අත් අඩංගුවට ගත් ශර්මි කුමාර් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියව නිදහස් කරනු.

අත් අඩංගුවට ගත් ශර්මි කුමාර් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියව නිදහස් කරනු.

0 have signed. Let’s get to 100!
At 100 signatures, this petition is more likely to be featured in recommendations!
චමීර දෙද්දූවගේ started this petition to President of Sri Lanka

එජාප සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක් වූ ශර්මි කුමාර් ව ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවෙන් අත් අඩංගුවට ගෙන දෑතට මාංචු දමා ඇත. මෙය ඇගේ පමණක් නොවන් සමස්ත ශ්‍රී ලාංකික කාන්තා පරපුරේම මානව හිමිකම් උල්ලංඝණය කිරීමකි. ඇයව වහාම නිදහස් කරන මෙන් මෙම පෙත්සමෙන් අපි ආණ්ඩුවට බල කර සිටිමු. ඇයව නිදහස් කළ යුතු බවට හේතු පහත දැක්වේ.

1. ශර්මි කුමාර් යු‍ටුයුබ් සහ ෆේස්බුක් සමාජ මාධ්‍ය වල වීඩියෝ පළ කළ බැවින් ඇය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක් වේ. සමාජ මාධ්‍ය වලට අත තියන්නේ නෑ කියා බලයට පැමිණි ගෝඨාගේ ආණ්ඩුව විසින් මෙම අත් අඩංගුවට ගැනීම කර ඇත. 

2. ශර්මි කුමාර් පෙනී සිටියේ ලිබලර් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙනි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය යනු එජාපයේත් දේශපාලන මතවාදයයි. ශර්මි කුමාර්ව අත් අඩංගුවට ගැනීම නිසා එජාප මතවාදය විනාශ වේ. 

3. ශර්මි කුමාර් යනු නිදහසේ අදහස් පළ කළ කාන්තාවකි. ඇයව අත් අඩංගුවට ගැනීම නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට (Freedom of Speech) කරන ලද පහරකි.

4. ශර්මි කුමාර් යනු ලිංගික අධ්‍යාපනය ලබා දෙන ලද කාන්තාවකි. ඇයව අත් අඩංගුවට ගැනීම නිසා තරුණ පරපුරට ලිංගික අධ්‍යාපනය ලැබීමට නොහැකි වී තිබේ.

5. ශර්මි කුමාර් යනු ශ්‍රී ලංකාවේ මුළු ගැන්වී සිටි කාන්තාවන්ව දිරිමත් කළ කාන්තා ක්‍රියාකාරිනියකි. ස්ත්‍රීවාදිනියකි. (ෆෙමිනිස්ට්). අනාගතයේ යම් දිනෙක ශ්‍රී ලාංකීය ස්ත්‍රීවාදී කාන්තාවන් ඇයව අනුගමනය කරමින් තමන්ගේ ශරීරය තමන්ට අවශ්‍ය ලෙස යොදා ගැනීම වෙනුවෙන් නැගී සිටීමට තිබූ අවකාශය මින් අඩපන කර ඇත. බ්‍රා පුළුස්සා දමමින්, නිරුවතින් මහ පාරේ කාන්තා අයිතීන් වෙනුවෙන් හඬ නැගීමට සිටි ස්ත්‍රීවාදී කාන්තාවන්ව බියට පත් කර ඇත.

6. ශර්මි කුමාර් යනු ගණිකාවක් / බඩුවක් / වේසියෙක් කියමින් සමහරු පවසයි. නමුත් ඇය එහෙම කෙනෙක් නෙමෙයි. ඇය ඔන්ලයින් වෙබ් කැම් ඇක්ට්‍රස් කෙනෙකි. ඒ වගේම ඇය බීඩිසම් නැමති ආයුර්වේද ක්‍රමයට ප්‍රෙශර් පොයින්ට්ස් අල්ලා සම්බාහනය කරපු වෛද්‍යවරියකි.

7. වෙන රටවල නම් මේ වගේ හැකියාවක් තියෙන කාන්තාවන්ව ඉදිරියට අරන් දිරිමත් කරයි. ඒත් ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයට ගෙන යාමට හිටි අපේ රටේ සනී ලියෝන් ගේ අනාගතය මේ අත් අඩංගුවට ගැනීම නිසා අඳුරු විය.

8. ඇයට මඩ ගහන අය ගෙන් අපි අහන්නේ, ඔබේ අම්මා, බිරිඳ, සහෝදරිය, දුව වෙබ් කැම් ඇක්ට්‍රස් කෙනෙක් විදිහට වැඩ කරන්න තිබුණ නිදහස නැති කිරීමට මේ ආණ්ඩුව ක්‍රියා කිරීම ඔබ අනුමත කරනවාද? මේ අත් අඩංගුවට ගැනීම නිසා වුණේ ඔබගේ අම්මාට, දුවට, බිරිඳට, සහෝදරියට නිදහසේ කැමති විදිහට තමන්ට කැමති දෙයක් විකුණගන්න තිබුණ නිදහසටය.

9. මෙම අත් අඩංගුවට ගැනීම සඳහා පොලිසියට පැමිණිළි කර ඇත්තේ ඇගේ දක්ෂතාවය සහ ඇගේ සාර්ථකත්වය ගැන ඊර්ෂා කළ ශ්‍රී ලංකාවේ සිටින කාන්තාවන්මය.ශ්‍රී ලංකාවේ සිටින ගෑණුන්ට තමන්ට වඩා ලස්සන ශෙර්මි අක්කි හිට් වෙනකොට ඒක ඉවසගන්න බැරි විය. මාසෙම ඔෆීස් එකේ කඹුරලා රු 30000 ක් පඩි ගනිද්දී, ශෙර්මි අක්කි එක පැයෙන් රු 30000 ක් හොයන එක ඉවසන්න බැරි විය.

10. ශර්මි අක්කිගේ ලස්සනට ඉරිසියා කරපු කාලකන්නි පොලිස් කාන්තාවන් ඇයට මාංචු දාල නිකම් හිටියේ නැත. රෙදි කෑල්ලක් අරන් මේකප් එකත් ගැලවූවාය.

11. අද ශර්මිගේ සම්බාහන ආයතනයට කඩා පැන අත් අඩංගුවට ගන්නා ලද ගෝඨාගේ ආණ්ඩුව, තව ටික දිනකින් මෙම ව්‍යාපාරය කරන පිරිමින්වත් අත් අඩංගුවට ගනු ඇත. මේ වෙනුවෙන් නිහඬව සිටින සමහර අපේ පාක්ෂිකයන් එදාටත් නිහඬව සිටිනවාද?

කාන්තා අයිතීන් අමු අමුවේ උල්ලංඝනය කරමින් තමන්ට අයත් දේ විකුණාගෙන කන්න ඉඩ නොදෙන මේ කුහක ආණ්ඩුව වහාම ගෙදර යවා, ශර්මි කුමාර් වෙනුවෙන් පෙනී සිටින එක්සත් ජාතික පක්ෂය ඊළඟ මහ මැතිවරණයෙන් බලයට පත් කරමු.

චමීර පී. දෙද්දූවගේ
සම්බන්ධීකාරක

(මෙම පෙත්සම හැකි තරම් ශෙයා කරන්න. යාලුවන්ටත් මෙය මැසේජ් කරන්න.)

0 have signed. Let’s get to 100!
At 100 signatures, this petition is more likely to be featured in recommendations!