ජනතා අරගලයේ අපේක්ෂාවන් ඉටුකිරීමට බලයක් ගොඩනගමු !

ජනතා අරගලයේ අපේක්ෂාවන් ඉටුකිරීමට බලයක් ගොඩනගමු !
Why this petition matters
ජනතා අරගලයේ අපේක්ෂාවන් ඉටුකිරීමට බලයක් ගොඩනගමු !
Let's build a force to fulfill the expectations of the people's struggle!
ජනතා අරගලයේ මීළඟ පියවර ලෙස ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සිදුකල යුතුව තිබෙන මේ මොහොතේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු දේශපාලන පක්ෂ වල අවධානය සම්පූර්ණයෙන් යොමුවී ඇත්තේ තමන්ගේ ඉදිරි දේශපාලන කටයුතු වලට වාසිදායක පුද්ගලයන් තනතුරු වලට පත්කර ගැනීමට අවශ්‍ය ඔලුගෙඩි ගණන සොයා ගැනීම පමණි. අවම වශයෙන් ජනාධිපති තනතුර පිලිබඳ ඡන්ද විමසීම තව දින තුනකින් ( 2022/07/20) පැවැත්වීමට නියමිතව තිබියදී, මේ වන විට ඒ සඳහා නාමයෝජනා ඉදිරිපත් කර ඇති කිසිවෙකු තමන්ගේ වැඩපිලිවෙලක් ඉදිරිපත් කර නැත.
එබැවින්, සමාජගත වූ යෝජනා වල අඩංගු වූ මූලික කරුණු ආශ්‍රයෙන් සහ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන පහත ඉදිරිපත් කරන යෝජනා වලට සියළු දේශපාලන පක්ශ සහ තනතුරු වලට ඉදිරිපත් වන පුද්ගලයන් එකඟ කරගැනීමටත් ඒ පිලිබඳව පුළුල් මහජන මතයක් ගොඩනැගීමටත් මෙම පෙත්සම අත්සන් කිරීමටත් ඊට උපරිම ප්‍රචාරයක් ලබාදෙන ලෙසත් ඔබගෙන් ඉල්ලා සිටිමු.
As the next step in the people's struggle, where strong democratic reforms are to be carried out, the attention of all the political parties representing the parliament is focused only on finding the number of olugedi needed to appoint people beneficial to their future political activities. While the voting for the post of President is scheduled to be held in three days (2022/07/20), no one who has submitted nominations for it has presented their program.
Therefore, based on the basic facts contained in the socialized proposals and taking into account the current situation, we request you to get all political parties and people running for positions to agree to the following proposals by signing this petition to form a broad public opinion about it & to give maximum publicity to it.
- අනුප්‍රාප්තික ජනාධිපති පත්කිරීම සඳහා විවෘත ඡන්දයක් (An open vote to appoint a successor president)
අනුප්‍රාප්තික ජනාධිපති පත්කිරීම සදහා පවැත්වීමට නියමිත ඡන්ද විමසීමේ දී මහජන නියෝජිතයන්ගේ කාර්ය සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ පවතින මතයන් ඉතා භයානකය. විශේෂයෙන්ම මන්ත්‍රීවරුන් මුදලට ගැනීම, ඇතැම් මන්ත්‍රීවරුන් ඉදිරියේදී විදේශයන්හී පදිංචි වීම සඳහා සැලසුම් සකස් කිරීම හා ඊට පහසුකම් සැලසීම ආදී මතයන් දේශපාලන පක්ෂ වලින්ම ඉදිරිපත් කර ඇත. මෙම තත්ත්වය තුළ පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයක් තුළින් පත්වන ජනාධිපතිවරයාට මහජන පිලිගැනීමක් නොලැබීයාමේ තර්ජනයක් මතුව ඇත. එබැවින් ජනතාවට වගකියන මහජන නියෝජිතයන් ලෙස මෙම ක්‍රියාවලිය පිළිබඳව මහජන විශ්වාසය තහවුරු කිරීම සදහා අවශ්‍ය විනිවිදභාවය ඇතිකරනු පිණිස එම ඡන්ද විමසීම රහස් ඡන්දයක් නොවන පරිදි පැවැත්විම. (The current opinions of the society regarding the role of public representatives in the election to be held for the appointment of the next president are very dangerous. Political parties have expressed opinions about taking MPs for money, making plans for certain MPs to settle abroad and facilitating the same. In this situation, there is a threat that the President, who is elected through a secret vote in the Parliament, will not receive public recognition. Therefore, as public representatives who are accountable to the people, in order to create the necessary transparency to establish public confidence in this process, the polling should not be a secret ballot.) -
මාස 12 කට සීමාවන අන්තර්කාලීන ආණ්ඩුවක් (An interim government for a period of 12 months)
බිහිවීමට නියමිත ආණ්ඩුව අන්තර්කාලීන ආණ්ඩුවක් බැවින් එම ආණ්ඩුවේ කාලසීමාව උපරිම මාස 9-12 ත් අතර කාලයකට සීමාකිරීම සහ එය හැකිතාක් සර්වපාක්ශික ආණ්ඩුවක් බවට පත්කිරීම. අන්තර්කාලීන ආණ්ඩුවේ කාලය අවසානයේ නව ජනමතයක් සඳහා ස්වාධීන මැතිවරණ කොමිසම යටතේ මහ මැතිවරණයක් පැවැත්වීම. (Since the government to be formed is an interim government, limiting the duration of that government to a maximum period of 9-12 months and making it a universal government as much as possible. At the end of the term of the interim government, holding a general election under the Independent Election Commission for a new referendum.)
- සීමිත අමාත්‍ය මණ්ඩලයක් (A limited cabinet)
නව රජයේ අමාත්‍ය මණ්ඩලය උපරිම ඇමතිවරුන් 20 කට සහ නියෝජ්‍ය ඇමතිවරුන් 20කට සීමා කිරීම. රාජ්‍ය ඇමති, ව්‍යාපෘති ඇමති ආදී වෙනත් ඇමති තනතුරු හෝ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති වැනි තනතුරු ඇති නොකිරීම. (Limiting the Cabinet of Ministers of the new Government to a maximum of 20 Ministers and 20 Deputy Ministers. Not creating other ministerial posts like State Minister, Project Minister etc. or District Development Committee Chairman.)
- 21 වන ව්‍යවස්ථා සංශෝධනය (21st Constitutional Amendment)
ජනාධිපති ධුරයේ බලතල අඩුවන, පාර්ලිමේන්තුව ශක්තිමත් වන, නීතියේ ආධිපත්‍ය තහවුරු වන ලෙස 21 වන ව්‍යවස්ථා සංශෝධනය මාස තුනක් ඇතුලත සම්මත කර, ක්‍රියාත්මක වන මට්ටමට පත්කිරීම. (Adoption of the 21st constitutional amendment within three months in order to reduce the powers of the presidency, strengthen the parliament, and establish the rule of law.)
- ජනජීවිතය යථා තත්ත්වයට පත්කිරීමට කඩිනම් වැඩපිලිවෙලක් (A quick program to restore public life)
ජනතාවට කඩිනම් සහන සැලසීම සහ ජනජීවිතය යථා තත්ත්වයට පත්කිරීම සඳහා නිශ්චිත වැඩපිලිවෙලක් සහිත යථාර්තවාදී අයවැයක් මාසයක් තුල ඉදිරිපත් කර සම්මත කිරීම. (To present and pass a realistic budget within a month with a specific program to provide immediate relief to the people and restore people's life.)