පාර්ලිමේන්තු නියෝජිතයන් වෙත ඉදිරිපත් කෙරෙන

පාර්ලිමේන්තු නියෝජිතයන් වෙත ඉදිරිපත් කෙරෙන
Why this petition matters
හිතවත් ජනතා නියෝජිතවරුනි
මිලියන 22 ක ජනතාවක් යුක්තිය උදෙසා, ඔවුන්ගෙන් කොල්ලකා ගත් ධනය සහ කොල්ලකාගත් අනාගතය නැවත ලබා ගැනීම උදෙසා පාට ජාති ආගම් භේදයකින් තොරව එකා මෙන්ම නැගී සිටිනු ඔබට දැකගත හැකිවේ යැයි ඇතැයි අපි සිතමු.
ජනතාවට නැගුණු කිසිදු ප්‍රශ්නයකටත් නිවැරදි පිළිතුරක් ලබා නොදී එක් පවුලක් සහ එම පවුලේ සුරතලුන් විසින් ලබාදුන් විධාන වලට කොන්දේසි විරහිතව එකඟ වෙමින් ඔබ ඇතැම් දෙනා ජනවරම පාවා දී ඇත.
...මෙම පාපයෙන් ඔබට ගැලවිය නොහැක.
නීතියට අනුව අපට වීදි අරගලයක් කළ හැක. පාර්ලිමේන්තු අරගලයක් කළ නොහැක.
...අපට කළ නොහැකි දේ ඔබට කළ හැකිය.
හෘදය සාක්ෂියක් තවදුරටත් පවතී නම් බහුජන අරගලය පාර්ලිමේන්තුව අරගලයක් දක්වා ගෙනයන්න.
අන්තර්කාලීන ඔළුගෙඩි හුවමාරුවට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සටන් වදින්න. ඊට දිනයක් ලබා ගැනීමට සටන් වදින්න.
අන්තර්වාර ආණ්ඩුවට 8 පාස් මෝඩ මන්ත්‍රීලා වෙනුවට, පාර්ලිමේන්තුවේ නොසිටින උගත් වෘත්තිකයින් බුද්ධිමතුන් සම්බන්ධ කර ගැනීම උදෙසා සටන් වදින්න.
ඒකාධිපති වියරුව රැගෙන යන ව්‍යවස්ථාව වෙනුවට කඩිනම් නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් හඬ නගන්න. සටන් වදින්න.
අප අනාගතය කොල්ලකෑ කිසිම අයෙකුට මෙම භූමියෙන් පළා යෑමට ඉඩ නොදෙන්න.
...කළ පව් සමා කරගන්න!
මහජනතාව
Dear MPs
We hope you will see 22 million people, regardless of race or religion, standing up for justice, for the restoration of plundered wealth and the plundered future.
Some of you have betrayed the mandate of the people by unconditionally agreeing to the orders of a family and that family's closest friends.
... You cannot be saved from this sin.
We, the public, can have a street fight. for us a parliamentary struggle is not possible.
... Yes. You can do what we can't.
If there is still a conscience, take the mass struggle to a struggle in Parliament.
Fight to dissolve Parliament for a general election before swap of members in an interim government.
Fight for the participation of educated professionals and intellectuals who have no political interest in Parliament instead of the stupid '8-pass' MPs in the interim government.
Instead of a constitution in the frenzy of dictatorship, you must demand a new constitution and reforms in the hierarchy of the governance .
....Let no one who has robbed us and our future flee this country.
Cheers!
The public