Force EC, disclose Gotabaya's US citizenship renunciation

0 have signed. Let’s get to 7,500!

Chandraguptha Thenuwara
Chandraguptha Thenuwara signed this petition

What is the fight for?

Sri Lanka goes to polls on 16th November 2019 to elect the 8th President of the country. As per the constitution of democratic socialist republic of Sri Lanka, a citizen of Sri Lanka who is also a citizen of any other country disqualifies to be the President. Thus, the candidate of the Sri Lanka Podujana Peramuna (SLPP) Mr. Nandasena Gotabaya Rajapaksa as a holder of US citizenship disqualifies to contest for the presidency. The illegality of Mr. Rajapaksa’s candidacy has become common knowledge among Sri Lankan public since SLPP selected Mr. Rajapaksa as the candidate on 11th August. Still Mr. Rajapaksa went ahead submitting nomination and the election commission has accepted it. This petition therefore requests the election commission of Sri Lanka to disclose originals of Mr. Rajapaksa’s US state department issued “Certificate of Loss of Nationality” and supporting documents to justify its decision and integrity to the general public.

The Law

The Article 92. of the constitution describes disqualifications for being elected as President and section (b) of that dictates disqualifications for Member of the Parliament in section (d) of paragraph (1) in Article 91. also applicable to the President. The item (xiii) under section (d) states that a Sri Lankan citizen holds a citizenship of any other country as a disqualification.

The recent court appeal disqualified Geetha Kumarasinghe from being a MP due to this law. Equally, Mr. Rajapaksa’s election result can be voided through a court appeal if he was disqualified at the time of submitting nominations. If it comes to that both SLPP and Election Commission will be responsible for very likely turmoil results in the country. The petition stress there is still time for preventive action.

Timeline of citizenship saga

Mr. Rajapaksa has obtained US citizenship by renouncing Sri Lankan citizenship in January 2003. He became Defence Secretary on 24th November 2005 and six days later, on 30th November his Ministry granted him dual citizenship. The recent court case questioning the legality of the dual citizenship was dismissed on 4th of October 2019 reconfirming Mr. Rajapaksa as a citizen of Sri Lanka. If he had relinquished the US citizenship as he claimed on 12th April 2019, when he returned from US, would qualify him to contest for the presidency. However, Mr. Rajapaksa’s name has not been enlisted in U.S citizenship renunciation list for 2019 nor he declared his “Certificate of Loss of Nationality” to the public has he gained it via a special arrangement. Volunteer disclosure would have cleared doubts of public and helped Mr. Rajapaksa to setup precedent as a leader who respect people’s right to know vital information, particularly in a crucial process of selecting their next president. We have already witnessed an intended candidate Mr. Nagananda Kodituwakku doing so by relinquishing his British citizenship and disclosing to the public prior to nominations.

Do the right thing by people and by law

Nevertheless, the election commission has a due diligence to verify the qualification of the candidacy once the nominations have been submitted on the 7th October. Now they had adequate time to verify documents, we request the commissioner to make originals of Mr. Rajapaksa’s “Certificate of Loss of Nationality” and supporting documents public via the department website and mass media by this Wednesday the13th, adhering to right to information act.

Thank you.

Copied recipients

This petition copies following local authorities for follow-up action with Election Commission to ensure sovereignty of the country and its people is not jeopardised by people unknowingly electing an American as the first citizen.

  • Human right commission of Sri Lanka
  • Sri Lanka Bar association

The Secretary-General of United Nations is also copied in the absence of a single local authority to monitor actions requested by this petition.

------Sinhala version------

මේ සටන  කුමක් සඳහාද?
රටේ 8 වන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව 2019 නොවැම්බර් 16 දින ඡන්ද විමසීමට යයි. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාවට අනුව, වෙනත් ඕනෑම රටක පුරවැසියෙකු වන ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු ජනාධිපති වීමට නුසුදුස්සකු වේ. මේ අනුව, එක්සත් ජනපද පුරවැසිභාවය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි (එස්එල්පීපී) අපේක්ෂක නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය සඳහා තරඟ කිරීමට නුසුදුස්සකු වේ. එස්.එල්.පී.පී. ය විසින් අගෝස්තු 11 වන දින රාජපක්ෂ මහතා අපේක්ෂකයා ලෙස තෝරාගත් දා සිට රාජපක්ෂ මහතාගේ අපේක්ෂකත්වයේ නීති විරෝධීභාවය ශ්‍රී ලංකා ජනතාව අතර පොදු දැනුමක් වී තිබේ. එසේ තිබියදීත් රාජපක්ෂ මහතා නාමයෝජනා දීමට  ඉදිරිපත් වූ අතර මැතිවරණ කොමිසමද එය පිළිගෙන තිබේ. එබැවින් මෙම පෙත්සම මගින් ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින්නේ රාජපක්ෂ මහතාගේ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල “ජාතිකත්වය  නැතිවීමේ සහතිකය” සහ අදාළ ලියකියවිලි අනාවරණය කොට, මහජනතාවට ඔවුන්ගත් තීරණයේ සාධාරණත්වය පැහැදිලි කොට  ඔවුන්ගේ අවංකභාවය පෙන්වන ලෙසය.

නීතිය

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 92 වන වගන්තිය මගින් ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමට ඇති නුසුදුසුකම් විස්තර කෙරෙන අතර එහි (ආ) කොටස  මගින් 91 වන වගන්තියේ (1) ඡේදයේ (ඈ) කොටසේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහා දැක්වෙන නුසුදුසුකම් ජනාධිපතිවරයාට ද අදාළ වන බව අවධාරණය කරයි. එම (ඈ) කොටස යටතේ එන (xiii) හි සඳහන් වන්නේ ශ්‍රී ලංකා පුරවැසියෙකු වෙනත් ඕනෑම රටක පුරවැසිභාවය ලබා තිබීම නුසුදුසු කමක් බවයි.

මෙම නීතිය හේතුවෙන් ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වීමට නුසුදුස්සකු බවට මෑතදී කරනලද අභියාචනයකදී තීරණය කරනු ලැබුවා. ඒ හා සමානව, නාමයෝජනා ඉදිරිපත් කරන අවස්ථාවේ ඔහු නුසුදුස්සකු වූයේ නම්, රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රතිඵලය අධිකරණ අභියාචනයක් මගින් අවලංගු කළ හැකිය. එසේ වුවහොත් රට තුළ ඇති විය හැකි නොසන්සුන්කාරී වාතාවරණයට එස්එල්පීපී ය සහ මැතිවරණ කොමිසම වගකිව යුතුය. පෙත්සමෙන් අවධාරණය කරන්නේ එවැනි තත්වයක් වැළැක්වීමේ ක්‍රියාමාර්ග සඳහා තවමත් කාලය තිබෙන බවයි.

පුරවැසිභාවය පිළිබඳ කාලරාමුව

රාජපක්ෂ මහතා 2003 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා පුරවැසිභාවය අත්හැර එක්සත් ජනපද පුරවැසිභාවය ලබා ගෙන ඇත. ඔහු 2005 නොවැම්බර් 24 වන දින ආරක්ෂක ලේකම් ධුරයට පත් වූ අතර ඉන් දින හයකට පසු නොවැම්බර් 30 වන දින ඔහුගේ අමාත්‍යාංශය ඔහුට ද්විත්ව පුරවැසිභාවය ලබා දුන්නේය. රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු බව නැවත තහවුරු කරමින් ඔහුගේ ද්විත්ව පුරවැසිභාවයේ  නීත්‍යානුකූලභාවය ප්‍රශ්න කරමින් මෑතකදී උසාවියේ ගොනුකළ නඩුව 2019 ඔක්තෝබර් 4 වන දින නිෂ්ප්‍රභා කෙරිණි. ඒ අනුව ඔහු 2019 අප්‍රෙල් 12 වන දින එක්සත් ජනපදයෙන් ආපසු පැමිණෙන විට කියා සිටි පරිදි එක්සත් ජනපද පුරවැසිභාවය අත්හැර සිටියේ නම්, ඔහු ජනාධිපති ධුරය සඳහා තරඟ කිරීමට සුදුසුකම් ලබයි. කෙසේ වෙතත්, රාජපක්ෂ මහතාගේ නම 2019 සඳහා එක්සත් ජනපද පුරවැසිභාවය ප්‍රතික්ෂේප කිරීමේ ලැයිස්තුවට ඇතුළත් කර නොමැති අතර විශේෂ විධිවිධානයක් මගින්  “ජාතිකත්වය නැතිවීමේ සහතිකය” ලබා ගත්තේ නම් ඔහු ඒ පිලිබදව මහජනතාව දැනුවත් කිරීමක් නොකළේය. එසේ ස්වේච්ඡා අනාවරණයක් කලේ නම් මහජනතාවගේ සැකයන් දුරු වී රාජපක්ෂ මහතාට වැදගත් තොරතුරු දැන ගැනීමේ, විශේෂයෙන්ම ඔවුන්ගේ ඊළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීමේ වැනි තීරණාත්මක ක්‍රියාවලියක දී ජනතාවට ඇති අයිතියට ගරු කරන නායකයෙකු ලෙස පූර්වාදර්ශයක් සැකසීමට අවකාශ තිබුණි. අපි එවැනි අවස්ථාවක් අපේක්ෂකයෙකු ලෙස පැමිණීමට අපේක්ෂිතව සිටි නාගනන්ද කොඩිතුවක්කු මහතා තම බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අතහැර දමා නාමයෝජනා ලැබීමට පෙර මහජනයාට හෙළි කිරීමේදී දැක ගතිමු.

මහජනතාව වෙනුවෙන් සහ නීතියට අදාළව  හරි දේ කරන්න

ඒ කෙසේ වුවද, ඔක්තෝබර් 7 වන දින නාමයෝජනා ඉදිරිපත් කිරීමෙන් පසු අපේක්ෂකත්වයේ සුදුසුකම් තහවුරු කර ගැනීමට මැතිවරණ කොමිසමට කාර්යභාරයක් ඇත. මෙවනවිට ඔවුන්ට ලේඛන සත්‍යාපනය කිරීමට ප්‍රමාණවත් කාලයක් ලැබුණු අතර, රාජපක්ෂ මහතාගේ “ජාතිකත්වය නැතිවීමේ සහතිකය” සහ ආධාරක ලේඛන තොරතුරු දැන ගැනීමේ අයිතිය සම්බන්ධ පනතට අනුගත වෙමින් මේ මස 13 වෙනි බදාදා වනවිට දෙපාර්තමේන්තු වෙබ් අඩවිය සහ ජනමාධ්‍ය හරහා ප්‍රසිද්ධ කරන ලෙස අපි කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටිමු.

ස්තුතියි.

පිටපත් යොමු කරණ ලද පාර්ශව

දැනුවත් නොකිරීම තුළින් පළමු පුරවැසියා ලෙස ඇමරිකානුවෙකු තෝරා පත් කර ගැනීමෙන් රටේ ස්වෛරීභාවය සහ  ජනතාව අනතුරට ලක්වීම වැලකීම වෙනුවෙන්  මැතිවරණ කොමිෂන් සභාව වග කිරීම සදහා ක්‍රියාමාර්ග ගැනීමට පහත දේශිය ආයතන වලට මෙම පෙත්සම පිටපත් කරනු ලැබේ.

  • ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම
  • ශ්‍රී ලංකා නීතිඥ සංගමය

මෙම පෙත්සමෙන් ඉල්ලා ඇති ක්‍රියාමාර්ග අධීක්ෂණය කිරීම සඳහා තනි දේශිය ආයතනයක් නොමැති අවස්ථාවක එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ද මෙහිලා පිටපත් කරනු ලැබේ.