Stop Seethawaka Hydropower & Rookacel Dam

Stop Seethawaka Hydropower & Rookacel Dam
රූකෂල් ජලාශ යෝජනාව හා සීතාවක ජලවිදුලි බලාගාරය නිසා සිදුවන ජෛව වටිනාකම් විනාශය හා ජනජීවිතයට වෙන හානිය වලක්වා ගැනීම පිණිස
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මෙගාවොට් 50 ක සූර්යබලාගාරයක් නිපදවීමට යන මුදලින් සමනල අඩවිය ආසන්නයේ ඇති සුවිශේෂී ජෛව පාරිසරික කලාපයක් වන දැරණියගල ඉදිකිරීමට සූදානම් මෙගාවොට් 20ක සීතාවක ජලවිදුලි බලාගරය නිසා කැළණි ගගේ ප්‍රධාන ජලපෝෂකය ආශ්රයෙන් ජීවත් වෙන ආවේණික මත්ස්‍ය හා අනෙකුත් සතුන්ගේ වාසස්ථාන වලට බරපතළ තර්ජනයක් එල්ල වේ.
මේ වනවිටත් හයිඩ්රෝපවර් මාෆියාව නිසා දැරණියගල පමණක් දිය ඇලි 15ක් සිදී ගොස් ඇති අතර සීතාවක නදියේ ස්ථාන කිහිපයක් දැඩි ජලහිගතාවයකට පත්ව ඇත.
ලංකාවේ පිරිසිදුම ස්වාභාවික ජලය ඇති දැරණියගල මෙලෙසින් විනාශ කරන්නේ අධික කොමිස් හා තත්පරයට ජනනය වෙන විදුලි ඒකකයට ගිණුමට මුදල් බැර වෙන ව්‍යාපෘති බැවිණි.
සමනල අඩවියේ ඇලිහත පවා විනාශ කරන්න බලාගාර මාෆියාව සමත්විය.
ඉන් නොනැවතුනු පරිසර ත්රස්තවාදීන් විසින් සබරගමු කදුවැටිය විනාශ කරමින් කටුපොල් වැවීමට කටයුතු කලේ ලංකාවේ මිනිසුන්ගේ ප්‍රධාන ජලපෝෂක විනාශ කර පානීය ජලය බෝතල් මගින් අලවි කරන දිගුකාලීන බලාපොරොත්තු ඇතුවය.
රූකෂල් බහුකාර්යය ජලාශය
මෙය ඉදිකරන්නේ කොළඹ ගම්පහ ගංවතුර පාලනය කිරීමටයැයි මුසාවන් දොඩා උත්සාහ කරන්නේ බලංගොඩ මානවයා කෘෂි කාර්මික ශිෂ්ඨාචාරයට මාරු වූ සුවිශේෂී භූමිය ජලයෙන් යටකිරීම සදහාය.
පසෙකින් කිතුල්ගල බෙලි ලෙනත්, පසෙකින් දිවාගුහාව නොහොත් බටතොට ලෙන් සමූහයත්, තවත් පසෙකින් දහයියා ලෙනත්, අනෙක් පසින් කාලි ලෙනත්, අනෙක් පසින් හිගුරංගලේ ලෙන ආදී ප්රාග් මානව ජනාවාස යැයි විශ්වාස කල හැකි නිසි පුරාවිද්‍යා ගවේෂණයට ලක්නොවූ බිමකට මැදිව පිහිටි දැරණියගල යට කිරීම ඉතිහාසය වසන් කිරීමේ උත්සාහයක් ද?
වලගම්බා රජු විසින් සැගව සේනා සංවිධානය කල ප්‍රධාන බලකොටුවක් වන බල්ලැහල ගල කෑගල්ලේ උසම ස්ථානය වන අතර එයට පහළ කීරීහේන රජමහා විහාරය වලගම්බා රජු විසින් දඹුල්ල විහාර ආකෘතියක් ලෙස නිමවා ඇත තලියකට ජලබිංදුවක් වැටෙන ආකාරයට නිමවා ඇති මෙය දඹුල්ල විහාරය නිර්මාණය කිරීමට පෙර නිර්මාණය කරන ලද්දක් ද? යන්න තවම අනාවරණය කරගෙන නැත.
එහි උමං මාර්ගය කැළණි විහාරය දක්වා දිවෙන බව සදහන් උවත් එය මේ වනවිට අගුළු දා වසා දමා ඇත.
කුඹුරුලෙන රජමහා විහාරය වලගම්බා රජු විසින් තැනූ අනෙක් සුවිශේෂී ලෙන් විහාරයයි එයට යාබද කුඹුරුගම වැව් 30000ක් ඇති ලංකා දීපයේ කෘෂි ශිෂ්ඨාචාරය ආරම්භ කල ස්තානයද?
ශිරාන් දැරණියගල වැනි පුරාවිද්‍යා ජේෂ්ඨයන්ට පවා ගවේෂණයට අමතකවූ තමන්ගේ නාමික භූමිය හෙට දිනයේ ලොවට හොරෙන් වැනසීයාමට ඉඩදිය යුතුද?
නැත මේ ලංකාවේ ප්‍රධාන සමන් දේවාල හතරෙන් එකක් හිමි ඓතිහාසික භූමියයි කදුමැද නුවරයි.
ලෝකයේ වැඩිම ජෛව විද්‍යාත්මක වටිනාකම් සහිත වනාන්තරය අසල පිහිටි මානව ජනාවාසයයි.
මෙහි උපන් ඔබ මෙන්ම මෙහි ආව ගිය ඔබ දැරණියගලට ආදරේ බව අපි දනිමු. අපිට එක්ව සටන් වැද මේ භූමිය බේරාගැනීමේ අවස්ථාව එළඹ ඇත.
මේ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්නේ ගංවතුර පාලනය කිරීමටවත් උතුරට පානීය ජලය රැගෙන යාමටවත් නොව එය ව්‍යාපෘතිය නිමවන තෙක් ඔබ සනසන සුරංගනා කතාවක් පමණි මේ යටවෙන්නේ චීනෙ පෝට් සිටිය වෙනුවෙනි. ලෝකෙ වටිනාම වරායේ මුහුදු සීමාවේ චීනයට මුදල් ආකරයක් තනාදීමට තරම් නිවට වූ අපි ඔවුන් වෙනුවෙන් අපගේ නිජබිම බිලිදිය යුතු නැත.
කොරෝනා කාලේ පාන් කෑල්ලක් මාස්ක් එකක් නොදුන් දේශපාලන තක්කඩි කරේ තබාගෙන යාමෙන් පලක් නැත පක්ෂ පාට භේදයෙන් තොරව සටන් වැද ජයග්‍රහණය කලයුතු අරගලයක් අපි ඉදිරිපිට ඇත. එය ජයග්‍රහණය කිරීම සදහා දිවි හිමියෙන් කැපවෙමු.
ස්තූතියි
රොෂාන් චතුරංග