிழையான முறையில் சொத்துக்குவிப்புக்கும் பயன்படுத்தியதாக குற்றம் சுமத்தப்பட்டுள்ளது.
எரிவாயு, எரிபொருள், மின்சாரம், மருந்து, காகிதம் போன்றவற்றின் பரவலான தட்டுப்பாடு மற்றும் அத்தியாவசிய நுகர்வுப் பொருட்களின் பாரிய விலையேற்றம் காரணமாக மார்ச் மாதம் முதல் ஒரு மாத காலமாக போராட்டம் நடைபெற்று வருகிறது. முதலாவது போராட்டம் மார்ச் 31 அன்று மிரிஹானவில் (கொழும்பு மாவட்டம்) ஜனாதிபதியின் இல்லத்துக்கு முன்பாக அமைதியான முறையில் நடந்தும், அதில் ஏற்பட்ட அடக்கு முறையானது தொடர் போராட்டத்திற்கு வழிவகுத்தது. தொடர்ச்சியான அடக்குமுறை நடவடிக்கைகளின் பின்னர், எதிர்ப்புக்கள் அதிகரித்தன, அதன் பின்னர் ஏப்ரல் 9 ஆம் தேதி, ஜனாதிபதி செயலகத்திற்கு வெளியே கொழும்பு காலி முகத்திடலில் தொடர்ச்சியான இரவு பகலாக போராட்டங்கள் தொடங்கியது. மிரிஹான போராட்டத்தில் ஊடகவியலாளர்கள் உட்பட 54 பேர் கைது செய்யப்பட்டு தாக்கப்பட்டனர். போராட்டங்களுக்கு ஆதரவளித்த இளம் சமூக ஊடக ஆர்வலர் ஒருவர் ஏப்ரல் 1 ஆம் தேதி அதிகாலையில் அவரது வீட்டிலிருந்து கடத்தப்பட்டார், மேலும் அவர் இருக்கும் இடத்தைப் பற்றிய தகவலை பொலிசார் முதலில் மறுத்துள்ளனர். ஏப்ரல் 16 ஆம் தேதி, சில போராட்டக்காரர்கள் அரசுக்கு எதிராக கோஷங்களை எழுப்பியபோது, அவர்கள் கைது செய்யப்பட்டு வெள்ளவத்தை காவல் நிலையத்திற்கு அழைத்துச் செல்லப்பட்டு கொடூரமான தண்டனைகளுக்கு உட்படுத்தப்பட்டு விடுவிக்கப்பட்டனர்.
தற்போதைய ஜனாதிபதி, பாதுகாப்பு அமைச்சின் செயலாளராக கடமையாற்றிய போது, பல பாரிய மனித உரிமை மீறல்கள் புரிந்துள்ளார். போராட்டக்காரர்கள், ஊடகவியலாளர்கள் மற்றும் பொதுமக்களுக்கு எதிரான குற்றங்களில் ஈடுபட்டுள்ளார். வெலிவேரியவில் சுத்தமான குடிநீர் கோரி நடைபெற்ற போராட்டத்தின் போது மூன்று பொதுமக்கள் சுட்டுக் கொல்லப்பட்டது மற்றும் பலர் காயமடைந்தமை ஒன்று. சண்டே லீடர் நாளிதழின் ஆசிரியர் லசந்த விக்ரமதுங்க, தற்போதைய ஜனாதிபதி MIG ரக விமானங்களை கொள்வனவு செய்வதில் மோசடி செய்ததாக குற்றம் சுமத்தியதன் பின்னர் படுகொலை செய்யப்பட்டதோடு, விடுதலைப் புலிகள் மீது குற்றம் சுமத்த முயற்சிகள் மேற்கொள்ளப்பட்டுள்ளதாக விசாரணைகளில் இருந்து தெரியவந்துள்ளது.
ஊடகவியலாளர் மற்றும் கார்ட்டூனிஸ்ட் பிரகீத் எக்னெலிகொட கடத்தல் மற்றும் தமிழ் ஊடகவியலாளர் சிவராம் கடத்தப்பட்டு கொலை செய்யப்பட்ட சம்பவத்தில் தற்போதைய ஜனாதிபதிக்கும் தொடர்பு இருப்பதாக நீதிமன்ற பதிவுகள் சுட்டிக்காட்டுகின்றன. ஊடகவியலாளர் கீத் நொயாரை கடத்திச் சென்று சித்திரவதை செய்த சம்பவத்தில் இராணுவத்தினருக்கு தொடர்பு இருப்பதாகவும் விசாரணைகளில் தெரியவந்துள்ளது. தற்போது அரசாங்கத்தில் உயர் பதவிகளை வகிக்கும் பெருமளவிலான தனிநபர்கள் மீது நம்பத்தகுந்த குற்றச்சாட்டுகள் இருப்பது அரசாங்கத்தின் இராணுவமயமாக்கல் பற்றிய கவலைகளை எழுப்புகிறது. அத்துமீறல்களுக்கு ஆளானவர்கள் தங்களுக்கு எதிராக இழைக்கப்பட்ட குற்றங்களுக்கு விரைவில் நீதியைப் பெறுவதற்கான சகல வாய்ப்புகளையும் இது நீக்குகிறது. 2005 முதல் 2015 வரை தனது சகோதரர் மகிந்த அதிபராக இருந்தபோது பாதுகாப்புச் செயலாளராக இருந்த கோடாபய ராஜபக்சே, 2009ல் தமிழ்ப் புலிகளின் தோல்வியை மேற்பார்வையிட்டார். இந்தக் காலகட்டத்தில், சட்டவிரோத கொலைகளும், வெள்ளை வேன்கள் மூலம் பலவந்தமாகக் காணாமல் போகச் செய்தலும் பரவலாக நடந்தன. இதனுடாக சுமார் 40,000 பேர் கொல்லப்பட்டதாக மதிப்பிடப்பட்டுள்ளது.
ஜனாதிபதி கோட்டாபய ராஜபக்ஷவும் அவரது தீவிர தேசியவாத ஆதரவாளர்களும் மனித உரிமைகளை புறக்கணித்துள்ளனர். 2020 பெப்ரவரியில் 30/1 தீர்மானத்தின் இணை அனுசரணையிலிருந்து அரசாங்கம் பின்வாங்கியது மட்டுமல்லாமல், ஒரு மாதத்திற்குப் பிறகு, நான்கு குழந்தைகள் உட்பட எட்டு தமிழ் பொதுமக்களின் கழுத்தை அறுத்த குற்றத்திற்காக ஒரு சிப்பாயை ஜனாதிபதி மன்னித்தார். இந்த வழக்கு இலங்கை நீதிமன்றங்கள் தமிழ் பொதுமக்களைக் கொன்றதற்காக இராணுவ வீரர்களை குற்றவாளியாகுவதை நிறுத்த முயற்சித்த ஒரு அரிய நிகழ்வைப் பிரதிநிதித்துவப்படுத்துகிறது. டிசம்பர் 2020 இல், HRC கூட்டம் தொடங்குவதற்கு இரண்டு மாதங்களுக்கு முன்பு, ஜனாதிபதி இராணுவத் தளபதி மற்றும் பாதுகாப்புச் செயலாளரை (ஓய்வு பெற்ற இராணுவ அதிகாரி) ஜெனரல் பதவிக்கு உயர்த்தினார். இருவருமே போர்க்குற்றத்தில் ஈடுபட்டதாக குற்றம் சாட்டப்பட்டுள்ளனர், குற்றச்சாட்டுகள் காரணமாக இராணுவத் தளபதி மற்றும் அவரது குடும்பத்தினர் அமெரிக்க நாட்டுக்குள் நுழைய அமெரிக்கா தடை விதித்துள்ளது.
மனித உரிமைகளை அரசாங்கத்தின் அப்பட்டமான அலட்சியத்தின் மற்ற நிகழ்வுகள் ஏராளம். COVID-19 நோயால் இறந்த அவர்களின் இறந்தவர்களை அடக்கம் செய்ய முஸ்லீம்களை அனுமதிக்க அது பிடிவாதமாக மறுத்தது. கொரோனா வைரஸால் பாதிக்கப்பட்டவர்களின் அடக்கம் பாதுகாப்பாக மேற்கொள்ளப்படலாம் என்று உலக சுகாதார நிறுவனம் கூறியுள்ள போதிலும், தீயிலிட்டமை, முஸ்லிம்கள் மற்றும் சர்வதேச சமூகத்தின் இடைவிடாத வேண்டுகோள்கள் நிராகரித்தமை. ராஜபக்ச முகாமால் தூண்டப்பட்ட இஸ்லாமிய வெறுப்புக்கு நன்றி, பெரும்பாலான முஸ்லிம்கள் 2015 ஜனாதிபதித் தேர்தலில் மகிந்த ராஜபக்சவை பதவி நீக்கம் செய்ய வாக்களித்தனர், மேலும் 2019 இல் அவர் ஜனாதிபதி தேர்தலில் போட்டியிட்டபோது கோட்டாபய ராஜபக்சவுக்கு எதிராகவும் வாக்களித்தனர். கோவிட்-19 இறப்புகளைச் சுற்றியுள்ள அவரது கட்டாய தகனக் கொள்கை வேதனைக்கு ஏற்றதாகத் தோன்றியது.
. HRC அமர்வுக்கு முன்பு அரசாங்கம் தனது நிலைப்பாட்டை மாற்றிக்கொண்டது, அது சர்வதேச அழுத்தத்தின் கீழ் மட்டும் எப்படி வளைகிறது என்பதை மீண்டும் ஒருமுறை சுட்டிக்காட்டியது. கொள்கையில் ஏற்பட்ட மாற்றம், பெரும்பான்மையான முஸ்லீம்களான பாகிஸ்தான், பங்களாதேஷ் மற்றும் உஸ்பெகிஸ்தான் ஐ.நாவின் மிக சமீபத்திய தீர்மானத்திற்கு எதிராக வாக்களிக்கத் தூண்டியது மற்றும் மற்ற, முக்கியமாக முஸ்லீம் நாடுகளுக்கு வாக்களிக்காமல் இருக்கவும் உதவியிருக்கலாம்.
HRC தீர்மானம் ஊர்ந்து செல்லும் எதேச்சாதிகாரம் மற்றும் சிங்கள இன வெற்றியின் குற்றச்சாட்டாகும். 2019 நவம்பரில் ஜனாதிபதியாக பதவியேற்றதிலிருந்து, கோட்டாபய ராஜபக்ச தனது சகோதரரின் கீழ் அனுபவித்ததை விட இலங்கை தீவை மீண்டும் இராணுவமயமாக்கியுள்ளார். இன்று, குறைந்தபட்சம் 28 ஓய்வுபெற்ற அல்லது சேவையாற்றும் இராணுவ மற்றும் உளவுத்துறை பணியாளர்கள் இதுவரை சிவில் அதிகாரிகளாக மேற்பார்வையிடப்பட்ட முக்கிய பாத்திரங்களை வகிக்கின்றனர், 30 க்கும் மேற்பட்ட அரசாங்க நிறுவனங்கள் பாதுகாப்பு அமைச்சின் கீழ் வைக்கப்பட்டுள்ளன. இராணுவத் தலைவர் ஒரு தொழில்முறை மருத்துவ அதிகாரி அல்ல - COVID-19 பணிக்குழுவின் தலைவராக நியமிக்கப்பட்டார், மேலும் இலங்கை தீவின் 25 மாவட்டங்களில் ஒவ்வொன்றிலும் கொரோனா வைரஸ் நடவடிக்கைகளை மேற்பார்வையிடும் ஒருங்கிணைப்பு அதிகாரியாக ஒரு மேஜர் ஜெனரல் செயல்பட்டார்.
இத்தகைய இராணுவமயமாக்கல் ஒருபுறம் இருக்க, கோட்டாபய ராஜபக்ச ஜனாதிபதியாக பதவியேற்ற பின்னர் ஊடகவியலாளர்கள் மற்றும் ஊடக அதிகாரிகள் மீதான கண்காணிப்பு மற்றும் துன்புறுத்தல் அதிகரித்துள்ளது.அதிக தேசியவாத பொது பாதுகாப்பு அமைச்சர், முஸ்லிம் பெண்கள் பர்தா மற்றும் நிகாப் அணிவதை தடை செய்வதாகவும், மதரஸாக்கள் மீது அடக்குமுறையை அறிவிப்பது பொருத்தமாற்றது.இராஜதந்திர இயலாமை மற்றும் ஒருங்கிணைக்கப்பட்ட மூலோபாயம் இல்லாதது தவிர, இத்தகைய தவறான நடவடிக்கைகள் தீவின் ஆட்சியில் வியாபித்திருக்கும் பெரும்பான்மை மனநிலையையும் எடுத்துக்காட்டுகின்றன. இந்த சூழ்நிலைகளின் தொகுப்பைப் பார்க்கும்போது, அதன் சொந்த விருப்பத்திற்கு விட்டுவிட்டு, உள்நாட்டுப் போரின் கொடூரமான மரபுகளைத் தீர்ப்பதற்கான எந்த முயற்சியையும் இலங்கை அரசாங்கம் மேற்கொள்ளாது என்பது வெளிப்படையானது. அதனால்தான் HRC மற்றும் பிற உலகளாவிய மனித உரிமை அமைப்புகள் பிரச்சினைகளை சரிய விட முடியாது.
ஜனாதிபதி மற்றும் பிரதமர் உருவாக்கிய அரசியல் மற்றும் பொருளாதார ஸ்திரமின்மை இலங்கையின் குடிமக்களையும், இலங்கையின் சர்வதேச நற்பெயரையும் மோசமாக பாதித்துள்ளது. இறுதியில், காலிமுகத்திடல் மற்றும் பிற போராட்டத் தளங்களுக்கு உத்தியோகபூர்வ கண்காணிப்பும் ,அமைதி பயணங்களின் நிலைமையை தொடர்ந்து உன்னிப்பாகக் கண்காணிக்க வேண்டுவதே எங்களின் வேண்டுகோள். மேலும், குறிப்பாக கருத்துச் சுதந்திரம் மற்றும் ஒன்றுகூடல் சுதந்திரத்தை நசுக்க முயற்சிப்பவர்களுக்கு எதிராக நடவடிக்கை எடுப்பதற்கும், கருத்துச் சுதந்திரத்துக்கும் மதிப்பளிக்குமாறு அரசாங்கத்தின் மீது உடனடி மற்றும் அதிகபட்ச அழுத்தத்தை பிரயோகிக்கவும் வேண்டுகிறோம்.
இப்போது, சர்வதேச சமூகம் செயல்படத் தவறினால், ஐ.நா. மனித உரிமைகள் பேரவையில் வலுவான தீர்மானத்துடன் அழுத்தங்களை தொடங்காவிட்டால் ஆர்வலர்கள், விமர்சகர்கள், பாதிக்கப்பட்ட குடும்பங்கள் மற்றும் சிறுபான்மையினரை இலக்கு வைப்பதில் மீண்டும், நடைபெற எல்லா வாய்ப்புகளும் உள்ளன.
Continuous and widespread protests in Sri Lanka and protection of Freedom of Expression, Opinion and Peaceful Assembly
As you are aware, there have been widespread protests in Sri Lanka and worldwide due to economic, social and political concerns since late last year. The current government, led by President Gotabaya Rajapaksa and Prime Minister Mahinda Rajapaksa, is responsible for putting the country into an economic crisis. The President and the prime minister have been accused of using public money to distribute among the family members of the Rajapaksa family.
A month of protests in March triggered by widespread shortages of gas, fuel, electricity, medicine, paper, and massive price increases in essential consumer goods led to a peaceful protest at the President’s residence in Mirihana (Colombo district) on 31st March. After a series of repressive measures, protests escalated, and on 9th April, a continuous day and night protest started at the Galle Face Green in Colombo, including outside Presidential Secretariat. The Mirihana protest resulted in 54 persons, including journalists, being arrested and beaten. A young social media activist who had supported the protests was abducted from his house in the early hours of 1st April, and police had initially denied knowledge about his whereabouts. On 16th April, when some protesters were shouting anti-government slogans, they were arrested and taken to the Wellawatte police station and subjected to cruel and degrading treatment before being released.
The present President has been implicated in many serious human rights violations and crimes against protesters, dissident journalists and civilians when he was serving as the Secretary to the Ministry of Defense. One is the shooting to death of three civilians and injuring many others during protests demanding clean drinking water in Weliweriya. The editor of the Sunday Leader newspaper, Lasantha Wickramatunge, was murdered after he accused the present President of defrauding in the purchase of MIG aircraft and investigations have also revealed that there were attempts to accuse the LTTE of this crime.
Court records indicate that the present President is also implicated in the abduction of journalist and cartoonist Prageeth Ekneligoda and kidnapped killing of Tamil journalist Sivaram. Investigations have also revealed that army personnel were involved in the kidnapping and torture of journalist Keith Noyar. The large number of individuals with credible allegations against them ,who now occupy top positions in the government raises concerns about militarization of the government. It also all but eliminates any chance that those who suffered violations will obtain justice in the near term for the crimes committed against them. Rajapaksa, who was defence secretary when his brother Mahinda was president from 2005 to 2015, oversaw the defeat of the Tamil Tigers in 2009. During this period, unlawful killings and forced disappearances with white vans were widespread. It has been estimated that about 40,000 people were killed.
President Gotabaya Rajapaksa and his radical nationalist supporters have shown a cavalier disregard for human rights. Not only did the government withdraw from co-sponsorship of Resolution 30/1 in February 2020, but a month later, the president pardoned a soldier convicted of slitting the throats of eight Tamil civilians, including four children. This case represented a rare instance in which Sri Lankan courts had even tried to hold military personnel guilty for killing Tamil civilians. In December 2020, two months before the HRC began meeting, the president promoted the army chief and the defense secretary (who is a retired military officer) to the rank of general. Both men are accused of committing war crimes, with the United States banning the army chief and his family from entering the country due to the accusations.
Other instances of the government’s flagrant disregard for human rights abound. It adamantly refused to permit Muslims to bury their dead who died from COVID-19. This despite the World Health Organization stating that the burial of coronavirus victims could be safely carried out and unceasing pleas from the island’s Muslims and international community. Thanks to the Islamophobia whipped up by the Rajapaksa camp, most Muslims voted to oust Mahinda Rajapaksa in the 2015 presidential elections and also voted against Gotabaya Rajapaksa when he ran for president in 2019. His mandatory cremation policy surrounding COVID-19 deaths seemed geared to torment an opposing constituency. The government did change its stance just before the HRC session, once more pointing to how it only bends under international pressure. The change in policy may have helped prod predominantly Muslim Pakistan, Bangladesh, and Uzbekistan to vote against the most recent U.N. resolution and also given cover for other, mainly Muslim states to abstain.
The HRC resolution is also an indictment of creeping authoritarianism and Sinhalese ethnic triumphalism. Since becoming president in November 2019, Gotabaya Rajapaksa has remilitarized the island beyond what it experienced under his brother. Today, at least 28 retired or serving military and intelligence personnel play leading roles hitherto superintended by civilian authorities even as more than 30 government establishments have been placed under the Defence Ministry. The army chief not a professional medical official—was appointed as head of the COVID-19 task force, and a major general was operates as the coordinating officer overseeing coronavirus operations in each of the island’s 25 districts.
Such militarization aside, surveillance and harassment of journalists and media officials have increased since Gotabaya Rajapaksa became president.The hypernationalist public security minister saw fit to announce a ban on women wearing the burqa and niqab and a crackdown on madrassas even as the government sought support against the resolution from predominantly Muslim countries. Besides diplomatic incompetence and an absence of coordinated strategy, such missteps also highlight the majoritarian mindset pervading the island’s regime. Given this set of circumstances, it is more than apparent that, left to its own devices, Sri Lanka’s government will undertake no efforts to address the cruel legacies of the civil war. That is why the HRC and other global human rights organizations cannot let the issues slide.
The political and economic instability created by the President and the prime minister has poorly affected the citizens of Sri Lanka and the international reputation of Sri Lanka. In the end, our urge is to closely monitor the situation regularly, including official observation/solidarity visits to the Galle Face Green and other protest sites. Also, Exert immediate and maximum pressure on the government to respect the right to freedom of expression, opinion and assembly, especially the right to protest and take action against those who have attempted to suppress freedom of expression, opinion and assembly, especially the right to protest.
If, now, the international community fails to act, starting with a strong resolution at the UN human rights council, there is every chance that there will be a repeat, even a rise, in the targeting of activists, critics, victim families and minority communities.