Petition Closed

ජනපතිතුමනි : පූඩලු ඔය ජල විදුලි ව්‍යාපෘතිය කොත්මලේ පරිසරය වනසයි!

This petition had 44 supporters


කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ජල පෝෂිත ප්‍රදේශ කිහිපයක් මුල්කරගනිමින් ඉදිවීමට නියමිත කුඩා ජල විදුලි බලාගාර නිසා කොත්මලා නිම්නයම දැඩි පාරිසරක අර්බුදයකට පත්වී තිබේ.

පූඩලු ඔය, පූනා ඔය , රම්බොඩ ඔය මුල් කරගනිමින් මෙවන විටත් ජල විදුලි ව්‍යාපෘති රැසක් ආරම්භ කර ඇත.

ඒ අනුව කොත්මලේ කොට්ඨාශය තුළ සුන්දර ලෙස ගලා ගිය ස්වභාවික දිය පහරවල් සියල්ලම පාහේ මේ වන විට ජල විදුලි ව්‍යාපෘති සදහා යොදාගන ඇත. මේ තුළින් කොත්මලේ ප්‍රදේශයට ඉමහත් සුන්දරත්වයක් එක්කල දිය ඇළි විශාල සංඛ්‍යාවක් විනාශ වී ගොස් ඇත. එසේම කොත්මලේ ජනතාවගේ එදි‍නෙදා විවිධ අවශ්‍යතාවයන් සදහා භාවිතා කළ ජල මාර්ග මේ සදහා යොදාගන ඇත.

ස්වභාවික ගගක් ලෙස ගලා යන පූඩලු ඔය පහළ කොටස මුල්කර ගනිමින් ඉදිකිරීමට යෝජිත මෙම කුඩා විදුලි බලාගාරය නිසා ඉතා මනස්කාන්ත දිය ඇළි කිහිපයකට හානි සිදුවීම කිසිසේත් නැවැත්විය නොහැකිය.

එසේම ස්වභාවික පොකුණු රාශියක් විනාශයට ලක් වේ. එමෙන්ම දැනට කොත්මලේ ප්‍රදේශයේ සියලුම ගංගා ආශ්‍රිතව කුඩා ජල විදුලි බලාගාර ඉදිකිරීම නිසා මෙම ගංගා සියල්ලම සිදී ගොස් අවසන්ය. අනාගත පරපුරට ගගක් ලෙස දැකගන්නට පැවති එකම ගග පූඩලු ඔය පහළ කොටස පමණි. දැන් එයද බලපෑමකට ලක්වී හමාරය.

එමෙන්ම මෙම ජල විදුලි ව්‍යාපෘතිය ඉදි කිරීමට යෝජිත ප්‍රදේශය දැඩි ලෙස නායයෑමේ අවධානමකට ලක්වී ඇති ප්‍රදේශයකි. මෙම කොටසේ ශ්‍රී ලංකාවට ආවේණික ජලජ ජීවීන් විශාල ප්‍රමාණයක් ජීවත් වන අතර, පූඩලු ඔය දෙපස මෙරටට ආවේණික ශාක හා සත්ත්වයින්ගෙන් යුක්ත පරිසර පද්ධතියන් ගෙන් සමන්විතය.

කොත්මලේ කොට්ඨාශය තුළ ජීවත් වන ජනතාව මේ වන විටද විශාල ජල ව්‍යාපෘති දෙකක් වන ඉහළ කොත්මලේ සහ පහළ කොත්මලේ ජල ව්‍යාපෘති නිසා සෙන්ට් ක්ලෙයාර් වැනි දිය ඇළිද, එහි ජෛව විවිධත්වයද, පාරම්පරික ඉඩම්ද නැති කරගෙන ඇත. ඉහළ කොත්මලේ සහ පහළ කොත්මලේ ව්‍යාපෘති නිසා ඉඩම් අහිමි වූවන් වියළි කලාප වල පදිංචි කොට ඔවුන්ගේ ජීවිත අලුතෙන් ආරම්භ කිරීමට සිදුවී ඇත. එමෙන්ම වර්තමානයේ කොත්මලේ ප්‍රදේශයේ සිටින ජනතාවට නියං කාලය පැමිණෙනවාත් සමග පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීමටද නොහැකි වන ලෙස විශාල ජල අර්බුදයක් නිර්මාණය වී ඇත. එයට හේතුව මහා ජල විදුලි බලාගාර ව්‍යාපෘති හා කුඩා ජල විදුලි ව්‍යාපෘති නිසා ප්‍රදේශයේ ජල උල්පත් සිදී යාමය. ඉහත මහා ව්‍යාපෘති සදහා පරිසර තක්සේරු වාර්තා සිදුකලද, පරිසරියට සහ ජනතාවට සිදුවූ විනාශය වලක්වා ගත නොහැකි විය. එම තත්ත්වය පවා නොසලකා කුඩා විදුලි බලාගාර ගණනාවක් ඉදිකිරීමට ගෙන ඇති පියවරයන් නිසා ඉදිරියේදී කොත්මලේ නිම්නයම විශාල ජල අර්බුදයකට ලක්වන අතර සතා සීපාවා ඇතුළු ජෛව විවිධත්වය දැඩි අර්බුදයකට ලක්වේ.

වසරේ දින 365 පුරාම ඇති සූර්ය රශ්මියන් ප්‍රයෝජනයක් නොගෙන, රට වටා ඇති මුහදු රළෙන් ප්‍රයෝජනයක් නොගෙන කදු මුදුන් සිසාරා හමා යන සුළගින් ප්‍රයෝජනයක් නොගෙන දැවැන්ත පරිසර පද්ධති විනාශ කරමින් ඉදිකිරීමට බලාපොරොත්තු වන කුඩා විදුලි බලාගාර වලින් ඇති ප්‍රයෝජනය කුමක්ද? සෑම දිය ඇල්ලකම, ගංගාවකම කුඩා විදුලි බලාගාර අටවා අප ඒවා විනාශ කරගත යුතුද?


මේ පිළිබදව අවධානය යොමු කර, මේ විනාශය නැවැත්වීමට මැදිහත්වන ලෙස සදහන් කරමින් ජනාධිපතිවරයා වෙත කෙරෙන ඉල්ලීමට සහයෝගය ලබාදෙන මෙන් පරිසර හිතකාමී සහෝදර ඔබ සැමට දන්වා සිටිමු.

 අපි එකා මෙන් එකට සිට මෙම මහා විනාශයෙන් කොත්මලේ බේරා ගනිමු.

English Translation

The President, The President’s Secretariat Office, Colombo 01.

 His Excellency the President,

Pundaluoya Hydro Power Project destroys the environment of Kothmale

Mini Hydro Power Stations proposed  to be constructed based on water fed  regions of Kothmale Divisional Secretariat  have exposed the entire Kothmale valley to a serious environmental crisis.
A number of Hydro power Projects based on Pundalu Oya, Puna Oya and  Ramboda Oya have already begun.


Accordingly,  almost all natural water- ways  flowed beautifying Kothmale Division have been used for Hydro power Projects . This has resulted in the destruction of a number of waterfalls that added beauty to the  Kothmale region. Thus, the public of Kothmale region have been  deprived of using these water-ways for their numerous day to day activities.

 It is unavoidable to stop the harm and destruction that may cause to a number of waterfalls  due to the proposed construction of the mini hydro power station at the  lower region of the Pundalu Oya flowing as a natural river.

Many natural ponds have been destroyed and nearly all rivers have dried up due to the construction of the mini hydro power stations  which were based on all rivers in the Kothmale region. The  Pundalu Oya lower region, the only river to be witnessed as a natural river by the future generation is under threat now. Worst of all, the area proposed for the construction of this hydro power project  has been a region vulnerable to earth slips. Many  endemic  hydro organisms find their habitats in natural ecosystems in this  region.
 
The public living in Kothmale region have already lost waterfalls like Saint Claire, its bio diversity and their ancestral lands due to the construction of the two massive water projects, Upper Kothmale and Lower Kothmale. The people who became landless due to the two massive water projects, Upper Kothmale and Lower Kothmale had to start their lives fresh after being resettled  in the dry zone. A serious water crisis which makes it impossible for the residents of Kothmale even to fulfill their requirements of drinking water has been created with the coming of the dry season. The reason for this is the drying of the water springs in the area due to large scale hydro power stations and mini hydro power stations in  the area. The damage caused to the public and the environment could not be prevented although Environmental Assessment Reports have been done for those massive projects.

Action taken to construct many mini hydro power stations  disregarding this situation shall lead the whole Kothmale valley to undergo a serious water crisis and to have effect on the bio diversity as, well.

What use is there of the mini hydro power projects constructed at the cost of causing destruction to the eco system, instead of making use of the rays of the sun available during the 365 days of the year, sea waves found around the country and the wind blowing touching the mountain tops  ? Should we cause destruction to all the water falls and rivers by constructing  mini hydro power stations there ?

We, kindly request you for your  honoured intervention in this regard to stop this destruction.



Today: Samantha is counting on you

Samantha Amarathunga needs your help with “ජනපතිතුමනි : පූඩලු ඔය ජල විදුලි ව්‍යාපෘතිය කොත්මලේ පරිසරය වනසයි!”. Join Samantha and 43 supporters today.