Global Sri Lankan Forum

11,973 supporters

    Started 2 petitions

    Victory
    Petitioning අතිගරු ජනාධිපතිතුමා, ජනාධිපති මංදිරය, කොළඹ, ශ්‍රී ලංකාව

    ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ මුලික අරමුණ ජාතීන් ලෙස නොබෙඳුණු ඒකීය ශ්‍රී ලංකාවකි

    යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මහ සංඝයා වහන්සෙලා ප්‍රකාශ කරන ලද  2018 මැයි මස 3 වන දින පැනවූ සංඝ ආඥාව පිළිබඳවයි ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ මුලික අරමුණ ජාතීන් ලෙස නොබෙඳුණු ඒකීය ශ්‍රී ලංකාවකි. ඒ වෙනුවෙන් ලෝකය පුරා විසිර සිටින දේශප්‍රේමී ලාංකික ජනතාව නියෝජනය කරන එකම සංවිධානය ලෙසින් යෝජිත විධායක ජනාධිපති බලතල කප්පාදුවට ගෙන එන 20 වන සංශෝධනය සම්මත වීමට ඉඩ නොතබන ලෙස ඔබතුමාගෙන් නැවතත් ඉල්ලා සිටීමට මෙය අවස්ථාවක් කර ගනිමු.   ශත වර්ෂ 26 ක කාලයක සිටම, එනම් දේවානම්පියතිස්ස රජු බුද්ධාගම වැළඳ ගැනීමටත් පෙරද, එනම් චූලෝදර මහෝදර දෙබෑයින් විසින්ද, නාගද්වීපයේදී මණිඅක්කික නා රජුන් විසින්ද, බුද්ධ ආඥාවට එකඟව අප රටේ පාලනය සිදුවුනි. එසේ නොවූ කාල සියල්ලම අප රට ආරාජිකව පැවතුන අතර එවන් ආරාජිකත්වයෙන් රට මුදවා ගැනීම සඳහා වරින් වර එවකට ජීවත්වු සංඝ පීතෘන් වහන්සේවරුන් ඉදිරිපත්විය. එළාර රජතුමාගෙන් රට ගලවාගනු වස් ගැමුණු රජතුමාට උපදෙස් දුන් මහාරහතන් වහන්සේවරු ප්‍රමුඛ සංඝයා වහන්සේවරුන්ද, වත්මන ඔබතුමා සභාපතිත්වය හොබවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක එස්. ඩ්බ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතානන් හට 1956 වර්ෂයේදී ශක්තියක් වූ සංඝ, වෙද, ගුරු, ගොවි, කම්කරු ආදී වශයෙන් වූ පංච මහා බලවේගය බිහි කලාවූ පුජ්‍ය හේන් පිටගෙදර ඥාණසිංහ නාහිමියන්ද උදාහරණ වශයෙන් සඳහන් කල හැකිය. මෙසේ බලන කල සම්ප්‍රධායානුකූලවම භාවිතයෙන් අප රටේ ජනතාවගේ පරමාදීපත්‍යය රැක ගැනීමේ විධායක බලය පැවතුනේ බුද්ධ පුත්‍රයින් වහන්සේ සතුව බව පැහැදිලිවේ. වර්ෂ 1977 ඇතිකරන ලද්දාවූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් සමගම එම විධායක බලය ක්‍රියාත්මක කිරීමේ ලිඛිත බලය රටේ ජනතාවගෙන් කෙලින්ම තේරී පත්වන ජනාධිපති වරයෙකුට පවරන ලදී. එසේ වුවද රට දෙකඩවන හේතු අණ පනත් ආඥා ඇතිවීමට තුඩු දෙන කල්හි එයින් රට මුදවාගනු වස් වරින් වර සංඝයා වහන්සේ වරුන් ඉදිරිපත් වුන බවත් ඒ අවස්ථා සියල්ලේදී එවකට බලයේ සිටි ජනාධිපති වරුන් එවන්වූ සංඝයාවහන්සේ වරුන්ගේ ඉල්ලීම් වලට ඇහුම්කන් දෙන ලද බවත් සඳහන් කරනු කැමැත්තෙමු. උදාහරණ වශයෙන් පස් අවුරුදු කාලයකට උතුර සහ නැගෙනහිර එකතුකර පාලනය ගෙන යෑමට LTTE ට බලය පැවරෙන කුප්‍රකට පැකේජය සහ සුනාමි සහන මණ්ඩල පනත් ගෙන ඒමට සූදානම් වූ අවස්ථාවන් හිදී වීදි බැස සහ අති පූජ්‍ය දලදා මාලිගාව අභියස භික්ෂූන් වහන්සේවරුන් කරගෙන ගියාවූ නිරාහාරව සිටීමේ සත්‍යග්‍රහ සඳහන් කල හැක. මේ සියලු අවස්ථාවලදී එවකට රාජ්‍යය කලාවූ ජනාධිපති වරුන් විසින් තමා හට ලිඛිතව වසර කිහිපයකට ලැබී තිබුනාවූ විධායක බලය අවිච්චින්නව විධායක බලය හෙබවූ සංඝයා වහන්සේ වරුන්ගේ එකඟත්වය සහ අභිමතයට යටත්ව ක්‍රියාත්මක කරන්නට එකඟවුනි.   පසුගිය කාලය තුලදී වරින් වර තනි තනි වශයෙන් සහ එකතුවද මහා නායක හිමිවරුන් විසින් ඔබතුමා වෙත අප රට මුහුන දී ඇති වර්තමාන තත්ත්වය සහ ඉන් මතුව ඇති බෙදුම් වාදී තර්ජනය පිළිබඳව සිහිපත් කරන ලදී. එම යෝජනා සහ රට වෙනුවෙන් කරන ලද ඉල්ලීම් ඒ අකාරයෙන්ම ඉටු නොවීම පිළිබඳව අප ඉතා කනගාටුවට පත්වන අතර ජාතියක් ලෙසින් රණවිරුවන්ද ඇතුළුව අප සියල්ලන්ටම දීර්ඝ කාලීනව අනියත ප්‍රතිඵල වලට මුහුන දීමට සිදුවන බව ජාත්‍යන්තරයේ අප රටට විරුද්ධව කරුණු පෙළ ගැසෙමින් පවතින අයුරු දකිනවිට ඉතාමත්ම පැහැදිලිව පෙනීයන බව කනගාටුවෙන් වුවද සඳහන් කරනු කැමැත්තෙමු.  දැනටමත් බලාත්මක කර ඇති 13 වන ව්‍යවස්ථාවේ ඒකීය භාවයට හානිකර ප්‍රතිපාදන ක්‍රියාත්මකවීම වැලැක්වී ඇත්තේ රටේ ගරු ජනාධිපතිතුමන් ලෙසින් ඔබතුමා සතු විධායක බලතල නිසා බව ඔබතුමන් පුර්ණ වැටහිමක සිටින බව අප දනිමු. එවන් වාතාවරණයක් තුල 13 වන ව්‍යවස්ථාවේ හානිකර ප්‍රතිපාදනයන්ගේ වෙනසක් සිදු නොකර විධායක බලතල පමණක් ඉවත් කිරීම අප දකිනුයේ බෙදුම්වාදී ජාතිවාදීන් හට වෙනම වූ රටක් බිහිකිරීමට අවශ්‍ය නීතිමය පසුබිම සකස් කිරීමක් ලෙසිනි. මහා සංඝරත්නය මෙලෙස ඔබතුමන් ඇතුළු සමස්ත ජනතාවටම සංඝ ආඥාවක් ලෙසින් දන්වා සිටිනුයේ මෙම යථාර්ථයයි. මේ සමග එම අති උත්තරීතරවූ සංඝ ආඥාවේ පිටපතක් අමුනා ඇති අතර, මෙම සංඝ ආඥාව පනවන ලද්දේ අද දිනයේදී අප රටේ වැඩ වාසය කරන්නාවූ අතිපූජනීය සංඝ පීතෘවරයන් වහන්සේ වරුන් විසින් බව සඳහන් කරනු කැමැත්තෙමු.   රටේ ඒකීය භාවය වෙනුවෙන් කටයුතු කිරීමට කැපවී  සිටින ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ඔබතුමන්ගෙන් ඉල්ලා සිටිනුයේ එම අති උත්තරිතර සංඝ ආඥාව අනුව, පෙර සිටි රජවරුන් සහ ජනාධිපතිවරුන් කලාසේ  ජාතියේ මුරදේවතාවුන් වන මහා සංඝරත්නයේ සහ දේශප්‍රේමී ජනතාවගේ හෘද ස්පන්දනයට සවන්දී මෙම කුමන්ත්‍රණකාරී ව්‍යවස්ථා සංශෝධනය සාකච්ඡාවට හෝ නොගෙන ඉවතලන ලෙසයි.  එසේම අප මව්බිමේ ඒකීයබව රැක ගැනීම උදෙසා අවශ්‍ය වන ශක්තිය, ධෛර්යය, වාසනාව ඔබතුමාට ලැබේවායි පතන අතර, තවද ඊට අවශ්‍යවන ඕනෑම සහයෝගයක් දායකත්වයක් ලබාදීමට අප නොපැකිලෙන බවද අවසාන වශයෙන් සඳහන් කරන්නෙමු. ජාතික නියෝජිත මහ සඟ සමුළුව – සමුළු ප‍්‍රකාශය 2018 මැයි මස 03 දින කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී රැස්වූ ජාතික නියෝජිත මහ සඟ සමුළුව මෙසේ ප‍්‍රකාශ කරන වග යි. 01. පවතින වාතාවරණය තුළ නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නොවන බවට ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා විසින් ආණ්ඩුවට අනුශාසනා කොට ඇති බැවින් ද, 02. ශ‍්‍රී ලංකාවේ පැවති ආණ්ඩුව වෙනස් කිරීමේ උවමනාව සහ ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාව බෙදුම්වාදී බලවේගවලට අවශ්‍ය ආකාරයට සංශෝධනය කිරීම යන උවමනාවන් දෙක ම එකට බැඳී තිබූ බවට ප‍්‍රබල සාක්‍ෂි තිබෙන බැවින් ද, 03. මෑතකාලීනව විශ්වාසභංග යෝජනාව ආශ‍්‍රීතව විවිධ පාර්ශව අතර ඇති කරගන්නා ලද එකගතාවන් තුළ බෙදුම්වාදී බලවේග සතුටු වන ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කළ යුතු බවට කොන්දේසි ඇතුළත්ව තිබූ බවට සාක්‍ෂි තිබෙන බැවින් ද, 04. ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වන බෙදුම්වාදී, ජාතිවාදී පක්‍ෂ වෙනම රාජ්‍යයක් හෙවත් ස්වයංතීරණ අයිතිය දිනා ගැනීමේ අපේක්‍ෂාව අතහැර නොමැති බැවින් සහ ඔවුන් එම උවමනාව වෙනුවෙන් දිගින් දිගට ම පෙනී සිටින බැවින් ද, 05. මීට පෙර ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය හරහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු වාර්තාව තුළ බෙදුම්වාදී ඉලලීම්වලට සුජාතභාවය ලබා දී ඇති බැවින් ද, 06. ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සංයුතිය සහ ක‍්‍රියාකාරීත්වය පිළිබඳව ගොඩනැගුණු මහජන විරෝධය නිසා එම ක‍්‍රියාවලිය අතහැර වෙනත් පාර්ශවයක් මගින් ව්‍යවස්ථා සංශෝධන පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තුළ ව්‍යවස්ථා සංශෝධනයට අදාළව මහජනයා නොමග යැවීමක් සිදුවන බව පැහැදිලි ව පෙනෙන බැවින් ද, 07. 1987 දී 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් නිර්මාණය කළ ඉන්දියාවටත් වඩා බරපතල ෆෙඩරල් ලක්‍ෂණ ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යුහය තුළ ක‍්‍රියාත්මක නොවූයේ එම සංශෝධනය සම්පූර්ණයෙන් ම ක‍්‍රියාත්මක කිරීම වලක්වමින් පනවා ඇති වක‍්‍ර ව්‍යවස්ථාමය බාධක නිසා බව පැහැදිලි ව ඔප්පු වී ඇති බැවින් සහ එම එම බාධක ඉවත් කළ යුතු බවට ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ අතුරු වාර්තා මගින් පිළිගෙන තිබෙන බැවින් ද, 08. ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාව තුළ අඩංගු වන බෙදුම්වාදයට පහසුකම් සලසන ප‍්‍රතිපාදන ක‍්‍රියාත්මක කිරීම වැලැක්වීම සදහා ප‍්‍රධාන වශයෙන්ම වැදගත් වන්නේ විධායක ජනාධිපති බලතල බවට 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව මගින් ප‍්‍රකට වන බැවින් ද, 09. 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි නොකර විධායක ජනාධිපති බලතල පමණක් අහෝසි කිරීම මගින් රට බෙදුම්වාදයේ ගොදුරක් බවට පත්විය හැකි බව පැහැදිලි ව පෙනෙන බැවින් ද, 10. ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම 2015 දී ශ‍්‍රී ලංකාවට එරෙහි ව සම්මත කළ 30/1 යෝජනාව මගින් 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක කළ යුතු බවට කොන්දේසි පනවා ඇති බැවින් සහ ව්‍යවස්ථා සංශෝධනයක් මගින් එම කොන්දේසි වහා ඉටු කරන ලෙසට ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග විසින් දිගින් දිගටම ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුවට බලකරමින් සිටින බැවින් ද, 11. 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ අවස්ථාවේ දී එම සංශෝධනයේ දීර්ඝ නාමයේ අඩංගු නොවූ සංශෝධන රාශියක් කලබලකාරී සහ බලහත්කාරී ආකාරයට සම්මත කිරීම මගින් වැරදි පූර්වාදර්ශයක් ලබා දී ඇති බැවින් සහ මේ වන විට 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන පාර්ශව සහ ඊට සහාය දැක්වීමට අපරික්‍ෂාකාරීව ඉදිරිපත් වන පාර්ශව එම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී සහ ව්‍යවස්ථා විරෝධී ක‍්‍රියාවට නිහඩව සහාය දැක්වූ බැවින් ද, 12. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ නාමයෙන් ගෙන එන 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමේ දී බෙදුම්වාදීන් විසින් සුළු සංශෝධන ලෙස ඔවුන් විසින් නිශ්චිත ව ඉල්ලා සිටින 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සදහා වන සංශෝධන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේ දී අයුතු ලෙස ඇතුඵ කිරීමට පැහැදිලි ඉඩක් තිබෙන බැවින් ද, 13. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සදහා ජනමත විචාරණයක්, අවශ්‍ය වන බැවින් එම යෝජනාව සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක නොකර බෙදුම්වාදීන්ට උවවමනා ප‍්‍රමාණයට පමණක් විධායකය දුර්වල කොට 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම සදහා අවශ්‍ය සෙසු සංශෝධන පමණක් ක‍්‍රියාත්මක කොට ජනමත විචාරණය කල්දැමීම මගින් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට පක්‍ෂපාතී මහජනයා රැවටීම සදහා යම් අරමුණක් යම් පාර්ශවවලට තිබිය හැකි බැවින් ද, 14. බෙදුම්වාදය යුදමය වශයෙන් පරාජය කිරීම සදහා දායක වූ රණවිරුවන්ට දඩුවම් කිරීම සදහා නව පනත් දෙකක් දැනටමත් සම්මත කොට ඇති බැවින් බෙදුම්වාදයට පහසුකම් සලසන ව්‍යවස්ථා සංශෝධනයක් සම්මතවූ පසුව එම පනත් ක‍්‍රියාත්මක කොට ආරක්‍ෂක හමුදා දුර්වල කිරීමේ සහ දුර්මුඛ කිරීමේ උවමනාවක් බෙදුම්වාදී බලවේගවලට තිබෙන බැවින් එවැනි තත්ත්වයක් නිසා රට බෙදුම්වාදයේ ගොදුරක් බවට පත් විය හැකි බැවින් ද, 15. ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලිය තුළ පසු ගිය වසර 3ක කාලය තුළ සිදු වූ රැවටිලිකාරී ප‍්‍රවණතාවන් නිසා එම ක‍්‍රියාවලිය පිළිබඳව පොදු මහජනතාවගේ සහ මහා සංඝරත්නයේ විශ්වාසය බිද වැටී ඇති හෙයින් සහ ජාතික සංවිධාන එම ක‍්‍රියාවලියට දැඩි ලෙස විරෝධය පළ කරන බැවින් ද, 16. බෙදුම්වාදී බලවේගවල සහයෝගය සහ අනුග‍්‍රහය අපේක්‍ෂා කරමින් ඉදිරිපත් කෙරෙන ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියක අනතුරුදායක බව එම යෝජනාව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හෝ ඒ ආකාරයේ වෙනත් යෝජනාවක් සමග ගැටගැසීම මගින් නිවැරදි නොවන බව ඕනෑම රටවැසියකුට තේරුම් ගතහැකි බැවින් ද, යෝජිත 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙසට අදාළ සියලූ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින අතර එම ඉල්ලීම නොසලකා එය පාර්ලිමේන්තුව මගින් සම්මත කිරීමට යම් පාර්ශව උත්සාහ කරන්නේ නම් එය පරාජය කළ යුතු බවට මේ රටේ මහාසංඝරත්නය මෙම ජාතික නියෝජිත මහ සඟ සමුළුව වශයෙන් සියලූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ හිටපු ජනාධිපතිතුමා ඇතුළු පොදු ජනතාවට මෙසේ දන්වා සිටිම්හ. එසේ ම රටේ පොදු ජනතාවගේ අපේක්‍ෂා ඉටු කිරීම සඳහා, විශේෂයෙන් ම සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජනතාවට නීතිය ඉදිරියේ සමානාත්මතාවයෙන් සැලකීම මගින් රටේ පවතින ගැටළු විසඳීම සඳහා අවශ්‍යතාවක් රජයට තිබේ නම් ඒ සදහා පොදු මහජනතාවගේ ආශීර්වාදය ලබාගැනීම සඳහා එම යෝජනා ඉදිරි ප‍්‍රධාන මැතිවරණයක දී ඉදිරිපත් කොට ඊට ජනවරමක් ලබාගැනීම වඩා සුදුසු බව ද මෙම සමුඵව අවධාරණ කර සිටිම්හ. මේ වගට ත්‍රෛයිනිකායික මහා සංඝරත්නය . ශ්‍යාමෝපාලි වාංශික මහානිකායේ අස්‌ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි, ශ්‍යාමෝපාලි වාංශික මහානිකායේ අස්‌ගිරි පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී ආචාර්ය අතිපූජ්‍ය මැදගම ධම්මානන්ද, අමරපුර මහා නිකායේ මහානායක රාජකීය පණ්‌ඩිත ශාස්‌ත්‍රපති ගන්තුනේ අස්‌සජි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක මහාචාර්ය කෝන්ගස්‌තැන්නේ ආනන්ද, කෝට්‌ටේ ශ්‍රී කල්‍යාණි සාමගිර මහා සංඝ සභාවේ අනුනායක හා ප්‍රධාන ලේඛකාධිකාරී මහාචාර්ය අතිපූජ්‍ය කොටපිටියේ රාහුල, ශ්‍යාමෝපාලි මහානිකායේ මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය අනුනායක නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්‌ත යන හිමිවරුන් නියෝජනය කරමින් කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පරිවේණාධිපති අතිපූජ්‍ය බලංගොඩ සෝභිත හිමි    

    Global Sri Lankan Forum
    513 supporters
    Victory
    Petitioning Hon Prime Minister, Hon Ministers, Hon Lords Hon Members of the Parliament of the United Kingdom

    ENFORCE THE PROSCRIPTION ON USING OF LTTE TIGER'S TERRORIST FLAGS AT PUBLIC EVENTS

    In the UK and in some Western countries the LTTE/Tamil Tiger Terrorists’ flags are displayed in public in contravention of UN designation of the LTTE a.k.a as a terrorist outfit on 2 Nov 2001. Further, 32 countries listed LTTE in the same category under the UN proscribed organizations. It is indeed ironical to see how the authorities in some countries turn a blind eye to the LTTE a k a. Tamil Tiger flag while they continue a ban on flags of ISIS and Al Qaida. It is a well-known fact how the LTTE invented the art of suicide bombing and now widely used  kit of the suicide bombers and marshalling of the  child soldiers as cannon fodder, massacring of unarmed civilians  while engaged in atrocious acts of terrorism in Sri Lanka and India. Yet, the LTTE a k a Tamil Tiger fronts are treated with obvious duplicity. Given below is the relevant clause from the UK Terrorism Act 2000, "wear clothing or carry or display articles in public in such a way or in such circumstances as arouse reasonable suspicion that an individual is a member or supporter of the proscribed organisation (section 13)."Clearly displaying the flag of a proscribed organisation is prohibited under this act. Hence the displaying of the LTTE flag is prohibited. With the revelations of the actual numbers killed in Sri Lanka’s war against the LTTE by Lt Col Gash and presented to the British Parliament by Lord Naseby, it is very clear how the war was conducted by the Government of Sri Lanka as against the ruthless killings conducted by the LTTE. The flag of the LTTE has nothing whatsoever do with any cultural or ethnic significance, but a representation of naked terrorism of Tamil Tigers. On the 4 the February 2018 the LTTE flag waving LTTE front activists staged an unruly  demonstration in front of the Sri Lankan High Commission in London while the Police failed to read the law to them   We, therefore appeal to the British political leaders irrespective of the pressures exerted by the biased political groups and heavily funded lobby groups to take a responsible and just decision and BAN THE LTTE a, k.a Tamil Tiger FLAG BEING DIPLAYED IN PUBLIC FUNCTIONS IN THE UK. Global Sri Lankan Forum (GSLF) Note: Please see the following video evidence: https://www.youtube.com/watch?v=7WhDtGLWBzQ https://www.youtube.com/watch?v=4uTiyacA22w  

    Global Sri Lankan Forum
    11,460 supporters