Victory

KEEP DIRTY COPS OFF SRI LANKA'S CHILD PROTECTION SERVICES

This petition made change with 1,420 supporters!


ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂණය ජාතික අර්බුදයකි. අමානුෂික ළමා දූශකයන්ට අමතරව, ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් අතින් ළමා අයිතීන් උල්ලංගනය වීමේ ප්‍රවනතාවයක් මෙරට පවතිනවා. 25/05/2020 දින අවුරුදු 14ක් වූ ඔටිසම් රෝගී තත්වයේ දරුවෙකුට දර්ගා ටවුමේදී පොලිස් නිලධාරීන් පහර දෙන බව විඩියෝ පත වලින් සනාථ වන නමුත්, පරීක්ෂණ මෙහෙයවන නිලධාරීන් ඒ බව ප්‍රතික්ෂේප කලා. 06/06/2020 දින අවුරුදු 14ක දරුවෙකු ඇල්පිටිය පොලිසියේ නීති විරෝදි ලෙස තම පියා පැමිණෙන තෙක් රදවා ගෙන සිටි බව වාර්තා වුණා.

2019 ජූනි මාසයේ වරුනි බෝගහවත්ත, මාතර කාන්තා සහ ළමා කාර්‍ය්ංශයේ ස්ථානාධිපති (OIC) තම බලය අනිසි ලෙස භාවිතා කරමින් 10වන වසරේ ඉගෙනුම ලැබූ දැරිවියකගේ මානව හිමිකම් උල්ලංගනය කල බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ වරදකාරිය වුනා. නඩු අංක SC (FR) 677/2012. අවසානයේ, ගරු ශ්‍රේෂ්ඨාධිකරණය නිර්නායක 17ක් ඔස්සේ පුරවැසියන්ගේ ආරක්ෂාව සහ ඇයිතීන් තහවුරු කිරීමට ශ්‍රී ලංකා පොලිසිය ඇතුලු නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන වලට අවධාරණය කලහ.

සම්මානද අහෝසි කරමින් බෝගහවත්ත නිලධාරිනිය සේවයෙන් ඉවත් කල බවට මාධ්‍ය වාර්තා කලා. නමුත්, වසරක් තුල, ඇය නැවත මාතර පොලිසියේම ළමා සහ කාන්තා කාර්‍යංශයේ OIC ලෙස සේවයට අනුයුක්ත කර ඇතිබව අපට මවිතයකි. මෙය රටේ උත්තරීතර ඉහළම ස්වාධීන උසාවි නියෝග විහිලුවක් කිරීමක් මෙන්ම බලය සම්පූර්ණයෙන් අයුතු ලෙස යොදවා නිලධාරීන් පත් කිරීම ලෙස අපි සලකන්නෙමු.

දූෂිත පොලිස් නිලධාරින් කෙරෙහි කිසිදු විශ්වාසයක් පුර්වැසියන් වන අපට නැති අතර අපගේ දරුවන් භයානක අනාරක්ෂිත තත්වයකට වැටී ඇති බව අවදාරණය කරන්නෙමු. බෝගහවත්ත මහත්මිය ඇතුලු නීති කටයුතු මගින් වරදකරුවන්වූ සියලුම පොලිස් නිලධාරීන් වහා සේවයෙන් පහ කර ශ්‍රී ලංකා පොලීසිය පිරිසිදු කරන මෙන් දැඩිව ඉල්ලමු! 

Child Protection in Sri Lanka is a National crisis. In addition to the abuse of children by gruesome individuals, there is an increase of violation of children's rights by officers of Sri Lanka Police. On 25/05/2020 an autistic 14year old boy from Darga Town, Kalutara was assaulted by Police, visible on video recording, was later denied by investigating officers. On 06/06/2020 another 14 year old boy was unlawfully detained by Elpitiya police as ransom until his father appeared.

In June 2019, Waruni Bogahawatta, Officer In Charge (OIC) of Matara Women & Children’s Bureau was found guilty by Supreme Court for abuse of power and violating rights of a Grade 10 female student. Case No SC (FR) 677/2012.  In conclusion, The Supreme Court made 17 recommendations for Sri Lanka Police and Law Enforcement Authorities to protect and promote human rights of all citizens. 

Officer Bogahawatta was stripped off her accolades and was removed from service as per the news reports at the time. However, it is shocking to see her reinstated at Matara Police Station in her previous rank/role as OIC Women's and Children's Bureau within one year. This is a mockery of the highest level of the independent judiciary and absolute abuse of authoritative power to reinstate corrupt police officers.

We, the citizenry has lost trust in the law enforcement services and are gravely concerned about the gross lack of protection of our children. We demand that Mrs Bogahawatta and all other Police Officers found to be guilty of a judiciary process is removed from services permanently and clean up Sri Lanka Police!

 



Today: info@stopchildcruelty.com is counting on you

info@stopchildcruelty.com needs your help with “CHILD PROTECTION IN SRI LANKA IS A NATIONAL CRISIS”. Join info@stopchildcruelty.com and 1,419 supporters today.