ත්‍රිවිද හමුදාවට සියලුම බලතල ලබාදෙන්න.

ත්‍රිවිද හමුදාවට සියලුම බලතල ලබාදෙන්න.

0 have signed. Let’s get to 100!
At 100 signatures, this petition is more likely to be featured in recommendations!
shihan gunasekara started this petition to President of Sri Lanka and

අහිංසක කතෝලික ජනයා ඉලක්ක කරමින් සහ අප මාතෘ භුමියේ ආර්ථික ක්‍රියාවලියට මරු පහරක් වෙමින් අන්තවාදී මිලේජ්ජ ත්‍රස්තවාදීන් විසින් 2019.04.21 වන දින ප්‍රහාරය එල්ල කරන ලද මොහොතේ සිට මේ දක්වා වගකිවයුතු සියලු පාර්ශව විසින් සිදු කලාවූ පුගුස්සාජනක ප්‍රකාශයන් සහ සිදු කෙරෙමින් පවතින පරීක්ෂණ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික ජනතාව වන අප හට කිසිදු විශ්වාසයක් නොමැති බව ශ්‍රී ලාංකීය පොදු ජනතාව වන අප හට ප්‍රත්‍යක්ෂ වී හමාරය ..
ජාති ආගම් පක්ෂ භේදයකින් තොරව මේ සම්බන්ධයෙන් ඉතාම පැහැදිලි අපක්ෂපාති පරීක්ෂණයක් පැවැත්වීමට නම් "අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් පියතුමන්ගේ සහ මාවරලේ භද්දිය ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සර්ව ආගමික පුජක තුමන්ලාගේ සහභාගිත්වයෙන් යුතු කොමිසමක් පත් කර ගැනීම සඳහා සියලු ශ්‍රී ලාංකීය ජනතාව යුක්තිය පතා පෙළ ගැසිය යුතුම මොහොත මෙය වේ ... මන්ද අද දින අප හට විශ්වාසය තැබිය හැකි පාර්ශවය වන්නේ මේ සංවේදී මොහොත හාස්‍යට ලක්කළ හෝ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට උත්සහ කල දුරධාන්ත දේශපාලුවන් නොව, අවැසිම තැන ජාති ආගම් කුල බේදයකින් තොරව ජනතාව සමග සිටි අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මාවරලේ භද්දිය ස්වාමින් වහන්සේ, අනෙකුත් සර්ව ආගමික පුජක තුමන්ලා සහ දේශයේ මුර දේවතාවුන් වන ත්‍රිවිද හමුදාවයි ...
එහෙයින් මේ ප්‍රශ්නයට විසදුමක් ලබාදිය හැක්කේ ඔවුන්ටම පමණි.. ඒ සදහා සර්ව ආගමික පුජකතුමන්ලගේ ප්‍රදානත්වයෙන් යුතු කොමිසමටත් ශ්‍රී ලංකා ත්‍රිවිද හමුදාව ටත් සම්පූර්ණ බලය ලබාදිය යුතුය.
ඒ හා සමානවම ශ්‍රී ලංකා මාතාවගේ අතිජාත පුත්‍රයන් ලෙස අප රට වෙනුවෙන් පෙනී සිටි සහ විශේෂයෙන්ම මේ මොහොතේ අප රටට අවශ්‍යම දැනට සිර ගත කොට සිටින ඉතාමත්ම දක්ෂ සියලුම බුද්ධි අංශ නිලධාරීන්ගේ සේවය අප රටට ලබා දිය යුතුය. ත්‍රස්තවාදී ක්‍රියා වලින් මිය ගිය අවිහිංසක නිරායුධ ජනතාව වෙනුවෙන් සහ දැනට පවතින ප්‍රශ්න ක්‍රියා සම්බන්ධයෙන් ඉතාමත්ම අසරණව සිටින අප වෙනුවෙන් පෙනී සිටින අපගේ ගැලවුම් කරු වන උතුම් කාදිනල් පියාණෝ සමග ජාති භේදයකින් තොරව එකා මෙන් අප සියලු දෙනාම එකම තීරණයක සිටින්නෙමු ...
ගරු "ජනාධිපති සහ අගමැති" තුමනි දේශපාලනය හෝ අන් කිසිදු කටයුත්තක් සිදු කිරීමට වුවද පළමුව අපට නිදහසේ ජීවත්වීමට රටක් තිබිය යුතුය... එසේ නම් ත්‍රස්තවාදය මුළුමනින්ම උගුල්ලා දැමීමට රටේ ජනතාව වශයෙන් අප හට සාධාරණයක් ඔබ දෙපළගෙන් ඉටුවිය යුතුව ඇත.
යම් හෙයකින් එසේ නොමැති වුවහොත් ජනතාව වශයෙන් අප හට සාධාරණයක් ඉෂ්ට කර ගැනීම සඳහා අපගේ අති උතුම් මැල්කම් කාදිනල් පියතුමා පාරට බැසීමට පෙර ජාති ආගම් බේදයකින් තොරව රටේ සියලුම ජනතාව සමග පාරට බැසීමට සිදුවන බව අවධාරණය කරන්නෙමු ......

0 have signed. Let’s get to 100!
At 100 signatures, this petition is more likely to be featured in recommendations!